දෙමව්පියෝ සහ දරුවෝ එක්ව සවන් දෙමින් ඉගෙනගන්නා තැන
ජපානයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
“ගොඩනැගිලි නඩත්තු කිරීමේ සමාගමක් වශයෙන්, අප අප ගැනම ලජ්ජා විය යුතුයි, නමුත් ඔයගොල්ලන් [පිරිසිදු කිරීම] කරන විට වඩා හොඳින් පිරිසිදු කරන බව පෙනෙන්ට තිබෙනවා.” ජපානයේ ෆූකුවෝකා ඩෝම් ක්‍රීඩාංගනය නඩත්තු කිරීමේ සමාගමක වැඩ භාර නිලධාරියා මෙය පැවසුවේ 1993දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සිය “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුව සම්බන්ධයෙන් කළ සූදානම් කිරීම ගැනය. ඊට පෙර වර්ෂයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික් සමුළුව පැවැත්වූ ටෝකියෝ ඩෝම් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන්ද ඔහු කටයුතු කරමින් සිටි අතර ඔහුගේ සිත ඉමහත් සේ පෙලඹුණි. සමුළු අවසානයේදී, ක්‍රීඩාංගනය කුලියට දුන් අවස්ථාවේදී තිබුණාට වඩා එය පිරිසිදුව තිබුණි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “දරුවන්ගේ හැසිරීම විශිෂ්ටව තිබුණා. මට පැවසිය හැක්කේ මෙපමණයි: ‘අතිවිශිෂ්ටයි!’”
ඉකුත් වර්ෂයේ, “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුව තොකමත්සු නගරයෙහිද පැවැත්විණි. සමුළුවට පැමිණෙන අය නිරීක්ෂණය කරමින් සිටි මැදිවියේ-මිනිසෙක් ඔවුන්ගෙන් “ඔයගොල්ලෝ ක්‍රිස්තියානීන්ද?” කියා අසා, මෙසේ තවදුරටත් පැවසුවේය: “ගිය අවුරුද්දෙත් ඔයගොල්ලන්ගේ සමුළුවක් තිබුණා නේද? සමුළුව පැවැත්වෙද්දී ඔයගොල්ලන්ගේ දරුවෝ ඉන්නේ කොහේද?” පැමිණෙන්නන් මෙසේ පැවසූ විට: “ඔවුන් කථාවලට ඇහුම්කන් දෙනවා, තමන්ගේ දෙමව්පියන් සමඟ තමන්ගේම බයිබල් පෙරළා බලනවා,” මිනිසා මෙසේ පැවසීය: “ඒක හොඳයි! මා සෑම ගිම්හානයකදීම ඔයගොල්ලන්ගේ කට්ටිය දකිනවා, ඔයගොල්ලන්ගේ දරුවන්ගේ හොඳ හැසිරීම හැමවිටම මගේ හිතට කාවැදුණා.” දෙමව්පියන් සහ දරුවන් අතර පරම්පරා පරතරය ගැන ඔහුට බොහෝසෙයින් අසන්ට ලැබෙතත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ගේ හැසිරීම මගින් ඔවුන් අතර දෙමව්පිය-දරු සබඳතාව ඉතා හොඳින් තිබෙන බව ඔහු තවදුරටත් නිරීක්ෂණය කළේය.
ඉකුත් වර්ෂයේ, මාකුහාරි මෙස්සහි පැවැත්වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකට පැමිණි කණිෂ්ඨ-පාසැල් ගුරුවරියක්, සමුළු භූමියේ සිටි දරුවන්ගේ ආකල්පය දැකීමෙන් බලවත් සේ පුදුමයට පත්වූවාය. පාසැල, වෙනත් අයගේ කථාවට සවන් දීමෙන් ඉගෙනීමේ ප්‍රගතියක් ලැබිය යුතු තැනක් නමුත් දරුවන් සවන් දීමට කැමැත්තකින් නොසිටි බව ඇයට තේරුම්ගොස් තිබුණි. කෙසේවුවද, සමුළුවේදී ඇය දුටුවේ ඊට වෙනස් දෙයකි. “එම දරුවන් දිගු වේලාවකට අවධානය යොමු කරමින් එක තැන ඉඳගෙන සිටියා. තවද ඊටත් වඩා, ඔවුන්ගේ ඔඩොක්කු මත තියාගෙන ලියන්න සිදු වුණත්, ඔවුන් තම පැන්සල් තදින් අල්ලාගෙන අකුරු හරියට ලියමින් සටහන් ගනිමින් සිටියා. සාක්ෂිකාර ළමයි අනික් ළමයින්ට වඩා වෙනස්, පාසැලේදී පවා ඔවුන්ගේ කථාවේ හා සවන් දීමේ ආකාරය මෙන්ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස්.” එවිට ඈ මෙසේද පැවසුවාය: “මම හිතන විදිහට එසේ වන්නේ ඔවුන්ව දිනපතා පුහුණු කිරීම, යෙහෝවඃවහන්සේට ඔවුන් ප්‍රශංසා කිරීම සහ ඔවුන්ගේ පවුල් එකට එකමුතුව වැඩ කිරීම නිසායි.”
ඉශ්රායෙල්වරුන්, “පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද . . . අසා ඉගෙන[ගන්නා] . . . පිණිසද සෙනඟ රැස්කරපල්ලා,” යන දිව්‍ය අණ පිළිපැද්ද ලෙසම, අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, එනම් බාල මහලු, ස්ත්‍රී පුරුෂ සෑමදෙනම එකට රැස්වී, එකම ඉගැන්වීම ලබති. ඉහත ශුද්ධ ලියවිලි පදය හේතු දක්වමින් තවදුරටත් මෙසේ පවසයි: එසේ කරන්නේ “දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිස[ය].”—ද්විතීය කථාව 31:12, 13. g94 7/22