රක්තකාමතාව ඇති අයට දූෂිත රුධිරය දෙනු ලැබේ
රුධිරය වසරකට-ඩොලර්-බිලියන-දෙකක් උපයා දෙන ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඉන් ලැබෙන ලාභය පසුපස යෑම ප්‍රංශයේ අතිමහත් විපත්තියකට මඟ පාදා තිබේ. ඒඩ්ස්-වලට සම්බන්ධ අසනීපයන්හිදී, HIV-වෛරසයෙන් දූෂිත වූ රුධිරය රක්තකාමතාව (හීමෝෆීලියාව) ඇති 250දෙනෙකුගේ මරණයට හේතු විය, එමෙන්ම තවත් සියගණනක් ආසාදනය වීමද සිදුවිය.—ද බොස්ටන් ග්ලෝබ්, 1992 ඔක්තෝබර් 28, 4වන පිටුව.
වෛද්‍ය නොසැලකිලිමත්භාවයේ සහ වාණිජ්‍යමය ගිජුකමේ “කම්පිත කරවන මිශ්‍රණයක්” ජර්මානු ජාතික රක්තකාමතා රෝගීන් 400දෙනෙකුගේ පමණ මරණයට මඟ පෑදීය, තවද HIV-වලින් දූෂිත වූ රුධිරය නිසා අඩුම තරමින් 2,000දෙනෙක් ආසාදිත වූහ.—ගාර්ඩියන් වීක්ලි, 1993 අගෝස්තු 22, 7 පිටුව.
කැනඩාවටම රුධිර සම්බන්ධ අවනම්බුවක් තිබේ. HIV-වලින් දූෂිත වූ රුධිරයෙන් කැනේඩියානු රක්තකාමතා රෝගීන් 700කටත් අධික පිරිසකට ප්‍රතිකාර කරනු ලැබූ බව ගණන් බලා තිබේ. රතු කුරුස සංවිධානය මගින් ඒඩ්ස්-වලින් දූෂිත වූ රුධිරය කැනේඩියානු රක්තකාමතා රෝගීන්ට බෙදා දෙනු ලබන බව, 1984දී කැනේඩියානු ආණ්ඩුවට අනතුරු අඟවන ලදි, නමුත්, වසරක් ගතවන තුරු, එනම් 1985 අගෝස්තු මස වන තුරු දූෂිත වූ රුධිර නිෂ්පාදන වෙළඳ පොළෙන් ඉවත් කරනු ලැබුවේ නැත.—ද ග්ලෝබ් ඇන්ඩ් මේල්, 1993 ජූලි 22, A21 පිටුව සහ ද මෙඩිකල් පෝස්ට්, 1993 මාර්තු 30, 26වන පිටුව.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, 1980 ගණන්වල රුධිර සහ රුධිර ප්ලාස්මා ප්‍රවේශන නිසා ඒඩ්ස් රෝගයෙන් ආසාදිත වූ රක්තකාමතා රෝගීන් 74දෙනෙකුට ස්පාඤ්ඤය වන්දි ගෙවන්නට යන බව, 1993 අප්‍රියෙල් 21වෙනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සිට ලැබූ රොයිටර් මුදාහැරීමක සඳහන් විය. දැනටමත් 400කටත් අධික පිරිසක් ඒඩ්ස් බෝවීමෙන් මියගොස් ඇත.—ද නිව් යෝර්ක් ටයිම්ස්, 1993 අප්‍රියෙල් 22, A13 පිටුව.
වර්ෂ 1982 අගභාගයේදී පමණ, රෝග මර්දක මධ්‍යස්ථානය මගින් NHF (රක්තකාමතාව සඳහා ජාතික අමාත්‍යාංශය) රුධිර කැටගැසීමේ VIIIවන කාරකයේ තිබෙන උවදුරු ගැන අනතුරු අඟවන්නට පටන් ගැනුණි—එහි එක් ප්රවේශනයක රුධිර දායකයන් 20,000කගේ රුධිර සාන්ද්‍රණයක් තිබිය හැකි අතර, මොවුන්ගෙන් එක්කෙනෙකුගේ රුධිරයේ පමණක් ඒඩ්ස් වෛරසය තිබුණොත් එම එන්නත එම රෝගයෙන් දූෂිත විය හැකිය. වර්ෂ 1983 මාර්තු මාසයේදී වඩා බලවත් අනතුරු ඇඟවීමක් නිකුත් විය, නමුත් එම වසරේම මැයි මාසයේදී, “කැටිගැසීමේ කාරකයේ භාවිතය දිගටම පවත්වා ගැනීමට NHF උනන්දු කරයි” යන සිරස්තලයෙන් යුත් ප්රවෘත්ති නිවේදනයක් NHF මගින් නිකුත් විය. ඒවන විට මරණ සංඛ්‍යාව වැඩිවෙමින් පැවතුණි, ඇරත් දහස් සංඛ්‍යාත පිරිසක් අවදානමට ලක් වෙමින් සිටියහ. මෙම කැටිගැසීමේ කාරකය, රක්තකාමතා රෝගීන් බේරී ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය නොවීය; ප්‍රතිකාර සඳහා වෙනත් විකල්ප තිබුණි. ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට තිබුණි. වර්ෂ 1985 වන විට, එම කාරකය රත් කිරීමෙන් ආරක්ෂා සහිත කරගත හැකි බව ඖෂධ සමාගම් මගින් සොයා ගන්නා ලදි. එසේ වුවත්, රත් නොකළ ලේඛනගත වූ කාරක තොග තවමත් අලෙවි කරනු ලැබීය.—ඩේට්ලයින් NBC, 1993 දෙසැම්බර් 14. g94 5/22
[9 පිටුවෙහි හිමිකම් වගන්තිය]
CDC, Atlanta, Ga.