ලෝක ආණ්ඩුව—පිළිතුර එක්සත් ජාතීන් ද?
මෑත වර්ෂවල දී එක්සත් ජාතීන්, යළිත් විශ්වාසය හා අගය කිරීම ලෝකයෙන් දිනාගෙන ඇත. මිලියන ගණන් අයට “UN” යන කෙටි දැක්වීම වික්‍රමවත් රූපාකාරයන් උපදවයි: එනම් සාමය ඇති කිරීම සඳහා ලෝකයෙහි ගැටලු පවතින ස්ථානවලට වහා නිර්භීත ව යන්නා වූ කුඩා නිල් හිස් වැසුම් පැළඳි යුද්ධ භටයන්, අප්‍රිකාවේ සාගතයෙන් පෙළෙන සරණාගතයන්ට ආහාර ගෙන යන සහන සේවකයන් හා නව ලෝක ක්‍රමයක් ස්ථාපිත කිරීමට පරාර්ථකාමී ලෙස සේවය කරන කැප වූ පුරුෂයන්ගේ සහ ස්ත්රීන්ගේ රූපාකාරයන් ය.
ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්රිබ්යූන් හි වාර්තා වී තිබෙන පරිදි, ද වොෂින්ටන් පෝස්ට් මගින් භාර ගනු ලැබූ මාස-නවයක පරීක්ෂණයකට අනුව, රූපයට පිටු පස තිබෙන යථාර්ථය වනාහි “විශාල වූ ද පාලනයක් නැති වූ ද, නිලබල ක්රමයකි, තව ද එහි බලපෑමෙන් යුත් බව අඩපණ කරන පීඩාවන්ට හා ඌනතාවයන්ට එය ගොදුරු වේ.” දැන් සහ කලින් සිටි UN නිලධාරීන් සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවන් සහ දහස් ගණන් පිටුවලින් යුත් ලිය කියවිලි මත පදනම් වූ අධ්‍යයනයකින් පහත දැක්වෙන පින්තූරය හෙළි විය.
අප්‍රිකාවට ආධාර: යුද්ධයෙන්, සාගතයෙන්, අගහිඟකම්වලින් හා රෝගවලින් පීඩාවට පත් වූ මහාද්වීපයක් වන අප්‍රිකාව තුළට ඉතා අවශ්‍ය වූ ආධාර ඩොලර් බිලියන ගණන් UN විසින් යොදවා ඇත. ගණන් කළ නොහැකි ජීවිත ගණනක් ගැලවී ඇත.
එහෙත්, අනිසි පාලනය, අතපසු කිරීම හා ඇතැම් අවස්ථාවල දී දූෂණය හේතුවෙන් දහස් ගණන් ජීවිත හා ඩොලර් මිලියන ගණන් අහිමි වී ඇත. සෑම දිනක ම බොහෝ ජනයා මිය ගොස් ඇති, සාගතයෙන්-පහර ලැබූ සෝමාලියාව තුළට UN විසින් සහනාධාර සපයා ඇත. එහෙත් මානව අයිතිවාසිකම් සෝදිසි කරන විධායක අධ්‍යක්ෂක ආරු නෙයුර්, මෙසේ පවසමින් ට්රිබ්යූන් හි සටහන් කළේ මෙසේ ය: “එක්සත් ජාතීන් හා එහි විවිධ සංවිධාන සෝමාලියාවේ අභාග්‍ය සම්පන්න තත්ත්වය තුරන් කිරීමට උත්සාහ දැරීමේ දී කොතරම් ප්‍රබල ලෙස නොසැලකිල්ලෙන් හා අදක්ෂ ලෙස කටයුතු කර ඇත් ද කිවතොත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් කාර්ය භාරයක් ඉටු නොකළා තරම් ය.”
ඇතැම් UN නිලධාරීන්, ආහාර ආධාර වෙනතකට යොමු කිරීමට, මහජන හිතකාමී සහාය තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමට, වංචනික ව තමන්ට දේවල් සපයා ගැනීමට, වැඩි මිලට විකිණීමට සහ වංචනික ලෙස මුදල්-හුවමාරු කිරීමට සම්බන්ධ වී ඇති බවක් වාර්තාව චෝදනා කළේ ය. හතකට නොඅඩු අප්‍රිකානු රටවලින් UN පරීක්ෂකයෝ එවැනි වංචාවන් පිළිබඳ සාක්ෂි සොයා ගත්හ.
සාමය පැවැත්වීම: එක් දහස් නවසිය හතළිස් පහේ UN පිහිටෙවූ දා පටන්, ප්‍රධාන ගැටුම් සියයකට වඩා තිබී ඇතත්, යුද්ධයෙන් මිලියන 20ක ජනතාවක් ඝාතනය කර ඇතත්, එහි මූලික අභිමතාර්ථය සාමය පැවැත්වීම වේ. කෙසේ වුවද, 1987 පටන්, UN සාමය පැවැත්වීමේ මෙහෙය වීම් 13ක් දියත් කර ඇත, ඊට පෙර එහි මුළු ඉතිහාසයේ ම තිබුණේ මීට සමාන ගණනකි.
යුද්ධයෙන් සිදුවන මහත් හානිය නිසා මෙම මෙහෙය වීම්වලට වැයවන වියදම සුදුසු යයි ඇතැමුන් වාද කළ හැකි අතර, දේවල් බොහෝ දුරදිග ගොස් ඇති බවට බොහෝ දෙනා චෝදනා නගති. උදාහරණයක් ලෙස, ගිවිස ගැනීම් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙන අතරතුරේ ඩොලර් මිලියන සිය ගණන් කා දමමින්, දශක ගණනාවක් පුරා සාමය පැවැත්වීමේ මෙහෙය වීම් පැවත ඇත. රූපවාහිනි හා වීඩියෝ යන්ත්‍ර සඳහා කාම්භෝජයෙහි එක්සත් ජාතීන්ගේ සාමය පැවැත්වීම් මෙහෙයේ සොල්දාදුවන් සඳහා ඩොලර් මිලියන 1කට වඩා වෙන් කරන අතර සඟරා සහ ප්රවෘත්ති පත්‍ර දායක සඳහා තවත් $60,000ක් වෙන් කරයි.
ප්‍රතිසංස්කරණය: එක්සත් ජාතීන් අතරෙහි ම ප්‍රතිසංස්කරණය කළ යුතු බවට හඬ නැගීම් පැතිර පවතින නමුත් ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් විවිධ මත ඇත. තීරණ-ගැනීමේ ක්‍රියාවලිය තුළ වඩාත් බලතල ලැබීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉල්ලා සිටී, තව ද ආර්ථික හා සමාජීය වැඩසටහන් ව්‍යාප්ත කිරීමට ද ඔවුහු කැමති වෙති. කාර්මික ජාතීන්ට මෙම වැඩසටහන් අඩු කිරීමට හා දූෂණය, අනිසි පාලනය සහ නාස්තිය කෙළවර කිරීමට වුවමනා ය.
ජ්‍යේෂ්ඨ UN නිලධාරියෙක් මෙසේ පැවසී ය: “සැබවින් ම ප්‍රතිසංස්කරණය වීමට, නිලබල ක්‍රමයක් තුළ සම්පූර්ණයෙන් ම කළ නොහැකි යමක් කිරීමට ඔබට අවශ්‍යයි: එනම් සම්පූර්ණ පිරිසිදු කිරීමක් කිරීමට අවශ්‍යයි. අර්ථවත් යමක් කිරීමට, එනම් වර්ෂ 45ක් පුරා පැවති බාධක සූරා දැමීමට බාධා රාශියකි.”
මිනිස් වර්ගයාගේ කටයුතු අධීක්ෂණය කිරීමට තනි ආණ්ඩු පාලනයක අවශ්‍යතාවය ක්‍රිස්තියානින් දකින අතර, ඊට පිළිතුර වන්නේ එක්සත් ජාතීන් යයි ඔවුහු විශ්වාස නොකරති. ඒ වෙනුවට, යේසුස් වහන්සේ තම අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට පැවසූ ආණ්ඩුව, එනම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි ඔවුහු බලා සිටිති.—මතෙව් 6:10. g93 9/22