අමුත්තන්ට ආගන්තුක සත්කාරශීලීභාවය පෙන්වනු ලබන තැනක්
වර්ෂ 1994 සැප්තැම්බර් මස අ.එ.ජ. මිචිගන් නගරයේ එක් පුද්ගලයෙක්, ටෙනෙස්සීහි ලෙබනොන් නගරයේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවට ලීවේය. ඔහු මෙසේ පැහැදිලි කළේය:
“වර්ෂ 1993, ජූනි මස 6වන ඉරුදින, මම ඔබගේ ප්‍රසිද්ධ කථාවට සහ මුරටැඹ පාඩමට පැමිණියා. එය, මම රාජ්‍ය ශාලාවකට ඇතුල් වූ පළමු අවස්ථාව වූ අතර, සිනහාමුසු මුහුණෙන් සිටියා වූ සියල්ලන් දැකීමෙන් සහ මට පෙන්වූ අවංක ආදරයෙන් මම ඇත්තෙන්ම පුදුම වුණා. මම විනාඩි කිහිපයක් ප්‍රමාද වී පැමිණි අතර, ඇතුල් වුණ පසු, තනියම ඉඳගත්තා. එම පෙළේම සිටි එක් තරුණ යුවළක් මට බයිබලයක් දුන් අතර, පසුව, පාඩම සඳහා මුරටැඹ සඟරාවේ කලාපයක්ද දුන්නා.
“රැස්වීම්වලින් පසුව ඔබගෙන් බොහෝදෙනෙක් මා සමඟ කතා කර අතට අත දී, මගේ පැමිණ සිටීම වඩාත් ප්‍රසන්න අද්දැකීමක් බවට පත් කළා. අවසානයේදී මම රාජ්‍ය ශාලාවෙන් පිටත් වන විට, බයිබලය, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා සහ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත් තුන මා රැගෙන ගියා. එම රාත්රියේදී සදාජීවනය පොතේ වැඩි කොටසක් මා කියෙවූ අතර, මම මගේ දෙවියන්වහන්සේට යෙහෝවා යන අලුත් නමක්ද ඉගෙනගත්තා. . . .
“සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු වූ මට පෙන්වූ ආගන්තුක සත්කාරය කොතරම් අගය කළාද කියාත්, විශේෂයෙන්ම . . . මම 1994 ජූලි මස 9වන දින, අවුරුදු 70ක් වූ ළපටි වයසේ බව්තීස්ම ලැබූ බවත් දැනගන්නවාට කැමතියි.”
දෙවියන්වහන්සේට සේවය කිරීම භුක්තිවිඳින අයගේ උණුසුම් ආගන්තුක සත්කාරය ලබාගැනීමට කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න. ඔවුහු ඔබව, ඔබගේ නිවස අසල රාජ්‍ය ශාලාවකට යොමු කරවනු ඇත.