“ලෝකයේ මෝඩකම් හත”
මොහන්දාස් ගාන්ධි විසින් “ලෝකයේ මෝඩකම් හත” ලෙස නම් කළ ලැයිස්තුවක් පිළියෙළ කරනු ලැබූ බව කියැවේ. ඒවා මතු දැක්වේ:
• වැඩ කිරීමකින් තොරව ධනය
• හෘදය සාක්ෂියකින් තොරව වින්දනය
• චරිතයකින් තොරව දැනුම
• සදාචාරත්වයකින් තොරව වාණිජ්‍යය
• මනුෂ්‍යත්වයකින් තොරව විද්‍යාව
• පරිත්‍යාගයකින් තොරව නමස්කාරය
• ප්‍රතිපත්තියකින් තොරව දේශපාලනය
ඔහුගේ මුණුපුරා වූ අරූන් ගාන්ධි අටවැන්නක් එකතු කළ බවට පැවසේ:
• වගකීම්වලින් තොරව අයිතිවාසිකම්
ඔබට තව කිහිපයක් යෝජනා කරන්ට පුළුවන් විය හැක; නමුත් මේ ලැයිස්තුව සැබවින්ම කල්පනා කිරීමට පොලඹවන්නකි. මෙම “මෝඩකම්” සඳහා බයිබලයේ පිළිතුර ආඥා දෙකක් තුළට සංක්ෂිප්ත කොට තිබේ: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේ.”—මතෙව් 22:37-40.
[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
UPI/Corbis-Bettmann