එය 1990දී පැවසුවේ පිබිදෙව්!
මෑතකදී වාර්තා වූ “පිස්සු ගව රෝගයේ” ව්‍යාප්තිය, යුරෝපය පුරා මහත් බියක් ඇති කිරීමට හේතු වුණා. මේ රෝගය මිනිසුන්ට බෝ වෙයි කියා හුඟදෙනෙක් බය වෙනවා. ආසාදිත වූ සතුන්ගේ මස් පරිභෝජනය කිරීමත්, ක්රොයිට්ස්ෆෙල්ට්-යාකොප් නමැති රෝගයේ වර්ධනය වීමත් අතර සම්බන්ධයක් තියෙනවා කියා සමහර අය විශ්වාස කරනවා. ඒ රෝගය, මිනිසාගේ කේන්ද්‍රීය ස්නායු පද්ධතියේ ක්‍රමානුකූලව වර්ධනය වන වැළැක්විය නොහැකි මාරාන්තික රෝගයක්. පිස්සු ගව රෝගයේ ව්‍යාප්තිය ගැන ආරංචිය හැම තැනම පැතිරෙන විට, මස් පරිභෝජනය වේගයෙන් පහළ බැසීම පුදුමයක් නෙවෙයි.
සිත්ගන්නා දෙයක් නම්, ඉතාලි භාෂාවෙන් කලින් කලට පළ කෙරෙන සඟරාවක් වන ටූට්ඕරේඩ්ජෝ නමැති සඟරාවේ 1996 මැයි කලාපයේ, ස්ටේෆාන්යා ෆාරාරි විසින් මේ විදිහට ලියා තිබීමයි: “වර්ෂ 1990දී, මේ විනාශකාරි වසංගතය ගැන කතා කරමින් තිබූ සඟරාවක් අපි සොයාගෙන තියෙනවා; ඒ තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන පිබිදෙව්! සඟරාව.” ඈ සඳහන් කළ සඟරාවේ මාතෘකාව “බ්‍රිතාන්‍යයේ ‘පිස්සු ගව’ උභතෝකෝටිකය” වන අතර, එය 1990 නොවැම්බර් 8 කලාපයේ (ඉංග්‍රීසියෙන්) පළ වුණා. මුල් ඡේද හතර උපුටා දැක්වීමෙන් පසු, “මේ සම්බන්ධව සම්පූර්ණ කාරණය ලොව පුරා මහජනයාගේ අවධානයට යොමු වෙන්න අවුරුදු හයකට කලින්” එය මේ ලිපියේ පළ වී තිබීම ගැන ෆාරාරි ඇගේ විස්මය ප්‍රකාශ කළා. ඈ තවදුරටත් මෙහෙම කිව්වා: “මේ තරම් පුදුම හිතෙන විදිහට අලුත්ම තොරතුරු වාර්තා කර තිබූ 1990 වසරේ පළ වූ මේ ලිපිය දැකලා සමහරු මෙහෙම කියලා තියෙනවා: ‘මේ තරම් බැරෑරුම් මෙන්ම වැදගත් කාරණයක් ගැන යෙහෝවාගේ සාක්ෂිකාරයන් දැනගෙන හිටියා නම්, ඔවුන් එය හැම කෙනෙකුගේම, ඒ අයගේ සභාවට අයිති නැති අයගේ අවධානයට පවා යොමු නොකළේ ඇයි?’ අපි අවංක වෙමු: බයිබලය හා ඔවුන්ගේ සඟරාවේ පළ කරල තිබුණු ඒ ලිපිය පෙන්වමින්, 1990දී යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙක් අපේ දොරට තට්ටු කළා නම්, වෙනස් ආගමක ඉන්න අපෙන් කීදෙනෙක් ඒක බැරෑරුම් ලෙස සලකන්න ඉඩ තිබුණාද?”
“බ්‍රිතාන්‍යයේ ‘පිස්සු ගව’ උභතෝකෝටිකය” නමැති ලිපිය පළ කර තිබූ වසර වූ 1990දී, භාෂා 62කින් පිටපත් මිලියන 12කට ආසන්න සාමාන්‍ය මුද්‍රණයක් පිබිදෙව්! සඟරාවට තිබුණා. මේ කාලෝචිත සඟරාව ලොව පුරා රටවල් 200කට වැඩි ගණනක බෙදාහැරීමෙහිලා යෙහෝවාගේ සාක්ෂිකාරයන් කාර්ය බහුලව සිටියා. අද, භාෂා 82කින් පිටපත් 1,83,50,000ක සාමාන්‍ය මුද්‍රණයක් පිබිදෙව්! සඟරාවට තියෙනවා. මේ සඟරාව ප්‍රයෝජනවත් වන අලුත්ම තොරතුරු ඇතුළත් ලිපි දිගටම පළ කරනවා. පිබිදෙව්! සඟරාවේ ඉදිරි කලාප ලබාගන්න ඔබ කැමති නම්, කරුණාකර ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න; එහෙම නැත්නම් 5වන පිටුවේ දක්වා තිබෙන ළඟම ලිපිනයට ලියන්න.