ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 7/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1996 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • නාට්සි සමූලඝාතන ව්‍යාපාරයක් නැවතත්?
    2001 පිබිදෙව්!
  • යුදෙව් සමූල ඝාතනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?
    බයිබලයෙන් උත්තර
  • නිර්භීත පක්ෂපාත සෙනඟක් නාට්සි පීඩාවලින් ජය ලබයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 7/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

සමූලඝාතනය කිසිවෙකු කිසිදාක සමූලඝාතනය සම්බන්ධව කතා කර නොමැත්තේ මන්ද කියා මම සෑමවිටම කල්පනා කර ඇත්තෙමි. “ද හොලොකෝස්ට්—හූ ස්පෝක් අවුට්?” (සමූලඝාතනය ගැන කතා කළේ කවරෙක්ද?) (1995 අගෝස්තු 22, එවේක්!) යන මැයෙන් යුත් ලිපි මාලාව මගේ ප්‍රශ්නයට උත්තරය දී තිබේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඒ පිළිබඳව කතා කළ අතර, මම මගේ සෙසු සාක්ෂිකරුවන් ගැන බොහෝ සෙයින් ආඩම්බර වෙමි!

සී. බී., එක්සත් ජනපදය

සමූලඝාතනය යන විෂය ඔබ මෙහෙයවූ ආකාරය ගැන ඔබට ශුභ පතන්ට සාමාජිකයෙකු නොවන මට අවසර. මිනිසාගෙන් මිනිසාට වන අමානුෂිකත්වයේ මෙම දුෂ්ට විදහාපෙන්වීම පිළිබඳ නිශ්චිත විෂය බද්ධ කාරණා සහිතව ඔබ සාකච්ඡාව මෙහෙයවූ ආකාරය නිසා, එය මාගේ නෙත ගැටුණු වඩාත්ම අර්ථවත් තොරතුරු රැගත් ලිපිය විය. එම අවස්ථාවේදී ඔබගේ සෙසු සාක්ෂිකරුවන් දැක්වූ ධෛර්යය ගැන ලෝකයා අල්ප වශයෙන් දැනසිටීම කනගාටුවට කරුණකි.

එල්. බී., එංගලන්තය

සාක්සන්හව්සන් කඳවුරේදී මගේ පියාට ඔහුගේ ජීවිතය අහිමි විය. නාට්සීන් විසින් සිරගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මාගේ වැඩිමහල් සහෝදරයාගේ ජීවිතයද අහිමි විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට නාට්සීන් විසින් පීඩා කිරීම සම්බන්ධව පැහැදිලි මතකයන් මට තවමත් තිබේ. මෙලෙස මම ලිපි ගැන මාගේ අගය කිරීම ප්‍රකාශ කර සිටීමට පෙලඹුණෙමි. බොහොම හොඳයි!

එෆ්. ඩී. ජේ., කැනඩාව

මෙම ලිපි මගේ සිතට බෙහෙවින් කාවැදුණේය. එහෙත් “නිහැඬියාව මැද එකම හඬ” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණයි යන්නට මම එකඟ නොවෙමි. හිට්ලර් බලයට පැමිණීමට පෙර, ඔහුට විරුද්ධව කොමියුනිස්ට්වාදීන්ද මනුෂ්‍යයන්ට අනතුරු ඇඟවීය. බොහෝදෙනෙකුව වධක ගාල් කඳවුරුවල සිරගත කරනු ලැබීය.

බී. ඩබ්., ජර්මනිය

හිට්ලර්ට බොහෝ දේශපාලන විරුද්ධකරුවන් සිටි බව එවේක්! එකහෙළාම පිළිගනී. කෙසේවෙතත්, නාට්සි පාලන ක්‍රමය සමඟ සහයෝගීව කටයුතු කළ ආගමික සංවිධානවල අසමත්වීම් ගැන ලිපි විශේෂයෙන් යොමු දැක්වීය. නාට්සීන් විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ මුලික ආගමික විරුද්ධවාදීන් ලෙස හැඳින්වීය. මෙලෙස වධක ගාල් කඳවුරුවල සිරකරුවන් හඳුනාගැනීමේ සංකේතයක් වෙනමම ලැබූ එකම ආගමික කණ්ඩායම වූයේ සාක්ෂිකරුවන් පමණි—එනම් අපකීර්තිමත් දම් ත්‍රිකෝණය.—සංස්.

ජපානයේ භූමිකම්පා “ජැපෑන්ස් සඩ්න් ඩිසාස්ටර්—හව් පීපල් කෝප්ඩ්” (ජපානයේ හදිසි විනාශය—මිනිසුන් සාර්ථකව කටයුතු කළ අන්දම) (1995 අගෝස්තු 22, එවේක්!) යන ලිපිය කියවමින් මම කඳුළු සැලුවෙමි. මට මගේ ප්‍රියතම ක්‍රිස්තියානි සහෝදරියව එම භූමිකම්පාවේදී අහිමි විය. ඇය ඉතාමත් ජ්වලිත වූවාය. ඇයව නැවත නැඟිටුවනු ලබන බවත්, නැවතත් මට ඇයව දකින්ට හැකියාව ලැබෙන බවත් මම දනිමි. අපට සභාවෙන් හා සමිතියෙන් ලැබුණු සියලුම ආත්මික හා ද්‍රව්‍යමය උපකාරවලට මම බොහෝ සෙයින් ස්තුතිපූර්වක වෙමි. කෙසේවෙතත්, එදින සිදු වූයේ කුමක්දැයි සිතන විට, මම තවමත් කඳුළු සලමි.

ටී. එම්., ජපානය

සාක්ෂිකරුවන්ගේ පාර්ශ්වයෙන් ගත් කල, ඔවුන්ගේ සංවිධානාත්මක මෙන්ම කඩිසර ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම මා පුදුමයට පත් කළේය. කොරියාවේ පිහිටි සභාවේ සහෝදරයන්ගේ සැලකිලිමත් පණිවුඩය මා කියෙවූ විට, මම බොහෝ කඳුළු සැලුවෙමි. එතරම් උණුසුම් සංවිධානයකට මම අයිතිව සිටිනවා කියා සිතීමෙන් මම මහත් ප්‍රීතියක් ලැබුවෙමි.

එම්. කේ., ජපානය

ලිංගිකව හිරිහැර විඳීම යෞවනයෝ අසති . . . “සෙක්ෂුවල් හැරැස්මන්ට්—හව් කැන් අයි ප්‍රොටෙක්ට් මයි සෙල්ෆ්?” (ලිංගිකව හිරිහැර විඳීම—මට මාවම ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?) (1995 අගෝස්තු 22, එවේක්!) යන මාතෘකාවෙන් යුත් ලිපියට මම ඔබට ස්තුති කරමි. මට අවුරුදු 17ක් වන අතර, පාසැලේදී ක්‍රිස්තියානි නොවන පිරිමි ළමයෙකු මට හමු විය. මම ඔහුව විශ්වාස කළ මුත්, පසු කලකදී ඔහුත් ඔහුගේ මිතුරෝත් අසභ්‍ය යෝජනා මෙන්ම තර්ජන මගින් මට හිරිහැර කළෝය. තත්වයෙන් මිදීමට මට එම පාසැල අත්හැරීමට සිදු විය. මෙම ලිපියෙන් මම බොහෝ දේ ඉගෙනගතිමි. විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කිරීමට සිදු වන විට, කුමක් කළ යුතුද කියා මම දැන් දනිමි.

ටී. ජී., පෘතුගාලය

හවුල් සේවකයෙකු විසින් මාහට ලිංගිකව හිරිහැර කර, තර්ජනය කරන්ට විය. ළදරුවෙකුව සිටියදීද අතවරයකට ලක් වූ මට, මාවම ආරක්ෂා කරගෙන කටයුතු කිරීම බොහෝවිට අපහසු දෙයක් විය. කෙසේවෙතත්, මට මගේ පාඩුවේ සිටීමට ඉඩ දෙන මෙන් ඔහුගෙන් කිහිප වතාවක්ම මම ඉල්ලා සිටියෙමි. අවසානයේදී මම ඔහු ගැන අපගේ සේවා යෝජකයන්ට වාර්තා කළ අතර, පසුව ඔහු මට මගේ පාඩුවේ ඉන්ට හැරියේය. මම ලිපිය ඇත්තෙන්ම අගය කරමි. මෙම ප්‍රශ්නය හැසිරවිය යුත්තේ කෙසේද කියා කාන්තාවන් දැන සිටිය යුතුය.

වී. ඒ., එක්සත් ජනපදය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න