ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 3/8 32 පි.
  • කුණු කසළ තුළ නිධානය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කුණු කසළ තුළ නිධානය
  • 1995 පිබිදෙව්!
1995 පිබිදෙව්!
g95 3/8 32 පි.

කුණු කසළ තුළ නිධානය

හංගේරියාවේ සිටි පුද්ගලයෙක් තමා සොයාගත් දෙය සම්බන්ධයෙන් සිතුවේ එලෙසයි. ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට මෙසේ ලියා පැහැදිලි කළේය:

“ඔබගේ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට මා කැමතියි. මුරටැඹ යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ප්‍රචාරය කරයි සහ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත ඔබගෙන් ලබාගැනීමට මා කැමතියි.

“මෙසේ ඉල්ලා සිටීමට හේතුව මට පැහැදිලි කිරීමට අවසර. මගේ නගරයේ කුණු කසළ රැගෙන යන රථයක මම වැඩ කරමි, මට සඟරාව ලැබුණේ එතැනදීය. මම එය පිසදමා නිවසට රැගෙන ගියෙමි. නිවසේදී මගේ පවුලත් එක්ක මම එය අධ්‍යයනය කළෙමි. අපගේ ස්වල්ප දැනුම වැඩි කිරීමට අපි කැමැත්තෙමු. එනිසා, අපව වටහාගෙන අපට උපකාර කරන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.”

බයිබල් පොත් පත් සහ බයිබලය ගැන වඩා හොඳ දැනුමක් ලබාගැනීමට උපකාරය සඳහා වූ එබඳු ඉල්ලීම්වලට ප්‍රතිචාරය දැක්වීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සතුටු වෙත්. එබැවින්, මුරටැඹ සඟරාවේ පිටපතක් ලබාගැනීමට ඔබ කැමති නම්, එසේ නැතහොත් ඔබගේ නිවසට පැමිණ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොතෙන් ඉදිරිපත් කරන, බයිබලය මත පදනම් වූ බලාපොරොත්තුව සම්බන්ධයෙන් ඔබ සමඟ සාකච්ඡා කරනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න. g94 10/8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න