නිසි වේලාවේ දී උපකාරය
“ළමා දූෂණයේ කැලැල් සුව කිරීම” සම්බන්ධයෙන් වූ එවේක්! (පිබිදෙව්!) සඟරාව පිළිබඳ ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ස්තුති පූර්වක වීම සඳහා ස්ත්‍රියක් ඕස්ට්‍රේලියාවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලීවා ය. ඈ මෙසේ පැහැදිලි කළා ය:
“මට වයස 12ක් ව සිටිය දී, මගේ මවගේ පෙම්වතා මා ව ලිංගික ව දූෂණය කළා. සිදු වෙමින් තිබුණු දෙය වැරදි බව මම දැනගෙන සිටියා. කෙසේ වුවත්, මම නරක ලෙස හැසිරුණු බවත්, වැරදි දෙයක් කර ඇති බවත් සිතුන සෑම අවස්ථාවක දී ම, මෙය දෙවියන් වහන්සේ මට දඬුවම් කරන ආකාරයක් ලෙස හැඟුණා. සිදු වන්නට යන්නේ කුමක්දැයි හොඳින් ම දැන සිටීමෙන් හා මෙම මිනිසා ව බැහැ දැකීම ගැන සිතීමෙන් පමණක් ම මගේ හෘදය ඉමහත් වේදනාවකට පත් වුණා. නමුත් මුදල් වෙනුවෙන් මගේ මව ඔහුගේ රාගාධික ආශාවන් ඉටු කර ගැනීමට ඔහුට ඇගේ අනුමැතිය දී තිබුණු නිසා මට යන්නට ම සිදු වුණා. මා ව ඒ විදිහට යවන්නට මගේ මවට හැකි වුණේ කෙසේ ද? මගේ හැඟීම් තද කරගෙන ජීවිතයට සහ දෙවියන් වහන්සේට වෛර කිරීමට මම ඉගෙන ගත්තා.
“මට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකුට කථා කරන්නට ලැබුණේ 1992 දී. මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඉගෙන ගත් වැදගත් ම දෙය වූයේ යෙහෝවඃ දෙවියන් වහන්සේ අප සියල්ලන්ට ම ප්‍රේම කරන බවත්, උන් වහන්සේ මට දඬුවම් නොකරන බවත් ය.
“ඉතින් මෙම ලිපිය ලියන්නේ 1992 මාර්තු 8, ‘ළමා දූෂණයේ කැලැල්’ සම්බන්ධයෙන් වූ ඔබේ එවේක්! (පිබිදෙව්!) ලිපිවලට ස්තුති කිරීම සඳහායි.
“මම මගේ ජීවිතය යෙහෝවඃ වහන්සේට කැප කර තිබෙන අතර එන අවුරුද්දේ බව්තීස්ම වීමට කල්පනා කරමි.”
මාස දෙකක් තුළ දී ඉහත සඳහන් පිබිදෙව්! කලාපයට පමණක් ස්තුති කිරීමේ ලිපි දහසකටත් වඩා පිබිදෙව්! සඟරාවට ලැබුණි. කෙසේ වුවද, අද දින ගැටලුවලට මුහුණ දෙන ආකාරය පාඨකයන්ට පෙන්වනවාට වඩා වැඩි වැදගත් දෙයක් කෙරෙහි එනම් සියලු රෝග සුව කරන සාමකාමී සුරක්ෂිත නව ලොවක් සම්බන්ධයෙන් වූ යේසුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව මත පදනම් වන මැවුම්කරුවාණන්ගේ සැපයුම කෙරෙහි පිබිදෙව්! මගින් විශ්වාසය ගොඩ නගයි. නව ලෝකය ගැන වැඩි දුරට දැනගැනීමට හෝ නොමිලේ බයිබල් පාඩමක් ලබා ගැනීමට ඔබ කැමති නම් වොච්ටවර්, 62 ලෙයාර්ඩ්ස් පාර, කොළඹ 5ට හෝ 5ස් වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට ලියන්න. g93 11/22