ඔබ තනිවූ, දොම්නසින් සිටින පක්ෂියෙක්ද?
පක්ෂීන් සඳහා රූපශ්‍රීය තේරීමේ තරඟයකින්—වර්ණය නිසාවත්, සියුම් මෝස්තරය නිසාවත්—මෙම පක්ෂියා ජය නොගනු ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාහි දුඹුරු පැහැතිවූවන්, හරියට IIවන ලෝක යුද්ධයේ ජර්මන් ස්ටූකා අහස් යානා මෙන් උන් මාලු ඇල්ලීමට කිමිදෙනවා මා දැක තිබේ.a චිලි රටේ උන් කලු පියාපත් හා ශරීර ඇති සුදු පැහැති පක්ෂීන්ය. (ඡායාරූපය බලන්න.) සමහරවිට උන්ගේ ආහාර ජීරණය සම්පූර්ණ කරමින්—පැසිෆික්හි වැල්පරයිසොවල පර්වත මත උන් දොම්නසින් ගිමන් හරිමින් සිටියහ.
ඌට රාත්තල් 30 දක්වා බරින්ද අඩි පහකට වඩා දිගින්ද අඩි දහයක පියාපත් පරතරයක් සහිතවද සිටිය හැක. ඌ විශාලතම පක්ෂීන්ගෙන් එකෙකි. පොළොව මත සිටින විට ඌ අශෝභන හා හාස්‍යජනකය; ඉගිළෙන විට බැලීමට ප්‍රිය උපදවන, පෙනෙනාකාරයට අවම ප්‍රයත්නයකින් පියාඹන පක්ෂියෙකි. ඌ ආහාර ගන්නා විට, මාලු සමඟ වතුර ගැලුම් තුනක් හොටෙන් ගැනීමට ඌට හැක! ඌ මොන පක්ෂියාද? ඌ නම් කරවැල් කොකාය.
ලෝකයේ බොහෝ කොටස්වල ඇති විල්, ගංගා හා මුහුදුබඩ තීරය ඔස්සේ කරවැල් කොකා දක්නට ලැබේ. උගේ දිග හොට හා විශාල මඩිය උගේ මාලු ඇල්ලීමේ විශේෂිත ක්‍රමයට අනුව පූර්ණ ලෙස සැලසුම් කර ඇත. ඌ ජලය තුළ ගිලී, උගේ මඩිය ජලයෙන් හා මාලුන්ගෙන් පුරවයි. එවිට ඌ විගස ජලය ඉවත් කරවන අතර නවතම ආහාරය ගිල දමයි.
කරවැල් කොක්කු ගැන බයිබලයේ වාර ගණනක්ම සඳහන් වී ඇත. හුදකලා, පාලු ස්ථානවලට මෙම පක්ෂියාගේ ලැදිකම නිසා, සම්පූර්ණ පාළුවීමේ සංකේතයක් වශයෙන් බයිබලයේ ඌ ගැන සඳහන්වේ. (යෙසායා 34:11, NW; ශෙපනියා 2:13, 14) ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් නමැති බයිබල් විශ්වකෝෂයෙහි මෙසේ සඳහන් වේ: “කරවැල් කොකා කෑමෙන් පිරී සිටින විට, බොහෝ විට හුදකලා ස්ථානයකට පියාසර කරන අතර, එහිදී ඌ උගේ හිස උගේ කරවල් අතර සඟවාගෙන දොම්නසකින් සිටින ස්වරූපයක් දරයි. . . . එක් වේලාවකදී මෙම පක්ෂියා මෙම ස්වභාවයෙන් පැය ගණනක් සිටින බැවින්, ගීතිකාකරු සිය ශෝකයේ තීව්‍රතාව නිදසුනක් වශයෙන් දක්වන විට ඔහු යොමු දැක්වූ මෙම දොම්නසේ අක්‍රියාකාරිත්වය යෝග්‍ය වේ: ‘මම වනයේ කරවැල්කොකෙකු සමානයෙමි.’ (ගීතාවලිය 102:6)” එබැවින් ඔබ කවදා හෝ හුදකලාවී, දොම්නසෙන් සිටින්නෙහි නම්, ඔබද කරවැල් කොකෙකු මෙන් සමාන විය හැකි බව මතක තබාගන්න!—සපයන ලදි. g94 5/8
[පාදසටහන්වල]
a ඉංග්‍රීසි W අකුරේ හැඩයට සමාන තටු සහිත වේගයෙන් පහතට ඇදී යන බෝම්බ ප්‍රහාරක යුන්කර්ස් යූ 87 යානය.
[24 පිටුවෙහි ඇති පින්තූරය]
චිලිහි කරවැල් කොක්කු.
චිත්‍රය: ෆ්ලොරිඩා දුඹුරු කරවැල් කොකා