යොහන්ට කරපු එළිදරව්ව
1 මේ, යේසුස් ක්‍රිස්තුස් කරපු එළිදරව්වක්.* ඒ එළිදරව්ව ඔහුට දුන්නේ දෙවියන්.+ දෙවියන් ඔහුට ඒක දුන්නේ තව ටික කාලෙකින් වෙන්න තියෙන දේවල් තමන්ගේ දාසයන්ට පෙන්නන්නයි.+ යේසුස්* ඒ එළිදරව්ව තමන්ගේ දේවදූතයෙක්ව යවලා සංකේත මාර්ගයෙන් ඔහුගේ දාසයෙක් වන යොහන්ට+ පෙන්නුවා. 2 මං දැක්ක හැම දෙයක් ගැනම, ඒ කියන්නේ දෙවියන් දුන්න පණිවිඩය සහ යේසුස් ක්‍රිස්තුස් දැනුම් දුන්න හැම දේම ගැන යොහන් වන මම සාක්ෂි දැරුවා. 3 මේ අනාවැකියේ තියෙන දේවල් ශබ්ද නඟලා කියවන, ඒකට ඇහුම්කන් දෙන සහ ඒකේ ලියලා තියෙන දේවල් පිළිපදින අයට ලොකු සතුටක්+ අද්දකින්න පුළුවන්. මොකද නියමිත කාලය ළඟයි.
4 මේ ලිපිය ලියන්නේ යොහන්. මේක ලියන්නේ ආසියා පළාතේ තියෙන සභා හතටයි.+
“දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න තැනැත්තාගෙන්”+ ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් ලැබෙන්න කියලා මම පතනවා! ඒ වගේම ඔහුගේ සිංහාසනය ඉස්සරහා තියෙන බලයන් හත+ මාර්ගයෙනුත් 5 යේසුස් ක්‍රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි.
අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි. 6 ඔහු අපිව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ ඔහුගේ දෙවියන් සහ පියාණන් වෙනුවෙන් සේවය කරන්න අපිව පූජකයන්+ විදිහට පත් කළා. ඒ හැම දේම කරපු ඔහුට සදාකාලයටම තේජසත් බලයත් හිමි වේවා! ආමෙන්!*
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එනවා.+ හැම කෙනෙක්ම ඔහුව දකිනවා. ඔහුට හෙල්ලයෙන් ඇනපු අයත් ඔහුව දකිනවා. පොළොවේ ඉන්න හැම ගෝත්‍රයකටම අයිති අය ඔහු නිසා වේදනාවෙන් එයාලාගේ පපුවට ගහගන්නවා.+ ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා. ආමෙන්!*
8 යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.”
9 යොහන් වන මම ඔයාලාගේ සහෝදරයා. මාත් ඔයාලා වගේම යේසුස්ගේ අනුගාමිකයෙක් නිසා පීඩාවලට+ මුහුණ දෙනවා, විඳදරාගෙන ඉන්නවා.+ ඒ වගේම ඔයාලා එක්ක රාජ්‍යයේ පාලනයට+ හවුල් වෙනවා. මං දැන් ඉන්නේ පැට්මොස් දූපතේ. ඒ, මං දෙවියන් ගැන කතා කරපු නිසා. යේසුස්+ ගැන සාක්ෂි දරපු නිසා. 10 දෙවියන් ඔහුගේ බලයෙන් මාව ස්වාමීන්ගේ දවසට අරන් ගියා. මගේ පිටිපස්සෙන් මට කටහඬක් ඇහුණා. ඒක හොරණෑවකින් එන හඬ වගේ ප්‍රබල හඬක්. 11 ඒ හඬ මට මෙහෙම කිව්වා. “ඔයා දකින දේ ලියවිල්ලක ලියලා එෆීසය,+ ස්මර්ණාව,+ පර්ගමම්,+ තියතීරා,+ සාදිස්,+ ෆිලදෙල්ෆියා+ සහ ලවෝදිසිය+ කියන තැන්වල තියෙන සභා හතට යවන්න.”
12 කතා කරන්නේ කවුද කියලා බලන්න හැරිලා බලද්දී රත්තරන්වලින් හදපු පහන් රුක් හතක්+ මම දැක්කා. 13 ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙක්+ වගේ කෙනෙක් හිටියා. ඔහු ඇඳගෙන හිටියේ ගොඩක් දිග ඇඳුමක්. ඔහුගේ පපුව වටේට රත්තරන් පටියක් බැඳලා තිබුණා. 14 ඔහුගේ කොණ්ඩේ ලොම් වගෙත් හිම වගෙත් සුදුයි. ඔහුගේ ඇස් ගිනිදලු වගේ.+ 15 ඔහුගේ කකුල්* උදුනක දැල්වෙන ඉස්තරම් තඹ+ වගේ. ඔහුගේ කටහඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. 16 ඔහුගේ දකුණු අතේ තාරකා හතක්+ තිබුණා. ඔහුගේ කටින් හුඟක් දිග, තියුණු, දෙමුවහත් කඩුවක්+ නික්මුණා. ඔහුගේ මූණ මහ දවල් දීප්තියෙන් බැබළෙන ඉර වගේ.+ 17 ඔහුව දැක්කාම මම හරියට මැරුණ කෙනෙක් වගේ ඔහුගේ කකුල් ළඟ වැටුණා.
එතකොට ඔහු තමන්ගේ දකුණු අතින් මාව අල්ලලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. පළවෙනියාත්+ අන්තිමයාත්+ මමයි. 18 ජීවමානව ඉන්න කෙනා මමයි.+ මම මැරුණා.+ ඒත් බලන්න දැන් මම සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙනවා.+ මරණයෙත් මිනී වළෙත් යතුරු තියෙන්නේ මං ළඟ.+ 19 ඉතින් ඔයා දැක්ක දේවලුත් දැන් සිද්ධ වෙන දේවලුත් සිද්ධ වෙන්න තියෙන දේවලුත් ලියාගන්න. 20 මගේ දකුණු අතේ තියෙනවා ඔයා දැක්ක තාරකා හතත් රත්තරන්වලින් හදපු පහන් රුක් හතත් පරිශුද්ධ රහසක්. ඒ තාරකා හතෙන් නියෝජනය වෙන්නේ සභා හතේ දේවදූතයන්ව. පහන් රුක් හතෙන් නියෝජනය වෙන්නේ සභා හත.+
2 “එෆීසයේ+ තියෙන සභාවේ දූතයාට+ මෙහෙම ලියන්න. තමන්ගේ දකුණු අතේ තාරකා හත තියාගෙන, රත්තරන්වලින් හදපු පහන් රුක් හත අතරේ ඇවිදින කෙනා+ කියන්නේ මෙහෙමයි. 2 ‘ඔයාලා කරන දේවලුත් ඔයාලා මහන්සි වෙන විදිහත් ඔයාලා විඳදරාගන්න විදිහත් මම දන්නවා. ඒ වගේම නරක මිනිස්සුන්ට ඔයාලා කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. තමන් යේසුස්ගේ නියෝජිතයන්* කියලා බොරුවට කියාගන්න අය+ ගැන හොයලා බලලා එයාලා බොරුකාරයන් කියලා ඔයාලා හොයාගෙන තියෙනවා කියලත් මං දන්නවා. 3 ඔයාලා දිගටම විඳදරාගන්නවා. මගේ නම වෙනුවෙන් ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නත්+ ඔයාලා උත්සාහය අත්හරින්නේ නැහැ. වෙහෙසට පත් වෙන්නෙත් නැහැ.+ 4 ඒත් ඔයාලාගේ එක වරදක් තියෙනවා. ඒ තමයි ඔයාලා ළඟ මුලින් තිබුණ ආදරේ දැන් නැති වෙලා ගිහින්.
5 “‘ඒ නිසා මේ තත්වයට වැටෙන්න කලින් ඔයාලා හිටියේ මොන වගේ තත්වයකද කියලා මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඔයාලා කලින් කරපු විදිහටම ආයෙත් දේවල් කරන්න. ඔයාලා පසුතැවිලි වෙලා+ එහෙම කළේ නැත්නම් මම ඇවිත් ඔයාලාගේ පහන් රුක+ ඒක තියෙන තැනින් අයින් කරනවා. 6 ඒත් ඔයාලා කරන හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා නිකලායස්ගේ නිකායේ+ අය කරන දේවල් පිළිකුල් කරන එක. මමත් ඒ දේවල් පිළිකුල් කරනවා. 7 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.*+ ජය ගන්න කෙනාට+ දෙවියන්ගේ පාරාදීසයේ තියෙන ජීවන වෘක්ෂයෙන්+ කන්න මම අවස්ථාව දෙනවා.’
8 “ස්මර්ණාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. මැරුණත් දැන් ආයෙත් ජීවත් වෙන,+ ‘පළවෙනියාත් අන්තිමයාත්’+ වෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි. 9 ‘ඔයාලා කොච්චර පීඩා විඳිනවාද කියලත් ඔයාලට කොච්චර අගහිඟකම් තියෙනවාද කියලත් මම දන්නවා. ඒත් ඇත්තටම ඔයාලා පොහොසත්.+ යුදෙව්වන් කියලා කියාගන්න සමහරු ඔයාලට අපහාස කරනවා කියලත් මං දන්නවා. ඒත් එයාලා යුදෙව්වන් නෙමෙයි. එයාලා සාතන්ගේ සිනගෝගයට+ අයිති අය. 10 ඔයාලට ඉස්සරහට දුක් විඳින්න වෙනවා. ඒත් ඒ ගැන බය වෙන්න එපා.+ බලන්න! යක්ෂයා ඔයාලාගෙන් සමහර අයව හිරේට දායි. ඒකෙන් ඔයාලව සම්පූර්ණයෙන්ම සෝදිසියට ලක් වෙනවා. ඔයාලා විඳින පීඩා දවස් දහයක් පුරාම තියෙනවා. මැරෙන්න සිද්ධ වුණත් අන්තිමය වෙන කල්ම විශ්වාසවන්තව ඉන්න. එතකොට මම ඔයාලට ජීවනයේ ඔටුන්න දෙනවා.+ 11 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ ජය ගන්න කෙනා+ කවදාවත් දෙවෙනි මරණය+ අද්දකින්නේ නැහැ.’
12 “පර්ගමම්වල තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. හුඟක් දිග, තියුණු, දෙමුවහත් කඩුවක්+ තියෙන තැනැත්තා මෙහෙම කියනවා. 13 ‘ඔයාලා ජීවත් වෙන්නේ කොහෙද කියලා මම දන්නවා. ඔයාලා ඉන්නේ සාතන්ගේ සිංහාසනය තියෙන තැන. ඒත් ඔයාලා මං ගැන ලැජ්ජා වෙන්නේ නැතුව දිගටම මගේ නම දරනවා.+ ඔයාලට මං ගැන විශ්වාසයක් තියෙනවා කියන දේ ඔයාලා කවදාවත් හංගගෙන හිටියේ නැහැ.+ සාතන් වාසය කරන ඔයාලාගේ නගරයේදී මගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්+ වුණ අන්තිපස්ව මරලා දැම්මා.+ ඒ දවස්වලදීවත් ඔයාලා මාව විශ්වාස කරනවා කියන දේ හැංගුවේ නැහැ.
14 “‘ඒත් ඔයාලාගේ වැරදි කීපයක් මං දකිනවා. ඔයාලා අතරේ බාලාම්ගේ+ ඉගැන්වීම් පිළිගන්න අය ඉන්නවා. බාලාම් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවන්න කරන්න ඕනෙ මොනවාද කියලා බාලාක්ට+ කියලා දුන්නා. එයා නිසා තමයි ඊශ්‍රායෙල්වරු රූපවලට පූජා කරපු දේවල් කෑමට ගත්තේ. ලිංගික දුරාචාරයේ*+ යෙදුණේ. ඒ දේවල් ඔයාලට මතක ඇති. 15 ඒ විතරක් නෙමෙයි, නිකලායස්ගේ නිකායේ+ ඉගැන්වීම් පිළිගන්න අයත් ඔයාලා අතරේ ඉන්නවා. 16 ඉතින් දැන් පසුතැවිලි වෙන්න. ඔයාලා පසුතැවිලි වුණේ නැත්නම් මම ඉක්මනින්ම ඔයාලා අතරට ඇවිත් මගේ කටින් නික්මෙන දිග කඩුවෙන්+ ඒ අයට විරුද්ධව සටන් කරනවා.
17 “‘දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ ජය ගන්න කෙනාට+ හංගලා තියෙන මන්නාවලින් කොටසක්+ මම දෙනවා. මං එයාට සුදු ගල් කැටයකුත් දෙනවා. ඒ ගල් කැටයේ අලුත් නමක් ලියලා තියෙනවා. ඒ නම ලැබෙන කෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ නම ගැන දන්නේ නැහැ.’
18 “තියතීරාවල+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ගිනිදලු වගේ ඇස් තියෙන,+ ඉස්තරම් තඹ වගේ පාද+ තියෙන දෙවියන්ගේ පුතා කියන්නේ මෙහෙමයි. 19 ‘ඔයාලා කරන දේවල් ගැන මං දන්නවා. ඔයාලා පෙන්නන ආදරය, ඔයාලට තියෙන විශ්වාසය, ඔයාලා කරන සේවය සහ ඔයාලා විඳදරාගන්න විදිහ ගැනත් මං දන්නවා. ළඟකදී ඉඳන් ඔයාලා ඉස්සරටත් වඩා හොඳින් දේවල් කරනවා කියලත් මං දැක්කා.
20 “‘ඒත් ඔයාලාගේ එක වරදක් තියෙනවා. ඒ තමයි තමන්ට ඕනෙ විදිහට වැඩ කරන්න ඔයාලා යෙසබෙල්+ කියන ස්ත්‍රියට ඉඩ දීලා තියෙන එක. එයා කියන්නේ එයා අනාගතවක්තෘවරියක් කියලා. ඒත් එයා මගේ දාසයන්ව රවට්ටලා ලිංගික දුරාචාරයේ*+ යෙදෙන්න කියලත් රූපවලට පූජා කරපු දේවල් කෑමට ගන්න කියලත් එයාලට උගන්වනවා. 21 පසුතැවිලි වෙන්න මං එයාට කාලයක් දුන්නත් එයා වෙනස් වෙන්න කැමති නැහැ. එයා දිගටම ලිංගික දුරාචාරයේ* යෙදෙනවා. 22 බලන්න! ඇඳෙන් නැඟිටගන්න බැරි වෙන තරමට මං එයාව ලෙඩෙක් කරනවා. එයාත් එක්ක අනාචාරයේ* යෙදෙන අය පසුතැවිලි වුණේ නැත්නම් මම එයාලට දරුණු පීඩාවලින් පහර දෙනවා. 23 යෙසබෙල්ගේ දරුවන්ටත් මං දරුණු වසංගතවලින් පහර දීලා එයාලව මරලා දානවා. එතකොට හැම සභාවකම ඉන්න අය දැනගනී මිනිස්සුන්ගේ හිත් සහ ඇතුළාන්ත සිතුවිලි* සෝදිසි කරලා බලන කෙනා මමයි කියලා. ඔයාලා එක් එක් කෙනාට ඔයාලා කරන දේවල්වලට අනුව මම ප්‍රතිඵල දෙනවා.+
24 “‘ඒත් තියතීරා සභාවේ ඉන්න හැමෝම එහෙම නැහැ. එයාලට මං මෙහෙම කියනවා. ඔයාලා යෙසබෙල්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. “සාතන්ගේ ගැඹුරු දේවල්”+ විදිහට අනිත් අය මහ ඉහළින් සලකන දේවල් ගැන දැනගන්න ඔයාලා කැමති නැහැ. ඒ නිසා මං ඔයාලා පිටට වෙන කිසිම බරක් පටවන්නේ නැහැ. 25 මං ඔයාලාගෙන් ඉල්ලන්නේ මං එන කල් ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න+ කියලා විතරයි. 26 මං කියපු දේවල් අන්තිම වෙන කල් පිළිපැදලා ජය ගන්න කෙනාට ජාතීන්ව පාලනය කරන්න මම බලය දෙනවා.+ 27 මගේ පියාණන් මට බලය දුන්නා වගේ මම එයාටත් බලය දෙනවා. එයා එඬේරෙක් වගේ යකඩ සැරයටියකින්+ ජාතීන්ව පාලනය කරයි. මැටි භාජන වගේ එයාලව කෑලි කෑලිවලට කඩලා දායි. 28 ජය ගන්න කෙනාට මම පහන් තාරකාව දෙනවා.+ 29 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’
3 “සාදිස්වල තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. දෙවියන්ගේ බලයන් හත+ සහ තාරකා හත+ තියෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි. ‘ඔයාලා කරන දේවල් ගැන මං හොඳටම දන්නවා. ඔයාලා ජීවත් වෙනවා වගේ පේන්න තිබුණත් ඔයාලා ඇත්තටම මැරිලා.+ 2 හොයලා බලද්දී මං දැනගත්තා මගේ දෙවියන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාලා ඒ විදිහටම කරලා නැහැ කියලා. ඒ නිසා සෝදිසියෙන් ඉඳලා+ මරණාසන්නව ඉන්න අයව* ශක්තිමත් කරන්න. 3 ඒ වගේම ඔයාලා අහපු දේවල් ගැන, ඔයාලට ලැබුණ දේවල් ගැන නිතරම මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඒවා දිගටම පිළිපදින්න. ඇත්තටම ඔයාලා අවදි වුණේ නැත්නම් මං ඔයාලා ළඟට හොරෙක් වගේ එනවා.+ එතකොට මං එන්නේ මොන පැයේද කියලා ඔයාලට කොහොමටවත් දැනගන්න බැරි වෙයි.+
4 “‘ඒත් තමන්ගේ ඇඳුම් අපවිත්‍ර කරගත්තේ නැති+ ටිකදෙනෙක් සාදිස්වල ඉන්නවා. ඒ අයට සුදු ඇඳුම් ඇඳගෙන+ මාත් එක්ක ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද ඒ ගෞරවය ලබන්න එයාලා සුදුසුයි. 5 ජය ගන්න කෙනාට+ සුදු ඇඳුම්+ අන්දනවා. මම එයාගේ නම ජීවන ලියවිල්ලෙන්+ කවදාවත් මකලා දාන්නේ නැහැ. මම මගේ පියාණන් ඉස්සරහත් ඔහුගේ දූතයන් ඉස්සරහත්+ ඒ කෙනාව පිළිගන්නවා. 6 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’
7 “ෆිලදෙල්ෆියාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ශුද්ධ,+ සැබෑ,+ දාවිත්ගේ යතුර තියෙන,+ කාටවත් වහන්න බැරි විදිහට දොරවල් අරින සහ කාටවත් අරින්න බැරි විදිහට දොරවල් වහන කෙනා කියන්නේ මෙහෙමයි. 8 ‘මං ඔයාලා කරන දේවල් දන්නවා. බලන්න! මං ඔයාලා ඉස්සරහා දොරක් ඇරලා තියෙනවා.+ ඒක කාටවත් වහලා දාන්න බැහැ. මං දන්නවා ඔයාලට ගොඩක් ශක්තිය නැහැ කියලා. ඒත් ඔයාලා මං කියපු දේවල් දිගටම පිළිපදිනවා කියලත් මට* ද්‍රෝහි වුණේ නැහැ කියලත් මං දන්නවා. 9 බලන්න! සාතන්ගේ සිනගෝගයට අයිති අය තමන් යුදෙව්වන් කියලා කියාගත්තත් එයාලා ඇත්තටම යුදෙව්වන් නෙමෙයි.+ එයාලා කියන්නේ බොරු. බලන්න! ඔයාලා ඉස්සරහට ඇවිත් ඔයාලාගේ කකුල් ළඟ වැටෙන්න මං එයාලට සලස්වනවා. එතකොට මං ඔයාලට ආදරෙයි කියලා එයාලට දැනගන්න සිද්ධ වෙනවා. 10 මං විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා. ඔයාලත් ඒ විදිහටම විඳදරාගන්නවා.*+ ඒ නිසා පොළොවේ ඉන්න අයව සෝදිසියට ලක් වෙන පැයේදී+ මං ඔයාලව ආරක්ෂා කරනවා. මිනිස්සුන්ව සෝදිසියට ලක් වෙන ඒ පැය මුළු පොළොවටම බලපානවා. 11 මම ඉක්මනින්ම එනවා.+ ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න. එතකොට ඔයාලාගේ ඔටුන්න+ ඔයාලාගෙන් පැහැරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙයි.
12 “‘ජය ගන්න කෙනාව මං මගේ දෙවියන්ගේ මාලිගාවේ කණුවක් වෙන්න සලස්වනවා. එයා කවදාවත් ඒ මාලිගාවෙන් එළියට යන්නේ නැහැ. මං මගේ දෙවියන්ගේ නමත්+ මගේ දෙවියන්ගේ නුවරේ නමත් එයා මත ලියනවා. ස්වර්ගයෙන් දෙවියන් වෙතින් බැහැලා එන ඒ නුවරේ නම අලුත් යෙරුසලම.+ මගේ අලුත් නමත්+ මං එයා මත ලියනවා. 13 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’
14 “ලවෝදිසියේ+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. විශ්වාසවන්ත, සැබෑ+ සාක්ෂිකරුත්+ දෙවියන්ගේ මුල්ම නිර්මාණයත්+ වන ආමෙන්+ කියන නමින් හඳුන්වන තැනැත්තා කියන්නේ මෙහෙමයි. 15 ‘මම ඔයාලා කරන දේවල් දන්නවා. ඔයාලා තුළ සීතලක්වත් රස්නයක්වත් නැහැ. ඔයාලා තුළ සීතලක් හරි රස්නයක් හරි තිබුණා නම් මම ඒ ගැන සතුටු වෙනවා. 16 ඒත් ඔයාලා තුළ සීතලක්වත්+ රස්නයක්වත්+ නැහැ. ඔයාලා ඇල්මැරිලා. ඒ නිසා මම ඔයාලව වමාරනවා. 17 මොකද ඔයාලා කියනවා “මං හුඟක් පොහොසත්.+ මං හුඟක් ධන සම්පත් එකතු කරගෙන තියෙනවා. මට කිසිම දේකින් අඩුවක් නැහැ” කියලා. ඒත් ඔයාලා ඉන්නේ මොන තරම් දුක් වෙන්න ඕනෙ, අනුකම්පා කරන්න ඕනෙ තත්වයකද! ඔයාලා දුප්පත්, අන්ධ, නිරුවත්ව ඉන්න අය කියලා ඔයාලවත් දන්නේ නැහැ. 18 ඉතින් මං ඔයාලට දෙන මේ අවවාදය හිතට ගන්න. ගින්නෙන් පවිත්‍ර කරපු රත්තරන් මගෙන් මිල දී ගන්න. එතකොට ඔයාලට පොහොසත් වෙන්න පුළුවන්. මගෙන් සුදු ඇඳුම් මිල දී අරන් ඔයාලාගේ නිරුවත වහගන්න. එතකොට අනිත් අය ඉස්සරහා ඔයාලට ලැජ්ජා වෙන්න වෙන්නේ නැහැ.+ ඒ වගේම ඇස්වලට ගාන බෙහෙත්+ මගෙන් මිල දී අරන් ඒවා ඔයාලාගේ ඇස්වල ගාගන්න. එතකොට ඔයාලාගේ පෙනීම ආයෙත් ලැබෙයි.+
19 “‘මම අවවාද කරන්නෙත් හික්මවීම් ලබා දෙන්නෙත් මං ආදරේ කරන අයටයි.+ ඒ නිසා උද්‍යෝගයෙන් වැඩ කරන්න. ඔයාලා කරපු දේ ගැන පසුතැවිලි වෙන්න.+ 20 බලන්න, මං දොරකඩ ළඟට වෙලා තට්ටු කරකරයි ඉන්නේ. කෙනෙක් මගේ හඬට ඇහුම්කන් දීලා දොර ඇරියොත්, මං එයාගේ ගේ ඇතුළට ගිහින් එයා එක්ක රෑ කෑම* ගන්නවා. එයාත් මං එක්ක කෑම කනවා. 21 මම ජය අරන් මගේ පියාණන් එක්ක ඔහුගේ සිංහාසනයේ ඉඳගත්ත+ විදිහටම ජය ගන්න කෙනාටත්+ මාත් එක්ක මගේ සිංහාසනයේ ඉඳගන්න+ මං අවස්ථාව දෙනවා. 22 දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.’”
4 ඊටපස්සේ, ඇරපු දොරක් ස්වර්ගයේ තියෙනවා මම දැක්කා. මට මුලින්ම ඇහුණු කටහඬ හොරණෑවක හඬ වගේ. ඒ කටහඬ මට මෙහෙම කිව්වා. “මෙතනට නැඟලා එන්න. ඉස්සරහට වෙන්න යන දේවල් මම ඔයාට පෙන්නන්නම්.” 2 ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය මං තුළ ක්‍රියාත්මක වෙනවා මට දැනුණා. බලන්න! ස්වර්ගයේ සිංහාසනයක් තියෙනවා මං දැක්කා. ඒ සිංහාසනයේ කෙනෙක් ඉඳගෙන හිටියා.+ 3 ඉඳගෙන හිටිය තැනැත්තාගේ පෙනුම+ හරියට ජැස්පර් ගලක්+ සහ සාඩියස් ගලක්* වගේ. සිංහාසනය වටේටම දේදුන්නක් තිබුණා. ඒක හරියට මරකත මැණිකක් වගේ.
4 සිංහාසනය වටේට තවත් සිංහාසන 24ක් තිබුණා. ඒ සිංහාසනවල වැඩිමහල්ලෝ 24දෙනෙක්+ ඉඳගෙන ඉන්නවා මං දැක්කා. එයාලා සුදු ඇඳුම් ඇඳගෙන රත්තරන් ඔටුනු පැලඳගෙන හිටියා. 5 සිංහාසනයෙන් අකුණු සැර+ පිට වුණා. එතනින් කටහඬවල් සහ ගිගුරුම් හඬවල්+ ඇහුණා. මං දැක්කා සිංහාසනය ඉස්සරහා පහන් හතක් දල්වලා තියෙනවා. ඒවාවලින් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ බලයන් හතයි.+ 6 සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ.
සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා. 7 පළවෙනි ජීවියා සිංහයෙක්+ වගේ. දෙවෙනි ජීවියා වස්සෙක්+ වගේ. තුන්වෙනි ජීවියාගේ+ මූණ හරියට මිනිසෙක්ගේ මූණ වගේ. හතරවෙනි ජීවියා+ පියාඹන රාජාලියෙක්+ වගේ. 8 ජීවීන් හතරදෙනාටම පියාපත් හය ගාණේ තිබුණා. ඒ පියාපත්වල යටත්, උඩත් ඒ කියන්නේ පියාපත් පුරාම ඇස් තිබුණා.+ ඒ ජීවීන් රෑ දවල් දෙකේම නවත්තන්නේ නැතුව මෙහෙම කියනවා. “අතීතයේ ඉඳන්ම හිටිය, දැනුත් ජීවමානව ඉන්න, ඉස්සරහට එන්න ඉන්න+ සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියන් ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි.”+
9 සිංහාසනයේ ඉඳගෙන ඉන්න, සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන+ තැනැත්තාට තියෙන තේජස, ගෞරවය ගැන කියලා ඒ ජීවීන් ඔහුට ප්‍රශංසා කරන, ස්තුති කරන හැම වෙලාවකම, 10 වැඩිමහල්ලෝ 24දෙනා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා ඉස්සරහා දණින් වැටිලා, සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන ඒ තැනැත්තාට නමස්කාර කරනවා. එයාලා තමන්ගේ ඔටුනු සිංහාසනය ඉස්සරහට වීසි කරලා මෙහෙම කියනවා. 11 “අපේ දෙවි වන යෙහෝවා,* සියලු තේජසත් ගෞරවයත්+ බලයත්+ ලබන්න වටින තැනැත්තා ඔබයි. මොකද හැම දෙයක්ම නිර්මාණය කළේ ඔබයි.+ ඒවා නිර්මාණය කළෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසයි.”
5 සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතේ අකුළන ලියවිල්ලක් තියෙනවා මම දැක්කා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම* ලියලා තිබුණා. ඒක මුද්‍රා හතකින් තදින් මුද්‍රා කරලයි තිබුණේ. 2 ඒ වගේම මම දැක්කා ශක්තිමත් දේවදූතයෙක් කෑගහලා මෙහෙම අහනවා. “මේ ලියවිල්ලේ මුද්‍රා කඩන්නත් ඒක දිගහරින්නත් සුදුසු කෙනා කවුද?” 3 ඒත් ඒ ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් පුළුවන් කිසිම කෙනෙක් ස්වර්ගයෙවත් පොළොවෙවත් පොළොව යටවත් හිටියේ නැහැ. 4 ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් සුදුසු කිසිම කෙනෙක්ව හොයාගන්න බැරි වුණ නිසා මම හොඳටම ඇඬුවා. 5 එතකොට එක වැඩිමහල්ලෙක් මට මෙහෙම කිව්වා. “අඬන්න එපා. බලන්න! දාවිත්ගේ+ මුල+ ඒ කියන්නේ, යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා+ ජය අරන් ඉන්නේ.+ ඒ නිසා ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් ඒක දිගහැරලා බලන්නත් ඔහු සුදුසුයි.”
6 සිංහාසනය ළඟත්* ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන්+ අතරෙත් බැටළු පැටියෙක් හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ බැටළු පැටියාව+ මම දැක්කේ හරියට මරලා දාලා+ වගෙයි. ඒ බැටළු පැටියාට අං හතකුයි, ඇස් හතකුයි තිබුණා. ඒ ඇස්වලින් නියෝජනය වෙන්නේ පොළොව පුරාම යවපු දෙවියන්ගේ බලයන් හතයි.+ 7 බැටළු පැටියා ඉක්මනටම ගිහින් සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතෙන් ලියවිල්ල ගත්තා. 8 බැටළු පැටියා ලියවිල්ල ගත්තාම ජීවීන් හතරදෙනායි, වැඩිමහල්ලෝ 24දෙනායි+ බැටළු පැටියා ඉස්සරහා දණින් වැටුණා. ඒ වැඩිමහල්ලෝ හැම කෙනෙක් ගාවම වීණාවක් සහ සුවඳ ද්‍රව්‍යවලින් පිරුණු රත්තරන් බඳුන් තිබුණා. (ඒ සුවඳ ද්‍රව්‍යවලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන් කරන යාච්ඤා.)+ 9 එයාලා අලුත් ගීතිකාවක් ගායනා කරකර+ මෙහෙම කිව්වා. “ලියවිල්ල ගන්නත් ඒකේ මුද්‍රා කඩන්නත් සුදුසු තැනැත්තා ඔබයි. මොකද ඔබව මරලා දැම්මා. ඔබ ඔබේ ලේවලින් හැම ගෝත්‍රයකම ඉන්න, හැම භාෂාවක්ම කතා කරන, හැම ජනවර්ගයකටම සහ ජාතියකටම අයිති+ අය අතරෙන් මිනිස්සුන්ව දෙවියන් වෙනුවෙන් මිල දී ගත්තා.+ 10 ඔබ එයාලව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ අපේ දෙවියන් වෙනුවෙන් සේවය කරන්න පූජකයන්+ විදිහට පත් කළා. ඉස්සරහට පොළොවේ රජකම+ එයාලට භාර දෙනවා.”
11 මම බලද්දී සිංහාසනය වටෙත් ජීවීන් සහ වැඩිමහල්ලෝ වටෙත් ඉන්න දේවදූතයන් විශාල පිරිසකගේ හඬ මට ඇහුණා. එතන දේවදූතයන් දසදහස් ගාණක්,+ මිලියන සිය ගාණක් හිටියා.* 12 එයාලා කෑගහලා මෙහෙම කිව්වා. “මරලා දාපු බැටළු පැටියා+ සියලු බලයත් වස්තුවත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් තේජසත් ආශීර්වාදත් ලබන්න වටිනවා.”+
13 එතකොට ස්වර්ගයෙත් පොළොවෙත් පොළොව යටත්+ මුහුදෙත් ඉන්න හැම ජීවියෙක්ම සහ ඒවාවල තියෙන හැම දෙයක්ම මෙහෙම කියනවා මට ඇහුණා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාටත්+ බැටළු පැටියාටත්+ සදාකාලයෙන් සදාකාලයටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත්+ තේජසත් බලයත් ලැබේවා!”+ 14 එයාලා එහෙම කියද්දී ජීවීන් හතරදෙනා “ආමෙන්”* කියලා කිව්වා. වැඩිමහල්ලෝ දණින් වැටිලා නමස්කාර කළා.
6 බැටළු පැටියා+ මුද්‍රා හතෙන් එකක් කඩනවා+ මම දැක්කා. එතකොට ජීවීන් හතරදෙනාගෙන් කෙනෙක්+ ගිගුරුමක් වගේ හඬකින් කතා කරලා “එන්න” කියලා කිව්වා. 2 බලන්න! සුදු පාට අශ්වයෙක්+ ආවා. ඌ පිට ඉඳගෙන හිටපු තැනැත්තාට දුන්නක් තිබුණා. ඔහුට ඔටුන්නක් දෙනවාත්+ මං දැක්කා. ජය අත් කරගනිමින් ඔහු පිටත් වුණා. ඒ, සම්පූර්ණ ජයක් ලබාගන්නයි.+
3 ඔහු දෙවෙනි මුද්‍රාව කැඩුවා. එතකොට දෙවෙනි ජීවියා+ “එන්න” කියලා කියනවා මට ඇහුණා. 4 ඒ වෙලාවේ තවත් අශ්වයෙක් එළියට ආවා. ඌ ගින්දර පාට අශ්වයෙක්. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාට පොළොවේ සාමය නැති කරලා දාන්න අවසර දුන්නා. එහෙම කළේ මිනිස්සුන්ට එකිනෙකාව මරලා දාන්න ඉඩ දෙන්නයි. ඒ කෙනාට ලොකු කඩුවකුත් දුන්නා.+
5 ඔහු තුන්වෙනි මුද්‍රාව+ කඩද්දී තුන්වෙනි ජීවියා+ “එන්න” කියලා කිව්වා. බලන්න! කලු පාට අශ්වයෙක් ආවා. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාගේ අතේ තරාදියක් තිබුණා. 6 එතකොට කවුරු හරි කතා කරන හඬක් මට ඇහුණා. ජීවීන් හතරදෙනා ඉන්න තැනින් ආපු ඒ හඬ මෙහෙම කිව්වා. “තිරිඟු කිලෝ එකක* ගාණ ඩිනාරියයි.*+ බාර්ලි කිලෝ තුනක* ගාණ ඩිනාරියයි. ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් හානියක් කරන්න එපා.”+
7 ඔහු හතරවෙනි මුද්‍රාව කඩද්දී හතරවෙනි ජීවියා+ “එන්න” කියලා කියනවා මට ඇහුණා. 8 බලන්න! ඊළඟට ආවේ සුදුමැලි අශ්වයෙක්. ඌ පිට ඉඳගෙන හිටපු කෙනාගේ නම මරණය. මිනී වළත් ඒ පිටිපස්සෙන්ම ආවා. පොළොවෙන් හතරෙන් කොටසක් පුරා බලය පතුරුවන්න එයාලට අවසර දුන්නා. එහෙම කළේ දිග කඩුවකිනුත් ආහාර හිඟකම්වලිනුත්+ මාරාන්තික වසංගතවලිනුත් පොළොවේ වනසත්තු ලවාත් මිනිස්සුන්ව මරලා දාන්නයි.+
9 ඔහු පස්වෙනි මුද්‍රාව කඩද්දී මරලා දාපු අයගේ ලේ*+ පූජාසනය යට+ තියෙනවා මං දැක්කා. එයාලව මරලා දැම්මේ දෙවියන් කියන දේවල් එයාලා පිළිපැද්ද නිසයි. දෙවියන් කියපු දේවල් ගැන සාක්ෂි දරපු නිසයි.+ 10 එයාලාගේ ලේ කෑගහලා මෙහෙම ඇහුවා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවේ ඉන්න අයව විනිශ්චය කරලා අපිව මරලා දාපු එකට එයාලට දඬුවම් කරන්න ඔබ තව කොච්චර කල් බලන් ඉන්නවාද?”+ 11 ඊටපස්සේ ස්වාමීන් ඒ එක් එක් කෙනාට සුදු ඇඳුමක් දීලා+ මෙහෙම කිව්වා. “ඔයාලාගේ සහෝදරයන්, ඒ කියන්නේ ඔයාලා එක්ක සේවය කරන ඉතුරු දාසයන්ගේ ගාණ සම්පූර්ණ වෙන කල් තව ටික කාලයක් බලන් ඉන්න. මොකද ඔයාලව මරලා දාපු විදිහටම එයාලවත් මරලා දාන්නයි යන්නේ.”+
12 ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දැක්කා. ඒත් එක්කම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඉර සම්පූර්ණයෙන්ම කලු පාටට හැරුණා. ඒකේ පාට හරියට සත්ව ලොම්වලින්* හදපු ගෝණි රෙද්දක පාට වගේ. හඳත් සම්පූර්ණයෙන්ම ලේ පාටට හැරුණා.+ 13 ඒ වගේම අහසේ තාරකා පොළොවට කඩන් වැටුණා. ඒවා කඩන් වැටුණේ හරියට තද හුළඟකට හෙලවෙන අත්තික්කා ගහකින් අමු අත්තික්කා ගෙඩි වැටෙනවා වගේ. 14 අහස නැති වෙලා ගියා. ඒක නැති වෙලා ගියේ හරියට ලියවිල්ලක් අකුළලා උඩට ගන්නවා වගේ.+ කඳු, දූපත් හැම එකක්ම ඒවා තිබුණ තැන්වලින් අයින් කළා.+ 15 පොළොවේ රජවරු, උසස් නිලධාරීන්, හමුදාපතීන්, පොහොසත් අය, බලවත් අය, දාසයෝ වගේම නිදහස් පුරවැසියෝ හැමෝම ගුහාවලත් කඳු පර්වත අතරෙත් හැංගුණා.+ 16 එයාලා කඳුවලටත් පර්වතවලටත් දිගින් දිගටම මෙහෙම කියනවා. “අපේ ඇඟ උඩට වැටිලා+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගෙනුත්+ බැටළු පැටියාගේ+ කෝපයෙනුත් අපිව හංගගන්න. 17 මොකද ඔවුන්ගේ කෝපය පිට කරන මහත් දවස ඇවිත්.+ ඒ දවසට මූණ දෙන්න පුළුවන් කාටද?”+
7 ඊටපස්සේ දේවදූතයන් හතරදෙනෙක් පොළොවේ කොන් හතරේ හිටගෙන ඉන්නවා මම දැක්කා. එයාලා පොළොවේ හතර පැත්තෙන් හමන හුළං තදින් අල්ලගෙනයි හිටියේ. එයාලා එහෙම කළේ පොළොවටවත් මුහුදටවත් කිසිම ගහකටවත් ඒ හුළංවලින් හානියක් නොවෙන්නයි. 2 ඊටපස්සේ දෙවියන්ගේ මුද්‍රාවක් අතේ තියාගෙන තවත් දේවදූතයෙක් එනවා මං දැක්කා. ඔහු ආවේ ඉර නඟින* පැත්තෙන්. පොළොවටයි, මුහුදටයි අනතුරක් කරන්න අවසර ලැබිලා තිබුණ දේවදූතයන් හතරදෙනාට ඔහු කෑගහලා, 3 මෙහෙම කිව්වා. “අපේ දෙවියන්ගේ දාසයන්ගේ නළල්වල අපි මුද්‍රාව+ තියන කල්+ පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් කිසි අනතුරක් කරන්න එපා.”
4 මුද්‍රා කරපු අයගේ ගාණ කවුරු හරි කෙනෙක් කියනවා මට ඇහුණා. ඒ අයගේ ගාණ එක්ලක්ෂ හතළිස්හාරදාහක්.+ එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයකටම අයිති අයයි.+ ඒ ගෝත්‍ර මේවායි.
5 යූදා ගෝත්‍රයෙන් 12,000යි.
රූබෙන් ගෝත්‍රයෙන් 12,000යි.
ගාද් ගෝත්‍රයෙන් 12,000යි.
6 ආෂෙර් ගෝත්‍රයෙන් 12,000යි.
නෆ්තලී ගෝත්‍රයෙන් 12,000යි.
මනස්සේ ගෝත්‍රයෙන්+ 12,000යි.
7 සිමියොන් ගෝත්‍රයෙන් 12,000යි.
ලෙවී ගෝත්‍රයෙන් 12,000යි.
ඉසකාර් ගෝත්‍රයෙන් 12,000යි.
8 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් 12,000යි.
යෝසෙප් ගෝත්‍රයෙන් 12,000යි.
බෙන්ජමින් ගෝත්‍රයෙන් 12,000යි.
9 ඊටපස්සේ මම මහත් සමූහයක් දැක්කා. බලන්න! ඒ සමූහය කිසිම මිනිසෙක්ට ගණන් කරන්න බැරි තරම් මහත් සමූහයක්. ඒ සමූහයේ හැම ජාතියකම, හැම ගෝත්‍රයකම, හැම ජනවර්ගයකම සහ හැම භාෂාවක්ම කතා කරන අය+ හිටියා. එයාලා සුදු ඇඳුම් ඇඳගෙන+ සිංහාසනය ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් හිටගෙන හිටියා. එයාලාගේ අත්වල තාල වර්ගයේ ගස්වල අතු තිබුණා.+ 10 එයාලා හද පිරි අගයකින් දිගටම කෑගගහා මෙහෙම කියනවා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න අපේ දෙවියන්+ සහ බැටළු පැටියා නිසයි අපිට ගැලවීම ලැබුණේ!”+
11 දේවදූතයන් හැමෝම සිංහාසනය වටේ, වැඩිමහල්ලන් වටේ+ සහ ජීවීන් හතරදෙනා වටේ හිටගෙන හිටියා. ඔවුන් සිංහාසනය ඉස්සරහා වැඳ වැටිලා දෙවියන්ට නමස්කාර කරන ගමන්, 12 මෙහෙම කිව්වා. “ආමෙන්!* සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවියන්ට සියලු ප්‍රශංසාවත් තේජසත් ප්‍රඥාවත් ස්තුතියත් ගෞරවයත් බලයත් හිමි වේවා!+ ආමෙන්!”
13 එතකොට එක වැඩිමහල්ලෙක් මගෙන් ඇහුවා “සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මේ අය+ කවුද? එයාලා ආවේ කොහෙන්ද” කියලා. 14 මම ඉක්මනටම කිව්වා “මගේ ස්වාමීනි, ඒක දන්නේ ඔබයි” කියලා. ඒ වෙලාවේ ඔහු මට මෙහෙම කිව්වා. “එයාලා මහත් පීඩාවෙන්+ බේරිලා එන අය. එයාලා බැටළු පැටියාගේ ලේවලින් එයාලාගේ ඇඳුම් හෝදලා+ සුදු කරගෙනයි තියෙන්නේ. 15 ඒ නිසයි එයාලා දෙවියන්ගේ සිංහාසනය ඉස්සරහා ඉන්නේ. එයාලා දේවමාලිගාවේ රෑ දවල් දෙකේම ඔහුට පරිශුද්ධ සේවයක් කරනවා. සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා+ ඔහුගේ කූඩාරම එයාලට ඉහළින් දිගහැරලා+ එයාලව ආරක්ෂා කරයි. 16 ආයෙත් එයාලට බඩගින්නක්වත් තිබහක්වත් දැනෙන්නේ නැහැ. එයාලා ආයේ කවදාවත් හිරු රශ්මියෙන්වත් දැවෙන රස්නයකින්වත් පීඩා විඳින්නේ නැහැ.+ 17 මොකද සිංහාසනය මැද ඉන්න බැටළු පැටියා+ එඬේරෙක් වගේ එයාලව රැකබලා ගෙන+ එයාලව ජීවන වතුර තියෙන උල්පත්වලට+ අරන් යනවා. ඒ වගේම දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා.”+
8 ඔහු+ හත්වෙනි මුද්‍රාව+ කඩද්දී ස්වර්ගයේ පැය භාගයක විතර නිශ්ශබ්දතාවක් ඇති වුණා. 2 එතකොට දෙවියන් ඉස්සරහා හිටගෙන ඉන්න දේවදූතයන් හත්දෙනාව මම දැක්කා.+ ඒ වෙලාවේ ඔවුන්ට හොරණෑ හතක් දුන්නා.
3 තවත් දේවදූතයෙක් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන රත්තරන් භාජනයක් අරන් ඇවිත් පූජාසනය+ ළඟ හිටගත්තා. ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දුන්නා.+ ඔහුට ඒවා දුන්නේ ශුද්ධ තැනැත්තන් හැම කෙනෙක්ගෙම යාච්ඤා එක්ක ඒවා සිංහාසනය ඉස්සරහා තිබුණ රත්තරන් පූජාසනය+ මත ඔප්පු කරන්න. 4 දේවදූතයා ඔප්පු කරපු සුවඳ ද්‍රව්‍යවල දුම ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාත්+ එක්කම දෙවියන් ඉස්සරහට නැඟලා ගියා. 5 ඒත් එක්කම ඒ දේවදූතයා පූජාසනයෙන් ගින්දර ටිකක් අරන් සුවඳ ද්‍රව්‍ය දාන භාජනයට දාලා ඒ ගින්න පොළොවට වීසි කළා. එතකොට කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. අකුණු සැර පිට වුණා.+ භූමිකම්පාවකුත් ඇති වුණා. 6 හොරණෑ හත තියාගෙන හිටපු දේවදූතයෝ හත්දෙනාත්+ ඒවා පිඹින්න ලෑස්ති වුණා.
7 පළවෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ලේ මිශ්‍ර වෙලා තිබුණ හිම කැට සහ ගින්දර පොළොවට ඇද හැලුණා.+ ඒවාවලින් පොළොවෙන් තුනෙන් එකක් පිච්චිලා ගියා. ගස්වලිනුත් තුනෙන් එකක් පිච්චිලා ගියා. හැම පැළෑටියක්මත් පිච්චිලා ගියා.+
8 දෙවෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. ඒත් එක්කම ගින්නෙන් ඇවිළෙන ලොකු කන්දක් වගේ දෙයක් මුහුදට වීසි කළා.+ එතකොට මුහුදෙන් තුනෙන් එකක් ලේවලට හැරුණා.+ 9 මුහුදේ ඉන්න පණ තියෙන සත්තුන්ගෙන් තුනෙන් එකක් මැරුණා.+ නැව්වලින් තුනෙන් එකකුත් මුහුදුබත් වුණා.
10 තුන්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ගිනි පන්දමක් වගේ ඇවිළෙන විශාල තාරකාවක් අහසෙන් වැටුණා. ඒක ගංගාවලින් තුනෙන් එකක් මතටත් දිය උල්පත් මතටත් වැටුණා.+ 11 ඒ තාරකාව හඳුන්වන්නේ තිත්ත පල කියන නමින්. වතුරෙන් තුනෙන් එකක් තිත්ත වුණා. ඒ වතුර තිත්ත නිසා+ ඒකෙන් මිනිස්සු හුඟදෙනෙක් මැරුණා.
12 හතරවෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ඉරෙන් තුනෙන් කොටසකටත්+ හඳෙන් තුනෙන් කොටසකටත් තාරකාවලින් තුනෙන් කොටසකටත් පහර දුන්නා. එහෙම කළේ ඒවාවලින් තුනෙන් කොටසක් අඳුරු වෙන්නයි.+ ඒ වගේම දවල් කාලයෙන් තුනෙන් කොටසකට සහ රාත්‍රි කාලයෙන් තුනෙන් කොටසකට ආලෝකය ලැබෙන්නේ නැති වෙන්නයි.
13 මං බලද්දී අහස මැද පියාසර කරන රාජාලියෙක්ව දැක්කා. ඒ රාජාලියා කෑගහලා මෙහෙම කියනවා මට ඇහුණා. “ඉතුරු දේවදූතයන් තුන්දෙනාත් ඔවුන්ගේ හොරණෑ පිඹින්න ලෑස්ති වෙලයි ඉන්නේ. විපත්ති! විපත්ති! විපත්ති!+ ඒ හොරණෑවල+ ශබ්දය ඇහෙද්දී පොළොවේ ජීවත් වෙන අයට මොන තරම් දරුණු විපත්තිවලට මුහුණ දෙන්න වෙයිද!”
9 පස්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට අහසෙන් පොළොවට වැටුණ තාරකාවක් මම දැක්කා. අගාධයට ඇතුල් වෙන තැන යතුර+ ඔහුට දුන්නා. 2 ඊටපස්සේ අගාධයට ඇතුල් වෙන තැන ඔහු ඇරියා. ඒත් එක්කම ලොකු උදුනකින් නඟිනවා වගේ දුමක් එතනින් නැඟලා ආවා. ඒ දුමෙන් ඉරත් අවට පරිසරයත්* අඳුරු වුණා.+ 3 ඒ දුමත් එක්කම පළඟැටියෝ පොළොවට ආවා.+ පොළොවේ ඉන්න ගෝනුස්සන්ට තියෙනවා වගේ බලයක් උන්ටත් දුන්නා. 4 පොළොවේ තියෙන තණකොළවලටවත් කිසිම පැළෑටියකටවත් ගහකටවත් අනතුරක් කරන්න එපා කියලත් නළල්වල දෙවියන්ගේ මුද්‍රාව නැති+ මිනිස්සුන්ට විතරක් අනතුරු කරන්න කියලත් උන්ට කිව්වා.
5 මාස පහකට ඒ අයට වධ දෙන්න ඒ පළඟැටියන්ට අවසර ලැබුණා. ඒත් එයාලව මරලා දාන්න අවසර දුන්නේ නැහැ. උන් වධ දෙද්දී එයාලට දැනෙන්නේ හරියට ගෝනුස්සෙක් දෂ්ට කළාම දැනෙනවා වගේ වේදනාවක්.+ 6 ඒ දවස්වලදී මිනිස්සුන්ට හිතෙයි මැරුණා නම් හොඳයි කියලා. ඒත් එයාලට මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. එයාලා මැරෙන්න එක එක විදි හෙව්වත් මරණය එයාලාගෙන් ඈතට යනවා.
7 ඒ පළඟැටියන්ගේ පෙනුම යුද්ධ කරන්න ලෑස්ති වෙලා ඉන්න අශ්වයන් වගේ.+ උන්ගේ හිස් මත රත්තරන් ඔටුනුවලට සමාන දෙයක් තිබුණා. උන්ගේ මුහුණු හරියට මිනිස්සුන්ගේ මුහුණු වගේ. 8 ඒත් උන්ගේ කොණ්ඩේ හරියට ස්ත්‍රීන්ට තියෙන කොණ්ඩේ වගේ. උන්ගේ දත් සිංහයන්ගේ දත් වගේ.+ 9 උන් යකඩ ළයවැස්මකට සමාන ළයවැසුම් පැලඳගෙන හිටියා. උන්ගේ පියාපත්වල සද්දේ යුද්ධ කරන්න දුවගෙන යන අශ්ව රථවල සද්දේ වගේ.+ 10 උන්ට ගෝනුස්සන්ට වගේ විෂ තුඩවල් තියෙන වලිග තියෙනවා. මිනිස්සුන්ට මාස පහක් පුරා අනතුරු කරන්න+ උන්ගේ වලිගවලට අවසර ලැබිලා තිබුණා. 11 උන්ට රජෙක් ඉන්නවා. ඒ තමයි අගාධයේ දේවදූතයා.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්.* ග්‍රීක භාෂාවෙන් ඔහුගේ නම අපොලියොන්.*
12 එක විපතක් ඉවර වුණා. බලන්න! ඊටපස්සේ තවත් විපත්ති දෙකක්+ එනවා.
13 හයවෙනි දේවදූතයා+ තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට දෙවියන් ඉස්සරහා තියෙන රත්තරන් පූජාසනයේ+ අං අතරින් මට හඬක් ඇහුණා. 14 ඒ හඬ හොරණෑව අතේ තියාගෙන හිටපු හයවෙනි දේවදූතයාට මෙහෙම කිව්වා. “යුප්‍රටීස් මහ ගඟ+ ළඟ බැඳලා ඉන්න දේවදූතයන් හතරදෙනාව ලිහලා දාන්න.” 15 එතකොට නියම කරලා තියෙන අවුරුද්ද, මාසය, දවස සහ පැය වෙනුවෙන් සූදානම් කරපු දේවදූතයන් හතරදෙනාව ලිහලා දැම්මා. ඒ, මිනිස්සුන්ගෙන් තුනෙන් එකක් මරලා දාන්න.
16 යුධ අශ්වයන් පිට ඉන්න අයගේ ගාණ කියනවා මට ඇහුණා. ඒ සේනාවේ ගාණ විසිදහස් වර දසදහසක්.* 17 දර්ශනයේදී මං දැක්ක අශ්වයන් සහ අසරුවන් මේ වගේ. එයාලා ගින්දර වගේ රතු පාටක්, හයසින්ත් වගේ නිල් පාටක් සහ ගෙන්දගම් වගේ කහ පාටක් තියෙන ළයවැසුම් පැලඳගෙන හිටියා. ඒ අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වගේ.+ උන්ගේ කටවල්වලින් ගින්දර, දුම් සහ ගෙන්දගම් පිට වුණා. 18 උන්ගේ කටවල්වලින් පිට වුණ ගින්දර, දුම සහ ගෙන්දගම් කියන පීඩා තුනෙන් මිනිස්සුන්ගෙන් තුනෙන් එකක් මැරුණා. 19 මොකද ඒ අශ්වයන්ගේ බලය තියෙන්නේ උන්ගේ කටවල්වල සහ උන්ගේ වලිගවල. උන්ගේ වලිග හරියට සර්පයන් වගේ. ඒවාට හිස් තිබුණා. ඒවාවලින් උන් මිනිස්සුන්ට අනතුරු කරනවා.
20 ඒත් ඒ පීඩාවලින් මැරුණේ නැති මිනිස්සු එයාලා කරපු දේවල්* ගැන පසුතැවිලි වුණේ නැහැ. එයාලා දිගටම භූතයන්ට නමස්කාර කළා. රත්තරන්, රිදී, තඹ, ගල් සහ ලීවලින් හදපු, කිසි දෙයක් පේන්නේ නැති, ඇහෙන්නේ නැති, ඇවිදින්න බැරි රූපවලට නමස්කාර කරන එකත් එයාලා අත්හැරියේ නැහැ.+ 21 මිනී මැරුම් සහ සොරකම් කරපු එක ගැනවත් භූතවාදයට සම්බන්ධ දේවල් කරපු එක ගැනවත්, ලිංගික දුරාචාරයේ* යෙදුණ එක ගැනවත් එයාලා පසුතැවිලි වුණේ නැහැ.
10 තවත් ශක්තිමත් දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා මම දැක්කා. වලාකුළකින් ඔහු වට වෙලයි* හිටියේ. ඔහුගේ හිස මත දේදුන්නක් තිබුණා. ඔහුගේ මුහුණ හරියට ඉර වගේ.+ කකුල්* ගිනි ටැඹ වගේ. 2 ඔහුගේ අතේ දිගහැරපු පොඩි ලියවිල්ලක් තිබුණා. ඔහු තමන්ගේ දකුණු කකුල මුහුද මතත් වම් කකුල පොළොව මතත් තියලා, 3 සිංහයෙක් ගොරවනවා+ වගේ හයියෙන් කෑගැහුවා. ඔහු කෑගහද්දී ගිගුරුම් හත+ කතා කළා.
4 ඒ ගිගුරුම් හත කතා කරද්දී ඒ දේවල් මං ලියාගන්න ලෑස්ති වුණා. ඒත් “ගිගුරුම් හත කියපු දේවල් මුද්‍රා කරලා තියන්න.* ඒවා ලියාගන්න එපා” කියන හඬක් මට ස්වර්ගයෙන් ඇහුණා.+ 5 මුහුදයි, පොළොවයි මත හිටගෙන හිටපු දේවදූතයා ඔහුගේ දකුණු අත ස්වර්ගය දිහාවට උස්සලා, 6 දිවුරුවා. ඔහු ස්වර්ගයත් ඒකේ තියෙන දේවලුත් පොළොවත් ඒකේ තියෙන දේවලුත් මුහුදත් ඒකේ තියෙන දේවලුත් හදපු,+ සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන+ තැනැත්තාගේ නමින් දිවුරලා මෙහෙම කිව්වා. “තවත් නම් පරක්කු වෙන්නේ නැහැ. 7 හත්වෙනි දේවදූතයා+ තමන්ගේ හොරණෑව පිඹින්න ලෑස්ති වෙද්දී+ දෙවියන් තමන්ගේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ට+ ශුභාරංචියක් විදිහට දැනුම් දීපු පරිශුද්ධ රහස+ සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා.”
8 එතකොට ස්වර්ගයේ ඉඳන් කතා කරපු හඬ+ මට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. “ගිහින් මුහුද සහ පොළොව මත හිටගෙන ඉන්න දේවදූතයාගේ+ අතේ තියෙන දිගහැරපු ලියවිල්ල ගන්න.” 9 ඉතින් මම දේවදූතයා ළඟට ගිහින් ඒ පොඩි ලියවිල්ල මට දෙන්න කියලා කිව්වා. එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මේක අරන් කන්න.+ ඒක කෑවාම ඔයාගේ බඩට තිත්ත ගතියක් දැනෙයි. හැබැයි ඔයාගේ කටට මීපැණි වගේ රසක් දැනෙයි.” 10 ඉතින් මම දේවදූතයාගේ අතින් ඒ පොඩි ලියවිල්ල අරන් කෑවා.+ ඒක කද්දී මගේ කටට දැනුණේ මීපැණි කනවා වගේ රසක්.+ ඒත් ඒක කෑවාට පස්සේ මගේ බඩට තිත්ත ගතියක් දැනුණා. 11 එතකොට ඔවුන් මට මෙහෙම කිව්වා. “ඔයා විවිධ ජනවර්ග ගැනත් ජාතීන් ගැනත් විවිධ භාෂා කතා කරන අය ගැනත් රජවරුන් හුඟදෙනෙක් ගැනත් ආයෙත් අනාවැකි කියන්න ඕනේ.”
11 සැරයටියක්* වගේ තිබුණ බට දණ්ඩක්+ මට ලැබුණා. එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “නැඟිටලා දේවමාලිගාවේ ශුද්ධස්ථානයයි,* පූජාසනයයි, එතනට ඇවිත් නමස්කාර කරන අයවයි මනින්න.* 2 ඒත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් එළියේ තියෙන මළුව අත්හරින්න. ඒක මනින්න එපා. මොකද ඒක ජාතීන්ට දීලයි තියෙන්නේ. එයාලා මාස 42ක්+ තිස්සේ ශුද්ධ නුවර+ පාගනවා. 3 මං මගේ සාක්ෂිකරුවන් දෙන්නාට ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියන්න සලස්වනවා.” 4 ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා.
5 කවුරු හරි කෙනෙක් එයාලට අනතුරක් කරන්න හැදුවොත් එයාලාගේ කටවල්වලින් ගින්දර පිට වෙලා එයාලාගේ සතුරන්ව විනාශ කරලා දානවා. කවුරු හරි එයාලට අනතුරක් කරන්න හැදුවොත් එයාව මරලා දාන්නේ ඒ විදිහටයි. 6 එයාලා අනාවැකි කියන කාලයේදී වැස්ස වැටෙන්නේ නැති වෙන්න+ අහසේ* කවුළු වහලා දාන්න එයාලට බලය+ ලැබිලා තියෙනවා. එයාලා කැමති ඕනෙම වෙලාවක වතුර ලේ කරන්නත්+ හැම පීඩාවකින්ම පොළොවට පහර දෙන්නත් එයාලට බලය දීලා තියෙනවා.
7 සාක්ෂි දරන්න එයාලට ලැබිලා තියෙන කාර්යය අවසන් කළාට පස්සේ අගාධයෙන් මතු වෙන මෘගයා එයාලත් එක්ක යුද්ධ කරයි. මෘගයා එයාලව පරාජය කරලා මරලා දායි.+ 8 එයාලාගේ මළ සිරුරු මහත් නුවරේ ප්‍රධාන පාරේ දකින්න තියෙයි. ඒ නුවර හඳුන්වන්නේ සොදොම් සහ ඊජිප්තුව කියන සංකේතවත් නම්වලින්. එයාලාගේ ස්වාමීන්ව වධකණුවේ ඇණ ගැහුවෙත් ඒ ස්ථානයෙදියි. 9 විවිධ ජනවර්ගවලට, ගෝත්‍රවලට සහ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන අය දවස් තුනහමාරක් පුරා+ එයාලාගේ මළ සිරුරු දිහා බලාගෙන ඉඳියි. ඒ මළ සිරුරු සොහොන් ගෙයක තැන්පත් කරන්න එයාලා ඉඩ දෙන්නේ නැහැ. 10 පොළොවේ ජීවත් වෙන අය ඒ දෙන්නාට වුණ දේ ගැන හුඟක් සතුටු වෙයි. ඒ සතුටට එයාලා එකිනෙකාට තෑගි යවලා විනෝද වෙයි. පොළොවේ ජීවත් වෙන අය එහෙම කරන්නේ ඒ අනාගතවක්තෘවරුන් දෙන්නා එයාලට ගොඩක් වධ දුන්න නිසයි.
11 ඒ දවස් තුනහමාරෙන් පස්සේ දෙවියන්ගෙන් ජීවන හුස්ම ලැබිලා+ ඒ අනාගතවක්තෘවරුන් දෙන්නා නැඟිට්ටා. එයාලා හිටගත්තාම ඒක දැකපු හැමෝම හොඳටම බය වුණා. 12 එතකොට “මෙතනට නැඟලා එන්න” කියලා ශබ්ද නඟලා කියන හඬක් ඒ දෙන්නාට ස්වර්ගයෙන් ඇහුණා. ඉතින් එයාලා වලාකුළු අතරින් ස්වර්ගයට නැඟලා ගියා. එයාලා ස්වර්ගයට යන එක එයාලාගේ සතුරොත් දැක්කා.* 13 ඒ පැයේදී මහත් භූමිකම්පාවක් ඇති වුණා. ඒක නිසා නුවරෙන් දහයෙන් කොටසක් විනාශ වුණා. ඒ භූමිකම්පාවෙන් මිනිස්සු 7,000ක් මැරුණා. ඉතුරු අය හොඳටම බය වෙලා ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ගෞරවය දුන්නා.
14 දෙවෙනි විපත+ ඉවර වුණා. බලන්න! තුන්වෙනි විපත ඉක්මනින්ම එනවා.
15 හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+
16 එතකොට දෙවියන් ඉස්සරහා සිංහාසනවල ඉඳගෙන හිටපු වැඩිමහල්ලෝ 24දෙනා+ දණගහලා මූණ බිමටම පහත් කරලා දෙවියන්ට නමස්කාර කළා. 17 ඒ ගමන් එයාලා මෙහෙම කිව්වා. “දැනුත් ජීවමානව ඉන්න,+ අතීතයේ ඉඳන්ම හිටිය සියලු බලැති තැනැත්තා වන යෙහෝවා* දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. මොකද ඔබ ඔබේ මහත් බලය අතට අරන් දැන් රජකම් කරන්න පටන් අරගෙන.+ 18 ඒත් ජාතීන්ගේ කේන්තිය ඇවිස්සුණා. ඔබේ උදහසත් ඇවිළුණා. මිය ගිය අයව විනිශ්චය කරන්න ඔබ නියම කරපු කාලය ආවා. උස් පහත් භේදයක් නැතුව ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටයි,+ ශුද්ධ තැනැත්තන්ටයි, ඔබේ නමට ගරුබිය දක්වන හැමෝටමයි ආශීර්වාද කරන්නත්+ පොළොව විනාශ කරන* අයව+ විනාශ කරන්නත් කාලය ආවා.”
19 එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා.
12 ඊටපස්සේ ස්වර්ගයේ මහත් ලකුණක් පේන්න තිබුණා. එතන ස්ත්‍රියක්+ හිටියා. එයා සූර්යයාගෙන් සැරසිලයි* හිටියේ. එයාගේ පාද යට සඳ තිබුණා. එයාගේ හිසේ තාරකා 12ක් තිබුණ ඔටුන්නකුත් තිබුණා. 2 එයාට දරුවෙක් ලැබෙන්නයි හිටියේ. දරුවා ලැබෙන්න ළං වෙලා තිබුණ නිසා එයා ලොකු වේදනාවකින් කෑගගහා හිටියා.
3 ස්වර්ගයේ තවත් ලකුණක් දකින්න තිබුණා. බලන්න! ගින්දර පාට මහා මකරෙක්+ හිටියා. ඌට හිස් හතකුත් අං දහයකුත් තිබුණා. උගේ හිස් මත ඔටුනු හතකුත් තිබුණා. 4 ඌ තමන්ගේ වලිගයෙන් ස්වර්ගයේ තියෙන තාරකාවලින් තුනෙන් එකක්+ පොළොවට ඇදලා දැම්මා.+ ඒ වගේම ඌ දරුවා බිහි කරන්න ලෑස්ති වෙලා හිටපු ස්ත්‍රිය ඉස්සරහට+ වෙලා බලාගෙන හිටියා. මොකද ඌට ඕනෙ වුණේ ස්ත්‍රිය දරුවාව බිහි කරපු ගමන්ම දරුවාව ගිලලා දාන්නයි.
5 ඒ ස්ත්‍රිය පුතෙක්ව බිහි කළා.+ ඒ පුතා එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් හැම ජාතියකම අයව පාලනය කරන්න+ නියමිතයි. ඒ ස්ත්‍රියගේ දරුවාව දෙවියන් ළඟටත් ඔහුගේ සිංහාසනය ළඟටත් ඉක්මනින්ම අරන්* ගියා. 6 ඊටපස්සේ ඒ ස්ත්‍රිය පාළුකරයට පලා ගියා. දෙවියන් එතන එයාට තැනක් ලෑස්ති කරලයි තිබුණේ. එහෙදී එයාව දවස් 1,260ක් පෝෂණය+ කරන්න නියම කරලා තිබුණා.
7 ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා. මිකායෙල්*+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළා. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, 8 එයාලා ජය ගත්තේ නැහැ.* ඒකෙන් පස්සේ එයාලට ස්වර්ගයේ ඉන්න කොහොමටවත් ඉඩ දුන්නේ නැහැ. 9 ඒ විදිහට ඒ මහත් මකරාව+ පහතට හෙළුවා. ඒ මකරා තමයි යක්ෂයා+ කියලත් සාතන්+ කියලත් හඳුන්වන පොළොවේ ඉන්න හැමෝවම නොමඟ යවන+ මුල් සර්පයා.+ ඌව පොළොවට හෙළුවා.+ උගේ දූතයොත් ඌත් එක්කම පහතට හෙළුවා. 10 ඊටපස්සේ ස්වර්ගයෙන් ආපු හඬක් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා.
“බලන්න, අපේ දෙවියන් මිනිස්සුන්ට ගැලවීම ලබා දීලා.+ ඔහුගේ බලය තහවුරු වෙලා. ඔහුගේ රාජ්‍යයත් පිහිටුවලයි තියෙන්නේ.+ ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු කෙනා ඔහුගේ බලය පාවිච්චි කරලා පාලනය කරන්න පටන් අරන්. මොකද අපේ දෙවියන් ඉස්සරහා අපේ සහෝදරයන්ට රෑ දවල් දෙකේම චෝදනා කරන කෙනාව+ පහතට හෙළලයි තියෙන්නේ. 11 එයාලා බැටළු පැටියාගේ ලේ මාර්ගයෙනුත්+ එයාලා සාක්ෂි දරපු පණිවිඩය මාර්ගයෙනුත්+ එයාව පරාජය කරලා ජය ගත්තා.+ මැරෙන්න වෙනවා කියලා දැන දැනත් එයාලා එයාලාගේ ජීවිත* ගැනවත් හිතන්නේ නැතුව+ මැරෙන්න වුණත් ලෑස්ති වෙලා හිටියා. 12 ඒ නිසා ස්වර්ගයත් එහේ ඉන්න හැමෝමත් සතුටු වෙන්න! ඒත් පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට+ මුහුණ දෙන්න වෙයිද! මොකද යක්ෂයා ඔයාලා ළඟට බැහැලා ඇවිත් ඉන්නේ හරිම කේන්තියෙන්. එයා කේන්තියෙන් ඉන්නේ එයාට ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක්+ කියලා එයා දන්න නිසයි.”
13 තමන්ව පොළොවට දාලා+ කියලා මකරා තේරුම්ගත්තාම පිරිමි දරුවාව බිහි කරපු ස්ත්‍රියට ඌ පීඩා කරන්න+ පටන්ගත්තා. 14 ඒත් ඒ ස්ත්‍රියට ලොකු රාජාලියෙක්ගේ පියාපත් දෙකක්+ දුන්නා. ඒ නිසා එයාට පුළුවන් වුණා පාළුකරයේ එයාට වෙන් කරලා තිබුණ තැනට පියාඹලා යන්න. එහෙදී එයාව සර්පයාගෙන් ඈත් කරලා+ කාලයකටත් කාලවල් දෙකකටත් කාල භාගයකටත්*+ එයාව පෝෂණය කරන්න නියම කරලා තිබුණා.
15 සර්පයා උගේ කටින් ගංගාවක් තරම් විශාල ජල කන්දරාවක් පිට කළා. එහෙම කළේ ඒ ගංගාවෙන් ස්ත්‍රියව සම්පූර්ණයෙන්ම යට කරලා දාන්නයි. 16 ඒත් පොළොව ස්ත්‍රියගේ උදව්වට ආවා. පොළොව කට ඇරලා මකරාගේ කටින් පිට වුණ ගංගාව ගිලලා දැම්මා. 17 එතකොට මකරාට ස්ත්‍රිය එක්ක ඇති වුණේ ලොකු කේන්තියක්. ඒ නිසා ස්ත්‍රියගෙන් පැවතෙන අයගෙන් ඉතුරු වෙලා ඉන්න අයට+ විරුද්ධව යුද්ධ කරන්න ඌ පිටත් වෙලා ගියා. දෙවියන්ගේ ආඥා පිළිපදින ඒ අයට තමයි යේසුස් ගැන සාක්ෂි දරන කාර්යය+ භාර දීලා තියෙන්නේ.
13 ඌ* මුහුදු වෙරළේ හිටගෙන හිටියා.
එතකොට මම අං දහයකුත් හිස් හතකුත් තියෙන මෘගයෙක්+ මුහුදෙන් මතු වෙනවා+ දැක්කා. උගේ අං මත ඔටුනු දහයක් සහ උගේ හිස් මත දෙවියන්ගේ නමට අපහාසයක් ගේන නම් සටහන් වෙලා තිබුණා. 2 මං දැක්ක මෘගයා දිවියෙක් වගේ. ඒත් උගේ කකුල් වලහෙක්ගේ වගේ. උගේ කට සිංහයෙක්ගේ වගේ. ඒ මෘගයාට ලොකු බලයක්, අධිකාරියක්+ තිබුණා. සිංහාසනයකුත් තිබුණා. ඒ දේවල් ඌට ලැබුණේ මකරාගෙන්.+
3 උගේ එක හිසක හරිම දරුණු තුවාලයක් තියෙනවා වගේ පේන්න තිබුණා. ඒත් ඒ දරුණු තුවාලය සුව වුණා.+ පොළොවේ ඉන්න හැමෝම ඌව වර්ණනා කරකර ඌ පස්සේ ගියා. 4 මෘගයාට අධිකාරිය දුන්නේ මකරා නිසා මිනිස්සු මකරාට නමස්කාර කළා. ඒ වගේම “මෘගයාට සමාන කෙනෙක් ඉන්නවාද? ඌත් එක්ක සටන් කරන්න පුළුවන් කාටද” කියකිය එයාලා මෘගයාටත් නමස්කාර කළා. 5 පුරසාරම් දොඩන්නත් දෙවියන්ට අපහාස කරන්නත් පුළුවන් කටක් ඌට දුන්නා. මාස 42කට+ උගේ අධිකාරිය පාවිච්චි කරන්නත් ඌට අවස්ථාව දුන්නා. 6 ඉතින් ඌ කට ඇරලා දෙවියන්ට අපහාස කරන්න+ පටන්ගත්තා. දෙවියන්ගේ නමටත් ඔහුගේ වාසස්ථානයටත් ස්වර්ගයේ ඉන්න හැමෝටමත්+ ඌ අපහාස කරන්න පටන්ගත්තා. 7 ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව යුද්ධ කරලා එයාලව පරාජය කරන්නත්+ ඌට අවසර ලැබුණා. හැම ගෝත්‍රයකටම, ජනවර්ගයකටම, ජාතියකටම අයිති, හැම භාෂාවක්ම කතා කරන අයව පාලනය කරන්න ඌට අධිකාරිය ලැබුණා. 8 පොළොවේ ජීවත් වෙන හැමෝම වගේ ඌට නමස්කාර කරයි. මරලා දාපු බැටළු පැටියාගේ+ ජීවන ලියවිල්ලේ+ ඒ එක් කෙනෙක්ගෙවත් නම් සටහන් වෙලා නැහැ. පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ඒ ලියවිල්ලේ සටහන් කරලා නැහැ.
9 දැන් කියන්න යන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ 10 කෙනෙක්ව අල්ලන් ගිහින් හිරේට දාන්න නියම කරලා තියෙනවා නම් එයාව හිරේට අරන් යයි. කෙනෙක් අනිත් අයව කඩුවෙන් මරලා දානවා නම්* එයාවත් කඩුවෙන් මරලා දායි.+ ශුද්ධ තැනැත්තන්+ විඳදරාගන්න+ ඕනෙත් ස්ථිර විශ්වාසයක්+ ඇතුව ඉන්න ඕනෙත් ඒ නිසයි.
11 මම තවත් මෘගයෙක්ව දැක්කා. ඌ මතු වුණේ පොළොවෙන්. ඌට බැටළු පැටියෙක්ට තියෙනවා වගේ අං දෙකක් තිබුණා. ඒත් ඌ මකරෙක් වගේ කතා කරන්න පටන්ගත්තා.+ 12 මුලින් දැකපු මෘගයාට තියෙනවා වගේම අධිකාරියක්+ ඌටත් තියෙනවා. ඌ ඒ මෘගයා ඉස්සරහම ඒ අධිකාරිය පාවිච්චි කරනවා. ඒ වගේම මුලින් දැකපු, දරුණු විදිහට තුවාල වෙලා සුව වුණ+ මෘගයාට නමස්කාර කරන්න කියලා ඌ පොළොවේ ඉන්න අයට බල කරනවා. 13 ඒ වගේම ඌ මිනිස්සු ඉස්සරහා මහත් ලකුණු සිද්ධ වෙන්න සලස්වනවා. ඌ අහසින් පොළොවට ගිනි බස්සලත් පෙන්නනවා.
14 අනිත් මෘගයා ඉස්සරහා ලකුණු පෙන්නන්න ඌට අවසර දීලා තිබුණ නිසා ඌ ඒවා පාවිච්චි කරලා පොළොවේ ඉන්න මිනිස්සුන්ව නොමඟ යවනවා. කඩු පහරක් වැදුණත් පස්සේ සුව වුණ+ මෘගයාගේ රූපයක්+ හදන්න කියලත් ඌ පොළොවේ ඉන්න අයට කියනවා. 15 මෘගයාගේ ඒ රූපයට පණ දෙන්නත් ඌට අවසර දුන්නා. ඒ නිසා මෘගයාගේ රූපයට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ රූපයට නමස්කාර කරන්නේ නැති හැමෝවම මරලා දාන්නත් ඒකට පුළුවන් වෙනවා.
16 තමන්ගේ දකුණු අතේ හරි නළලේ හරි සලකුණක් දාගන්න+ කියලා ඌ හැමෝටම බල කරනවා. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, දාසයන් සහ නිදහස් පුරවැසියන් ඇතුළු හැම තරාතිරමකම අයට එහෙම කරන්න කියලා ඌ බල කරනවා. 17 ඒ සලකුණ ඒ කියන්නේ, මෘගයාගේ නම+ හරි උගේ නමේ අංකය+ හරි තියෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් සල්ලිවලට ගන්නවත් විකුණන්නවත් ඌ ඉඩ දෙන්නේ නැහැ. 18 මේ දේ තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තියෙන අයට විතරයි. බුද්ධිමත් අය මෘගයාගේ අංකය ගණන් බලන්න ඕනේ. මොකද ඒක මිනිස්සුන්ගේ අංකයක්. 666+ තමයි උගේ අංකය.
14 බලන්න! බැටළු පැටියා+ සියොන් කන්දේ+ හිටගෙන ඉන්නවා මම දැක්කා. ඔහුත් එක්ක එක්ලක්ෂ හතළිස්හාරදාහක්+ හිටියා. ඒ අයගේ නළල්වල ඔහුගේ නමත් ඔහුගේ පියාණන්ගේ නමත්+ ලියලා තිබුණා. 2 එතකොට ස්වර්ගයේ ඉඳන් මහත් හඬක් මට ඇහුණා. ඒ හඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ලොකු ගිගුරුමකින් ආපු හඬක් වගේ. මට ඇහුණ හඬ, වීණා වයන ගමන් ගායනා කරන පිරිසකගේ හඬට සමානයි. 3 එයාලා සිංහාසනය ඉස්සරහත් ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉස්සරහත් ගීතිකාවක් ගායනා කරනවා.+ ඒක අලුත් ගීතිකාවක් වගේ මට ඇහුණේ. පොළොවෙන් මිල දී ගත්ත එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාට+ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඒ ගීතිකාව ඉගෙනගන්න බැරි වුණා. 4 ඒ අය ස්ත්‍රීන් එක්ක සම්බන්ධකම් පවත්වලා නැති නිර්මල අය. එයාලා හරියට කන්‍යාවෝ වගේ.+ බැටළු පැටියා යනයන හැම තැනකටම එයාලත් යනවා.+ දෙවියන් සහ බැටළු පැටියා වෙනුවෙන් මුල්ම පල+ විදිහට මිනිස්සු අතරෙන් මිල දී අරන්+ තියෙන්නේ එයාලවයි. 5 එයාලාගේ කටින් කිසිම වංචනික දෙයක් පිට වුණේ නැහැ. එයාලා තුළ කිසිම කැළලක්වත් නැහැ.+
6 ඊටපස්සේ අහස මැද පියාසර කරකර ඉන්න දේවදූතයෙක්ව මං දැක්කා. කවදාවත් නැති වෙලා යන්නේ නැති ශුභාරංචියක් ඔහු ළඟ තිබුණා. ඒක පොළොවේ ඉන්න හැම ජාතියකම, ගෝත්‍රයකම, ජනවර්ගයකම අයටත් හැම භාෂාවක්ම කතා කරන අයටත් දැනුම් දෙන්න තියෙන ශුභාරංචියක්.+ 7 ඔහු කෑගහලා මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබියක් ඇතුව ඉන්න. ඔහුට ගෞරවය දෙන්න. මොකද ඔහු විනිශ්චය කරන පැය පටන් අරන් තියෙන්නේ.+ ඒ නිසා අහස, පොළොව, මුහුද සහ දිය උල්පත් හදපු+ තැනැත්තාට නමස්කාර කරන්න.”
8 ඊටපස්සේ මං තවත් දේවදූතයෙක්ව දැක්කා. ඒ දෙවෙනි දේවදූතයා පළවෙනි දේවදූතයා පිටිපස්සෙන් ඇවිත් මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය+ වැටිලා!+ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් බොන්න කියලා හැම ජාතියකටම බල කරපු ඇය දැන් වැටිලා!”+
9 ඒ දේවදූතයන් දෙන්නා පිටිපස්සේ තවත් දේවදූතයෙක් ආවා. ඔහු හයියෙන් කතා කරලා මෙහෙම කිව්වා. “කවුරු හරි කෙනෙක් මෘගයාටත්+ උගේ රූපයටත් නමස්කාර කරලා තමන්ගේ නළලේ හරි අතේ හරි මෘගයාගේ සලකුණ දාගත්තොත්,+ 10 දෙවියන්ගේ කේන්තිය කියන වයින්වලින් පිරුණු කුසලානයෙන්+ එයාට බොන්න වෙනවා. වෙන කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති ඒ වයින් දෙවියන් ඔහුගේ උදහස කියන කුසලානයට වක් කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ශුද්ධ දේවදූතයන් ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් ගින්දරවලින් සහ ගෙන්දගම්වලින් එයාට දඬුවම් විඳින්න වෙනවා.+ 11 ඒ වගේ අයට වධ දෙද්දී නැඟෙන දුම සදහටම ඉහළට යනවා.+ මෘගයාට සහ උගේ රූපයට නමස්කාර කරන අයට සහ උගේ නමේ සලකුණ ලබාගන්න අයට රෑ දවල් දෙකේම ඒ වධ හිංසාවලින් කිසිම විවේකයක් ලැබෙන්නේ නැහැ.+ 12 දෙවියන්ගේ ආඥා පිළිපදින, යේසුස් ගැන තියෙන විශ්වාසය+ අත්හරින්නේ නැතුව ඉන්න ශුද්ධ තැනැත්තන් විඳදරාගන්න ඕනෙ+ ඒ නිසයි.”
13 ඊටපස්සේ ස්වර්ගයේ ඉඳන් මෙහෙම කියන හඬක් මට ඇහුණා. “මේක ලියාගන්න. මේ දවසේ ඉඳන්, ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට මිය යන අයට සතුටු වෙන්න+ පුළුවන්. ඔව්, ගොඩක් වෙහෙස මහන්සි වෙලා විඳදරාගත්ත එයාලට දැන් විවේක ගන්න පුළුවන්. මොකද එයාලා මැරෙනවාත් එක්කම එයාලා කරපු හැම දෙයක්ම දෙවියන් සිහි කරනවා.* ඒ දේ දෙවියන් ඔහුගේ බලයෙන් දන්වලා තියෙනවා.”
14 බලන්න! සුදු පාට වලාකුළක් මං දැක්කා. ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ ඉඳගෙන හිටියා. ඔහුගේ හිසේ රත්තරන් ඔටුන්නකුත් ඔහුගේ අතේ හොඳට කැපෙන දෑකැත්තකුත් තිබුණා.
15 එතකොට තවත් දේවදූතයෙක් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන්* පිටතට ඇවිත් වලාකුළ මත ඉඳගෙන ඉන්න කෙනාට ශබ්ද නඟලා මෙහෙම කිව්වා. “ඔබේ දෑකැත්තෙන් අස්වැන්න නෙළාගන්න. මොකද පොළොවේ අස්වැන්න හොඳටම පැහිලයි තියෙන්නේ.+ ඒක නෙළාගන්න පැය දැන් ඇවිත්.” 16 එතකොට වලාකුළ මත ඉඳගෙන හිටපු කෙනා ඔහුගේ දෑකැත්ත පොළොව දිහාවට පහත් කරලා පොළොවේ අස්වැන්න නෙළාගත්තා.
17 ඊටපස්සේ තවත් දේවදූතයෙක් ස්වර්ගයේ තියෙන දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටතට ආවා. ඔහුගේ අතෙත් හොඳට කැපෙන දෑකැත්තක් තිබුණා.
18 එතකොට තවත් දේවදූතයෙක් ආවා. ඔහු ආවේ පූජාසනය ළඟ ඉඳන්. ඔහුට තමයි ගින්දර බලාගන්න වගකීම තිබුණේ. ඒ දේවදූතයා මුවහත් දෑකැත්ත තියාගෙන හිටපු කෙනාට හයියෙන් කතා කරලා මෙහෙම කිව්වා. “පොළොවේ තියෙන මිදිවැලේ මිදි දැන් හොඳටම ඉදිලයි තියෙන්නේ.+ ඉතින් ඔයාගේ මුවහත් දෑකැත්තෙන් ඒකේ තියෙන මිදිපොකුරු කපලා ඒවා එකතු කරගන්න.” 19 ඒ දේවදූතයා තමන්ගේ දෑකැත්ත පොළොව දිහාවට පහත් කරලා පොළොවේ තිබුණ මිදිවැල කපලා ඒක මිදි පාගන තැනට වීසි කළා. ඒ මිදි පාගන තැනින් නියෝජනය කරන්නේ දෙවියන්ගේ කේන්තියයි.+ 20 මිදි පාගන තැන තිබුණේ නුවරෙන් පිට. ඒකේ තිබුණ මිදි පාගද්දී ඒකෙන් ලේ එළියට ගැලුවා. ඒ ලේ අශ්වයන්ගේ කටකලියා තරම් උසට, ස්ටේඩියා 1,600ක්* තරම් දුරකට ගලාගෙන ගියා.
15 මම ස්වර්ගයේ තවත් ලකුණක් දැක්කා. ඒක හරිම ප්‍රබල, පුදුම හිතෙන ලකුණක්. දේවදූතයෝ හත්දෙනෙක්+ පීඩා හතක් අතේ තියාගෙන හිටියා. ඒවා තමයි අන්තිමටම එන පීඩා. මොකද ඒ පීඩා ගෙනාවාට පස්සේ දෙවියන්ගේ කේන්තිය සම්පූර්ණයෙන්ම නිවිලා යනවා.+
2 එතකොට ගින්දර මිශ්‍ර වෙලා තිබුණ මුහුදක්+ වගේ දෙයක් මං දැක්කා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ. මෘගයාගෙනුත් උගේ රූපයෙනුත්+ උගේ නමේ අංකයෙනුත්+ ජය ගත්ත අය+ ඒ මුහුද ළඟ හිටගෙන හිටියා. එයාලාගේ අත්වල දෙවියන්ගෙන් ලැබුණු වීණා තිබුණා. 3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා.
“සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+ 4 යෙහෝවා* දෙවියනි, ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ නැත්තේ කාටද! ඔබේ නමට ප්‍රශංසා කරන්නේ නැත්තේ කවුද! මොකද විශ්වාසවන්ත එකම කෙනා ඔබයි.+ ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලා පැහැදිලිව දකින්න තියෙනවා. ඒ නිසා හැම ජාතියකටම අයිති අය ඔබ ඉස්සරහට ඇවිත් ඔබට නමස්කාර කරයි.”+
5 ඊටපස්සේ, ස්වර්ගයේ සාක්ෂියක් විදිහට හදලා තියෙන කූඩාරමේ+ ශුද්ධස්ථානය* විවෘත කරලා+ තියෙනවා මං දැක්කා. 6 පීඩා හතක් අතේ තියාගෙන හිටපු දේවදූතයෝ හත්දෙනා+ ශුද්ධස්ථානයෙන් එළියට ආවා. එයාලා හිටියේ පිරිසිදු, දීප්තිමත් ලිනන් ඇඳුම් ඇඳගෙන. එයාලාගේ පපුව වටේට රත්තරන් පටියක් බැඳලා තිබුණා. 7 ජීවීන් හතරදෙනාගෙන් කෙනෙක් දේවදූතයන් හත්දෙනාට රත්තරන් බඳුන් හතක් දුන්නා. සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන දෙවියන්ගේ උදහසින්+ ඒ බඳුන් පිරිලයි තිබුණේ. 8 දෙවියන්ගේ තේජස+ නිසාත් ඔහුගේ බලය නිසාත් ශුද්ධස්ථානය දුම්වලින් පිරිලා ගියා. දේවදූතයන් හත්දෙනා ගෙනාපු පීඩා හත+ ඉවර වෙන කල් කිසිම කෙනෙක්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න බැරි වුණා.
16 එතකොට ශුද්ධස්ථානයෙන් ආපු කටහඬක්+ “ගිහින් දෙවියන්ගේ උදහසින් පිරුණු බඳුන් හත පොළොවට වක් කරන්න”+ කියලා මහ හයියෙන් දේවදූතයන් හත්දෙනාට කියනවා මට ඇහුණා.
2 පළවෙනියා ගිහින් තමන්ගේ බඳුන පොළොවට වක් කළා.+ එතකොට මෘගයාගේ සලකුණ+ තිබුණ, උගේ රූපයට නමස්කාර කරපු+ මිනිස්සුන්ගේ ඇඟවල්වල හරිම වේදනාකාරී, මාරාන්තික තුවාලයක් හටගත්තා.+
3 දෙවෙනියා තමන්ගේ බඳුන මුහුදට වක් කළා.+ එතකොට මුහුද ලේවලට හැරුණා.+ ඒක හරියට මරලා දාපු කෙනෙක්ගෙන් ගලපු ලේ වගේ වුණා. ඒ නිසා මුහුදේ ඉන්න හැම ජීවියෙක්ම මැරුණා.+
4 තුන්වෙනියා තමන්ගේ බඳුන ගංගාවලටත් දිය උල්පත්වලටත්+ වක් කළා. එතකොට ඒවා ලේවලට හැරුණා.+ 5 වතුර බලාගන්න වගකීම තිබුණ දේවදූතයා මෙහෙම කියනවා මට ඇහුණා. “දෙවියනි, දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය,+ විශ්වාසවන්ත තැනැත්තා+ ඔබයි. මේ තීරණ දීලා තියෙන නිසා ඔබ ධර්මිෂ්ඨයි.+ 6 එයාලා ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ හැලුවා.+ ඔබ එයාලට ලේ බොන්න දුන්නේ+ ඒ නිසයි. ඒ දඬුවම අනිවාර්යයෙන්ම එයාලට ලැබෙන්න ඕනේ.”+ 7 එතකොට පූජාසනය මෙහෙම කියනවා මට ඇහුණා. “සියලු බලැති+ තැනැත්තා වන යෙහෝවා* දෙවියනි, ඒක ඇත්ත. ඔබ දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.”+
8 හතරවෙනියා තමන්ගේ බඳුන සූර්යයා මතට වක් කළා.+ එතකොට මිනිස්සුන්ව ගින්නෙන් පුච්චලා දාන්න සූර්යයාට අවසර ලැබුණා. 9 ගින්නෙන් ඇති වුණ තද රස්නෙන් මිනිස්සු පිච්චුණත් එයාලා පසුතැවිලි වුණේ නැහැ. ඒ පීඩා ගේන්න බලය තිබුණ දෙවියන්ට ගෞරව කරනවා වෙනුවට එයාලා ඔහුගේ නමට අපහාස කළා.
10 පස්වෙනියා තමන්ගේ බඳුන මෘගයාගේ සිංහාසනය මතට වක් කළා. එතකොට උගේ රාජ්‍යය අඳුරෙන් වැහිලා ගියා.+ දැනුණ වේදනාව නිසා මිනිස්සු එයාලාගේ දිව් හපාගත්තා. 11 ඒත් එයාලා කරපු දේවල් ගැන එයාලා පසුතැවිලි වුණේ නැහැ. එයාලාගේ වේදනාව නිසාත් එයාලාගේ ඇඟවල්වල තිබුණ තුවාල නිසාත් එයාලා ස්වර්ගය පාලනය කරන දෙවියන්ට අපහාස කළා.
12 හයවෙනියා තමන්ගේ බඳුන යුප්‍රටීස් කියන මහ ගඟට+ වක් කළා. ඒත් එක්කම ඒකේ වතුර හිඳිලා ගියා.+ එහෙම වුණේ නැඟෙනහිරෙන්* එන රජවරුන්ට මාර්ගය සූදානම් කරන්නයි.+
13 මැඩියන් වගේ පේන්න තිබුණ, අපවිත්‍ර අද්භූත පණිවිඩ* තුනක් මකරාගේ+ කටිනුත්, මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘවරයාගේ කටිනුත් පිට වෙනවා මං දැක්කා. 14 ඇත්තටම ඒ පණිවිඩ එන්නේ භූතයන්ගෙන්. ඒ පණිවිඩ මාර්ගයෙන් හරිම පුදුම දේවල්* සිද්ධ වෙනවා.+ ඒ පණිවිඩ පොළොව පුරාම ඉන්න රජවරුන් ළඟට යනවා. එහෙම වෙන්නේ සියලු බලැති දෙවියන්ගේ මහත් දවසේදී+ සිද්ධ වෙන යුද්ධයට එයාලව රැස් කරන්නයි.+
15 “බලන්න! මම එන්නේ හොරෙක් එනවා වගේ.+ අවදිව ඉඳලා+ තමන්ගේ පිට වස්ත්‍රය ආරක්ෂා කරගන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්. මොකද එතකොට එයාට ඇඳුමක් නැතුව ඇවිද ඇවිද මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ධ වෙන්නේ නැහැ.”+
16 ඒ පණිවිඩ, හෙබ්‍රෙව් භාෂාවෙන් අර්මගෙදොන්*+ කියලා හඳුන්වන තැනට පොළොවේ රජවරුන්ව රැස් කළා.
17 හත්වෙනියා තමන්ගේ බඳුන වාතයට වක් කළා. එතකොට ශුද්ධස්ථානයේ තිබුණ සිංහාසනයෙන් ආපු කටහඬක්+ ශබ්ද නඟලා කිව්වා “ඒක දැන් ඉවරයි” කියලා. 18 එතකොට අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. පොළොවේ මිනිස්සුන්ව නිර්මාණය කරපු දවසේ ඉඳන් මේ වෙන කල් සිද්ධ වෙලා නැති මහත් භූමිකම්පාවකුත්+ ඇති වුණා. මොකද ඒ භූමිකම්පාව හරිම දරුණු එකක්. ඒක විශාල ප්‍රදේශයක් පුරා පැතිරිලා ගියා. 19 මහත් නුවර+ කොටස් තුනකට කැඩිලා ගියා. ජාතීන්ට අයිති නුවරවල් බිඳ වැටුණා. ඒ වගේම දෙවියන් මහ බැබිලෝනිය+ සිහි කළා. එහෙම කළේ ඔහුගේ මහත් කෝපයෙන් පිරුණු වයින් කුසලානයෙන් ඇයට බොන්න දෙන්නයි.+ 20 හැම දූපතක්ම පලා ගියා. කඳුවත් හොයාගන්න බැරි වුණා.+ 21 ඊටපස්සේ අහසෙන් ලොකු හිම කැට වැස්සක්+ මිනිස්සු පිටට වැටෙන්න පටන්ගත්තා.+ ඒ එක හිම කැටයක් තලෙන්තයක්* විතර බරයි. ඒ පීඩාවෙන් පහර කාපු මිනිස්සු දෙවියන්ට අපහාස කළා. මොකද ඒ පීඩාව හිතාගන්නවත් බැරි තරම් දරුණු එකක්.
17 බඳුන් හත අතේ තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. හුඟක් ජල ධාරා මත ඉඳගෙන ඉන්න මහා ගණිකාවට+ ලැබෙන විනිශ්චය මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නම්. 2 පොළොවේ රජවරු ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදුණා.+ පොළොවේ ඉන්න මිනිස්සුත් ලිංගික දුරාචාරය* කියන ඇගේ වයින්වලින් වෙරි වුණා.”+
3 ඊටපස්සේ ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව පාළුකරයකට අරන් ගියා. එතකොට මම ස්ත්‍රියක් දැක්කා. ඇය ඉඳගෙන හිටියේ තද රතු පාට මෘගයෙක් පිට. ඌට හිස් හතකුත් අං දහයකුත් තිබුණා. උගේ ඇඟ පුරාම දෙවියන්ට අපහාසයක් ගේන නම් පිරිලා තිබුණා. 4 ඒ ස්ත්‍රිය දම් පාට සහ තද රතු පාට ඇඳුම් ඇඳගෙන,+ රත්තරන්, මුතු මැණික් පැලඳගෙන හිටියා.+ ඒ ස්ත්‍රියගේ අතේ රත්තරන් කුසලානයක් තිබුණා. ඒ කුසලානය පිළිකුල් දේවල්වලිනුත් ලිංගික දුරාචාරයේ* යෙදිලා ඇය කරපු අපවිත්‍ර දේවල්වලිනුත් පිරිලා තිබුණා. 5 ඒ ස්ත්‍රියගේ නළලේ නමක් ලියලා තිබුණා. ඒකේ තේරුම අභිරහසක්. ඒ නම තමයි “ගණිකාවන්ගෙත්+ පොළොවේ තියෙන පිළිකුල් දේවල්වලත්+ මව වන මහ බැබිලෝනිය.” 6 මං දැක්කා ඒ ස්ත්‍රිය වෙරි වෙලා ඉන්නවා. ඇය වෙරි වෙලා හිටියේ ශුද්ධ තැනැත්තන්ගෙත් යේසුස්ගේ සාක්ෂිකරුවන්ගෙත් ලේවලින්.+
ඒ ස්ත්‍රියව දැක්කාම මම ගොඩක් පුදුම වුණා. 7 ඉතින් ඒ දේවදූතයා මගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා පුදුම වුණේ? ස්ත්‍රිය ගැනත් ඇයව පිටේ තියාගෙන ඉන්න මෘගයා ඒ කියන්නේ, හිස් හත සහ අං දහය+ තියෙන මෘගයා ගැනත් අභිරහස+ මම ඔයාට කියන්නම්. 8 ඔයා දැක්ක මෘගයා කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන්+ එළියට එන්න ඌ ලෑස්ති වෙලයි ඉන්නේ. ඌ විනාශ වෙන්න නියමිතයි. ඒ මෘගයා කලින් හිටිය විදිහත් නැති වෙලා ගිය විදිහත් ආයෙත් එන විදිහත් පොළොවේ ඉන්න අය දකිද්දී එයාලා පුදුම වෙනවා. පොළොවේ දරුවන්* බිහි වුණ දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ජීවන ලියවිල්ලේ සටහන් වෙලා නැහැ.+
9 “මේ දේ තේරුම්ගන්න බුද්ධියත් ප්‍රඥාවත් ඕනේ. හිස් හතෙන්+ කඳු හතක් නියෝජනය වෙනවා. ස්ත්‍රිය ඉඳගෙන ඉන්නේ ඒ කඳු මත. 10 රජවරුන් හත්දෙනෙක් ඉන්නවා. පස්දෙනෙක් වැටිලා ගිහින්. එක් කෙනෙක් දැන් ඉන්නවා. අනිත් කෙනා තාමත් ඇවිත් නැහැ. ඒත් එයා ආවාම එයා ටික කාලයක් ඉන්න ඕනේ. 11 කලින් හිටියත් දැන් නැති මෘගයාත්+ රජෙක්. ඌ තමයි අටවෙනි රජ. ඌ බිහි වෙන්නේ අනිත් හත්දෙනාගෙන්. ඌත් විනාශ වෙන්න නියමිතයි.
12 “ඔයා දැක්ක අං දහයෙන් රජවරුන් දහදෙනෙක්ව නියෝජනය වෙනවා. එයාලට තාමත් රාජ්‍යයක් ලැබිලා නැහැ. ඒත් මෘගයා එක්ක එක පැයක් රජවරුන් විදිහට පාලනය කරන්න එයාලට බලය ලැබෙනවා. 13 එයාලා හැමෝටම තියෙන්නේ එකම අදහස. ඒ නිසා එයාලා එයාලාගේ බලයත් අධිකාරියත් මෘගයාට දෙනවා. 14 ඒ රජවරු බැටළු පැටියාට+ විරුද්ධව යුද්ධ කරනවා. ඒත් බැටළු පැටියා එයාලව පරාජය කරනවා.+ මොකද ඔහු තමයි ස්වාමිවරුන්ගේ ස්වාමීන්. රජවරුන්ගේ රජ.+ ඔහුත් එක්ක ඉන්න කැඳවපු, තෝරගත්ත, විශ්වාසවන්ත අයත් එයාලව පරාජය කරනවා.”+
15 ඔහු මට මෙහෙම කිව්වා. “ගණිකාව ඉඳගෙන හිටපු ජල ධාරාවලින් ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අයව නියෝජනය වෙනවා.+ 16 ඔයා දැක්ක අං දහය+ සහ මෘගයා+ ගණිකාවට+ වෛර කරලා ඇයව විනාශ කරනවා. එයාලා ඇයව නිරුවත් කරලා, ඇගේ මස් කාලා දාලා ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ 17 ඒ වගේ දෙයක් වෙන්නේ දෙවියන් එයාලාගේ හිත්වලට යම් අදහසක් දාන නිසයි.+ එයාලාගේ හිත්වලත් තියෙන්නේ ඒ අදහසමයි. ඒ අදහස නිසා දෙවියන් අරමුණු කරන දේ කරන්න එයාලා පෙලඹෙනවා. ඒ කියන්නේ දෙවියන් කියන දේ ඉටු වෙන කල් එයාලා එයාලාගේ රාජ්‍යය මෘගයාගේ අතට භාර දෙනවා.+ 18 ඔයා දැක්ක ස්ත්‍රියගෙන්+ මහත් නුවරක් නියෝජනය වෙනවා. පොළොවේ රජවරුන්ව පාලනය කරන රාජ්‍යයක් ඒ නුවරේ තියෙනවා.”
18 ඊටපස්සේ මං දැක්කා තවත් දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා. ඔහුට ලොකු අධිකාරියක් තිබුණා. ඔහුගේ තේජස නිසා පොළොව පුරාම ආලෝකය විහිදිලා ගියා. 2 ඔහු ප්‍රබල හඬකින් කෑගහලා මෙහෙම කිව්වා. “ඇය වැටිලා! මහ බැබිලෝනිය වැටිලා!+ ඇය භූතයන් වාසය කරන තැනක් වෙලා. හැම අපවිත්‍ර භූතයෙක්මත්* හැම අපවිත්‍ර, පිළිකුල් කුරුල්ලෙක්මත් ඇය ළඟ ඉන්නවා.+ 3 ලිංගික දුරාචාරයේ* යෙදෙන්න තරම් ආශාවක්* ඇති කරවන ඇගේ වයින් නිසා හැම ජාතියක්ම ඇයට අහු වෙලයි ඉන්නේ.+ පොළොවේ රජවරු ඇය එක්ක ලිංගික දුරාචාරයේ යෙදුණා.+ සැපපහසු ජීවිතයක් ගත කරන්න තියෙන ආසාව නිසා ඇය කිසිම ලැජ්ජාවක් නැතුව වැඩි වැඩියෙන් දේවල් රැස් කරගන්නවා. ඇය නිසා පොළොවේ ඉන්න වෙළෙන්දෝ* හුඟක් පොහොසත් වෙලා.”
4 ස්වර්ගයෙන් ආපු තවත් කටහඬක් මෙහෙම කියනවා මට ඇහුණා. “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න.+ ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම්+ දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න. 5 මොකද ඇය කරපු පව් කොච්චරද කියනවා නම් ඒවා ස්වර්ගය වෙන කල්ම උසට ගොඩගැහිලා.+ ඇය කරපු හැම අසාධාරණයක්* වෙනුවෙන්ම දෙවියන් දැන් ඇයට දඬුවම් කරන්නයි යන්නේ.+ 6 ඇය අනිත් අයට කරපු දේවල්ම ඇයටත් කරන්න.+ ඇය කළා වගේ දෙගුණයක් ඇයට දඬුවම් කරන්න.+ ඇය කුසලානයේ+ මිශ්‍ර කරලා හදපු පානය වගේ දෙගුණයක් ඒ කුසලානයේම මිශ්‍ර කරලා ඇයට දෙන්න.+ 7 ඇය තමන්වම උසස් කරගෙන කිසි ලැජ්ජාවක් නැතුව අසීමිත සැප සම්පත් භුක්ති වින්දා. ඇය සැප සම්පත් භුක්ති වින්ද තරමටම ඇයට වධ වේදනා විඳින්නත් වැලපෙන්නත් සලස්වන්න. මොකද ‘මං සිංහාසනයේ ඉන්න රැජිනක්. මම වැන්දඹුවක් නෙමෙයි. මට කවදාවත් වැලපෙන්න වෙන්නේ නැහැ’+ කියලා ඇය හිතන් ඉන්නවා. 8 ඇයට විඳින්න වෙන පීඩා හැම එකක්ම එකම දවසේ අද්දකින්න වෙන්නේ ඒ නිසයි. ඇයට මරණයත් වැලපීමත් සාගතත් අද්දකින්න වෙනවා. ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා.+ මොකද ඇයව විනිශ්චය කරපු යෙහෝවා* දෙවියන් හුඟක් බලවත්.+
9 “ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදෙමින් කිසිම ලැජ්ජාවක් නැතුව ඇයත් එක්ක සැපපහසු ජීවිතයක් ගත කරපු පොළොවේ රජවරු, ඇයව පුච්චලා දාද්දී නඟින දුම දකිනවා. ඒක දැක්කාම එයාලා එයාලාගේ පපුවට ගගහා හඬා වැලපෙයි. 10 ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට එයාලා දුරින් ඉඳන් මෙහෙම කියනවා. ‘අයියෝ, බැබිලෝනිය කියන මහත් නුවරට+ වෙච්ච දෙයක්! ශක්තිමත් නුවරට වෙච්ච අපරාධයක්! මොකද පැයක් ඇතුළත ඔයාගේ දඬුවම ලැබිලා ඉවරයි.
11 “පොළොවේ ඉන්න වෙළෙන්දොත් ඇයට වෙච්ච දේ නිසා හඬා වැලපෙනවා. මොකද එයාලා විකුණන්න ගෙනාපු හැම දෙයක්ම මිල දී ගන්න දැන් කවුරුත්ම නැහැ. 12 එයාලා විකුණන්න ගෙනාපු දේවල් මේවායි. රත්තරන්, රිදී, මුතු මැණික්, වටිනා ලිනන් රෙදි, දම් පාට රෙදි, සේද, තද රතු පාට රෙදි, සුවඳ ලීවලිනුත් ඇත්දළවලිනුත් වටිනා ලීවලිනුත් තඹවලිනුත් යකඩවලිනුත් කිරිගරුඬවලිනුත් හදපු හැම දෙයක්ම, 13 කුරුඳු, ඉන්දියාවේ කරදමුංගු, සුවඳ ද්‍රව්‍ය, සුවඳ තෙල්, කට්ටකුමංජල්, වයින්, ඔලීව තෙල්, සිහින් පිටි, තිරිඟු, ගවයන්, බැටළුවන්, අශ්වයන්, අශ්ව රථ, වහලුන් සහ වෙනත් මිනිස්සු. 14 ඔයා* ගොඩක් ආස කරපු හැම දෙයක්ම ඔයාට නැති වුණා. ඔව්, ඉස්තරම්ම කෑම, ලස්සන දේවල් හැම එකක්ම ආයෙත් හොයාගන්න බැරි වෙන්නම නැති වෙලා ගිහින්.
15 “ඇය විඳින වධ වේදනා එයාලටත් විඳින්න වෙයි කියන බයට ඒ දේවල් විකුණපු, ඇය නිසා පොහොසත් වුණ වෙළෙන්දෝ ඇයට දුරින් ඉඳලා හඬා වැලපෙනවා. 16 එයාලා මෙහෙම කියනවා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! වටිනා ලිනන් රෙදිවලිනුත් දම් සහ තද රතු පාට රෙදිවලිනුත් රත්තරන් ආභරණවලිනුත් මුතු මැණික්වලිනුත් සැරසිලා හිටිය+ ඒ නුවරට වෙච්ච අපරාධයක්! 17 මොකද එක පැයක් ඇතුළත ඇගේ ධන සම්භාරයම විනාශ වෙලා ගියා!’
“නැව්වල ඉන්න හැම කපිතාන්වරයෙක්මත් මුහුදේ ගමන් කරන හැම කෙනෙක්මත් හැම නැවියෙක්මත් මුහුදු රැකියා කරන හැම කෙනෙක්මත් දුර ඉඳන් බලාගෙන හිටියා. 18 ඇයව පුච්චද්දී නඟින දුම දිහා බලලා ‘මේ මහත් නුවරට සමාන කරන්න පුළුවන් තවත් නුවරක් තියෙනවාද’ කියලා එයාලා කෑගහලා කිව්වා. 19 එයාලා ඔළුවට වැලි දාගෙන හඬා වැලපෙමින් මෙහෙම කිව්වා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! නැව් හිමියන්ව ඇගේ ධනයෙන් පොහොසත් කරපු ඒ නුවරට වෙච්ච අපරාධයක්! මොකද එක පැයක් ඇතුළත ඇය විනාශ වෙලා ගියා!’+
20 “ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, ශුද්ධ තැනැත්තෙනි,+ නියෝජිතයෙනි, අනාගතවක්තෘවරුනි, ඇයට වෙච්ච දේ ගැන සතුටු වෙන්න.+ මොකද දෙවියන් ඔයාලා වෙනුවෙන් ඇයව විනිශ්චය කරලා ඇයට දඬුවම් කරලයි තියෙන්නේ.”+
21 එතකොට බලවත් දේවදූතයෙක් ලොකු ඇඹරුම් ගලක් වගේ ගලක් අරන් මුහුදට වීසි කරලා මෙහෙම කිව්වා. “මේ ගල එක මොහොතකින් මුහුදට වීසි කළා වගේ බැබිලෝනිය කියන මහත් නුවරත් එක මොහොතකින් බිමට ඇදලා දානවා. ඊටපස්සේ ඇයව ආයේ කවදාවත් හොයාගන්න බැරි වෙනවා.+ 22 වීණා වයන ගායකයන්ගෙවත් වෙනත් සංගීත භාණ්ඩ වාදනය කරන අයගෙවත් බටනළා සහ හොරණෑ පිඹින අයගෙවත් හඬ ඔයා තුළ ආයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. කිසිම ශිල්පියෙක්ව ආයේ කවදාවත් ඔයා තුළ දකින්න ලැබෙන්නෙත් නැහැ. ඇඹරුම් ගලක ශබ්දයවත් ඔයා තුළ අහන්න ලැබෙන්නේ නැහැ. 23 පහන් එළියක් ඔයා තුළ ආයෙත් බැබළෙන්නේ නැහැ. මනාලයෙක්ගෙවත් මනාලියකගෙවත් හඬ ඔයා තුළ ආයේ ඇහෙන්නේ නැහැ. ඒ දේ සිද්ධ වෙන්නේ ඔයාගේ වෙළෙන්දෝ පොළොවේ උසස් තනතුරු දරපු නිලධාරීන් වුණ නිසයි. ඔයා භූතවාදයට සම්බන්ධ දේවල්+ කරලා ජාතීන් හැමෝවම නොමඟ යවපු නිසයි. 24 ඇත්තටම අනාගතවක්තෘවරුන්ගෙත් ශුද්ධ තැනැත්තන්ගෙත් පොළොවේ මරලා දාපු+ හැම කෙනෙක්ගෙමත් ලේවලට+ ඔයා වග කියන්න ඕනේ.”
19 ඊටපස්සේ ස්වර්ගයෙන් මට ප්‍රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ ගැලවීම ලබා දෙන්නේ අපේ දෙවියන්. තේජසත් බලයත් අයිති ඔහුටයි. 2 මොකද ඔහු ලබා දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.+ ලිංගික දුරාචාරයේ* යෙදිලා පොළොව දූෂණය කරපු මහා ගණිකාවට නියම කරපු දඬුවම ඔහු ක්‍රියාත්මක කළා. ඔහුගේ දාසයන්ගේ ලේ හලපු ඒ ගණිකාවට ඔහු දඬුවම් කරලා එයාලා වෙනුවෙන් යුක්තිය ඉටු කරලයි තියෙන්නේ.”+ 3 ඒත් එක්කම මට ඇහුණ හඬ දෙවෙනි පාරටත් මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ මොකද ගණිකාවගෙන් නැඟෙන දුම සදහටම ඉහළට නඟිනවා.”+
4 වැඩිමහල්ලෝ 24දෙනායි,+ ජීවීන් හතරදෙනායි+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියන් ඉස්සරහා වැඳ වැටිලා ඔහුට නමස්කාර කරමින් මෙහෙම කිව්වා. “ආමෙන්!* යාහ්ට ප්‍රශංසා වේවා!”*+
5 ඒ වගේම සිංහාසනයෙන් ආපු කටහඬක් මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබිය පෙන්නන හැම තරාතිරමකම ඉන්න+ ඔහුගේ සියලු දාසයෙනි, අපේ දෙවියන්ට දිගටම ප්‍රශංසා කරන්න.”+
6 ඊටපස්සේ මට තවත් ප්‍රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ඒ වගේම මහත් ගිගුරුම් ගණනාවකින් එන හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ මොකද සියලු බලැති+ තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා* රජකම් කරන්න පටන් අරන්!+ 7 අපි සතුටු වෙමු. සතුටින් කෑගහමු. ඔහුගේ තේජස ගැන කියලා ඔහුට ප්‍රශංසා කරමු. මොකද බැටළු පැටියාගේ විවාහ උත්සවය පටන්ගන්න වෙලාව ඇවිත්. ඔහුගේ මනාලියත් දැන් ලෑස්ති වෙලයි ඉන්නේ. 8 පිරිසිදු, දීප්තිමත් වටිනා ලිනන් ඇඳුම්වලින් සැරසිලා ඉන්න දැන් මනාලියට අවසර ලැබිලා තියෙනවා. ඒ වටිනා ලිනන්වලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා.”+
9 එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “මේක ලියාගන්න. බැටළු පැටියාගේ විවාහ උත්සවයේ+ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කරපු අයට හුඟක් සතුටු වෙන්න පුළුවන්.” “දෙවියන් කියන ඒ දේවල් විශ්වාසවන්තයි” කියලත් ඔහු මට කිව්වා. 10 මම ඔහුගේ කකුල් ළඟ වැටිලා ඔහුට නමස්කාර කරන්න හදද්දී ඔහු මට මෙහෙම කිව්වා. “එහෙම කරන්න එපා! පරෙස්සම් වෙන්න!+ යේසුස් ගැන සාක්ෂියක් දරන්න+ පත් කරලා තියෙන ඔයායි, ඔයාගේ සහෝදරයනුයි වගේම මාත් නිකම්ම දාසයෙක් විතරයි. දෙවියන්ට නමස්කාර කරන්න.+ මොකද අනාවැකි කියලා තියෙන්නේ යේසුස් ගැන සත්‍යය එළිදරව් කරන්නයි.”+
11 ඊටපස්සේ මං දැක්කා ස්වර්ගය විවෘත වෙලා තියෙනවා. බලන්න! සුදු අශ්වයෙක්+ ඉන්නවා මං දැක්කා. ඒ අශ්වයා පිට ඉඳගෙන හිටිය කෙනාව හඳුන්වන්නේ විශ්වාසවන්ත,+ සැබෑ+ තැනැත්තා විදිහටයි. ඔහු විනිශ්චය කරන්නෙත් යුද්ධ කරන්නෙත් ධර්මිෂ්ඨකම පදනම් කරගෙන.+ 12 ඔහුගේ ඇස් ගිනිදලු වගේ.+ ඔහුගේ හිස මත හුඟක් ඔටුනු තියෙනවා. ඔහු මත නමක් ලියලා තියෙනවා. ඔහු ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ නම දන්නේ නැහැ. 13 ඔහු ඇඳගෙන ඉන්නේ ලේ පැල්ලම් තියෙන* ඇඳුමක්. ඔහුව හඳුන්වන්නේ දෙවියන්ගේ ‘වචනය’+ කියන නමින්. 14 ඒ වගේම ස්වර්ගයේ ඉන්න සේනාවන් සුදු අශ්වයන් පිට නැඟලා ඔහුගේ පිටිපස්සෙන් ආවා. එයාලා ඇඳගෙන හිටියේ පිරිසිදු, සුදු, වටිනා ලිනන් ඇඳුම්. 15 ඔහුගේ කටින් ගොඩක් තියුණු, දිග කඩුවක් නික්මෙනවා.+ ඒ කඩුවෙන් තමයි ඔහු ජාතීන්ට පහර දෙන්නේ. ඔහු එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් එයාලව පාලනය කරයි.+ ඔහු සියලු බලැති දෙවියන්ගේ මහත් කෝපය නියෝජනය කරන මිදි පාගන තැනට ගිහින් මිදි පාගනවා.+ 16 ඔහුගේ කළවා ප්‍රදේශය මත වැටිලා තියෙන පිට වස්ත්‍රයේ නමක් ලියලා තියෙනවා. ඒ තමයි රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්+ කියන නම.
17 ඉර මැද හිටගෙන ඉන්න දේවදූතයෙක්වත් මං දැක්කා. ඔහු හයියෙන් කෑගහලා අහසේ පියාසර කරන හැම කුරුල්ලෙක්ටම මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනයට රැස් වෙන්න.+ 18 එතකොට රජවරුන්ගෙත් හමුදාපතීන්ගෙත් ශක්තිමත් මිනිස්සුන්ගෙත් අශ්වයන්ගෙත් උන් පිට ඉන්න අසරුවන්ගෙත් දාසයන්ගෙත් නිදහස් පුරවැසියන්ගෙත් හැම තරාතිරමකම ඉන්න මිනිස්සුන්ගෙත් මස් කන්න ඔයාලට පුළුවන්.”+
19 ඊටපස්සේ, මෘගයාත් පොළොවේ රජවරුත් එයාලාගේ හමුදාත් රැස් වෙලා ඉන්නවා මං දැක්කා. එයාලා රැස් වෙලා හිටියේ අශ්වයා පිට ඉඳගෙන හිටපු කෙනාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කරන්නයි.+ 20 මෘගයාවයි, බොරු අනාගතවක්තෘවරයාවයි අල්ලගත්තා.+ ඒ බොරු අනාගතවක්තෘවරයා තමයි මෘගයා ඉස්සරහා ලකුණු පෙන්නලා මෘගයාගේ ලකුණ ලබපු අයවත්+ මෘගයාගේ රූපයට නමස්කාර කරපු අයවත්+ නොමඟ යැව්වේ. ඒ දෙන්නාව අල්ලගෙන ගෙන්දගම්වලින් දැවෙන ගිනිවිලට+ පණපිටින්ම වීසි කළා. 21 ඉතුරු වෙලා හිටපු අය, අශ්වයා පිට ඉඳගෙන හිටිය කෙනාගේ කටින් නික්මෙන දිග කඩුවෙන් මැරුම් කෑවා.+ හැම කුරුල්ලෙක්ම ඇවිත් මැරුණ අයගේ මස් ඇති වෙන්න කෑවා.+
20 දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා මං දැක්කා. ඔහුගේ අතේ අගාධයේ යතුරයි,+ ලොකු දම්වැලකුයි තිබුණා. 2 ඔහු මකරාව,+ ඒ කියන්නේ යක්ෂයා+ කියලත් සාතන්+ කියලත් හඳුන්වන මුල් සර්පයාව+ අල්ලලා අවුරුදු 1,000කට බැඳලා දැම්මා. 3 ඔහු මකරාව අගාධයට+ වීසි කරලා ඒක වහලා ඒක මුද්‍රා කළා. ඔහු එහෙම කළේ අවුරුදු 1,000 ඉවර වෙන කල් තවදුරටත් ජාතීන්ව නොමඟ යවන්න මකරාට බැරි වෙන්නයි. ඒකෙන් පස්සේ මකරාව ටික කාලෙකට නිදහස් කරනවා.+
4 එතකොට මම සිංහාසන දැක්කා. ඒ සිංහාසනවල ඉඳගෙන හිටපු අයට විනිශ්චය කරන්න බලය දුන්නා. ඇත්තටම මං ඒ දැක්කේ මරලා දාලා තිබුණ* අයවයි.* එයාලව මරලා දැම්මේ එයාලා යේසුස් ගැන සාක්ෂි දරපු නිසයි. දෙවියන් ගැන කතා කරපු නිසයි. එයාලා තමයි මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර කළේ නැති, එයාලාගේ නළල්වලවත් අත්වලවත් උගේ සලකුණ දාගත්තේ නැති අය.+ එයාලට ජීවනය ලැබුණා. ඊටපස්සේ එයාලා ක්‍රිස්තුස් එක්ක අවුරුදු 1,000ක් රජකම් කළා.+ 5 ඒක තමයි පළවෙනි නැවත නැඟිටීම.+ (අවුරුදු 1,000 ඉවර වෙන කල් මිය ගිය අනිත් අයට+ ජීවනය ලැබෙන්නේ නැහැ.) 6 පළවෙනි නැවත නැඟිටීම+ ලැබෙන අය ශුද්ධයි. එයාලට සතුටු වෙන්න පුළුවන්. මොකද එයාලට කවදාවත් දෙවෙනි මරණය+ අද්දකින්න වෙන්නේ නැහැ.+ එයාලා දෙවියන් වෙනුවෙනුත් ක්‍රිස්තුස් වෙනුවෙනුත් පූජකයන්+ විදිහට සේවය කරනවා. ඒ වගේම එයාලා අවුරුදු 1,000ක් ක්‍රිස්තුස් එක්ක රජකම් කරනවා.+
7 අවුරුදු 1,000 ඉවර වුණ ගමන්ම සාතන්ව හිරෙන් නිදහස් කරනවා. 8 එයා එතනින් පිටත් වෙලා පොළොවේ හතර කොනේම විසිරිලා ඉන්න ජාතීන්ව, ඒ කියන්නේ ගොග් සහ මාගොග්ව නොමඟ යවලා එයාලව යුද්දෙට රැස් කරනවා. එයාලාගේ ගාණ මුහුදේ වැලි වගේ. 9 එයාලා පොළොව පුරාම ගිහින් ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරයි, දෙවියන්ට ප්‍රිය නුවරයි වැටලුවා. ඒත් ස්වර්ගයෙන් ගිනි ඇවිත් එයාලව නැති කරලා දැම්මා.+ 10 එයාලව නොමඟ යවමින් හිටපු යක්ෂයාව ගින්දරවලිනුත් ගෙන්දගම්වලිනුත් දැවෙන විලට වීසි කළා. ඒ වෙනකොටත් මෘගයායි,+ බොරු අනාගතවක්තෘවරයායි+ එහේ හිටියා. එහෙදී රෑ දවල් දෙකේම සදහටම එයාලට වධ විඳින්න වෙනවා.*
11 එතකොට මම සුදු පාට මහත් සිංහාසනයකුත් ඒකේ ඉඳගෙන හිටපු තැනැත්තාවත්+ දැක්කා. ඔහුගේ ඉස්සරහින් අහසත් පොළොවත් පලා ගියා.+ ඒවාට ඉන්න කිසිම තැනක් හොයාගන්න බැරි වුණා. 12 ඊටපස්සේ මිය ගිය හැම තරාතිරමකම අය සිංහාසනය ඉස්සරහා හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ වෙලාවේ අකුළලා තිබුණ ලියවිලි දිගහැරියා. ඊටපස්සේ තවත් ලියවිල්ලක්+ දිගහැරියා. ඒ තමයි ජීවන ලියවිල්ල. මිය ගිය අයව ඒ ලියවිලිවල සටහන් කරලා තිබුණ දේවල්වලට අනුවත් එයාලාගේ ක්‍රියාවලට අනුවත් විනිශ්චය කළා.+ 13 මුහුද ඒකේ හිටපු මිය ගිය අයව භාර දුන්නා. මරණය සහ මිනී වළත් මිය ගිය අයව භාර දුන්නා. ඒ එක් එක් කෙනාව එයාලා කරපු දේවල්වලට අනුව විනිශ්චය කළා.+ 14 ඊටපස්සේ මරණය සහ මිනී වළ ගිනිවිලට හෙළුවා.+ ගිනිවිලෙන්+ නියෝජනය වෙන්නේ දෙවෙනි මරණයයි.+ 15 ජීවන ලියවිල්ලේ+ නම් සඳහන් වෙලා නැති හැමෝවමත් ගිනිවිලට හෙළුවා.+
21 මම අලුත් අහසක් සහ අලුත් පොළොවක්+ දැක්කා. කලින් තිබුණ අහසයි, කලින් තිබුණ පොළොවයි නැති වෙලා ගිහින් තිබුණා.+ මුහුදත්+ නැති වෙලා ගිහින් තිබුණා. 2 ඒ වගේම ශුද්ධ නුවර, ඒ කියන්නේ අලුත් යෙරුසලම ස්වර්ගයේ දෙවියන් ඉන්න තැන ඉඳන් බැහැලා එනවා මං දැක්කා.+ ඒ නුවර පේන්න තිබුණේ ලස්සනට සැරසිලා, ස්වාමිපුරුෂයා ළඟට යන මනාලියක් වගෙයි.+ 3 ඒත් එක්කම සිංහාසනයෙන් ආපු හඬක් හයියෙන් මෙහෙම කියනවා මට ඇහුණා. “බලන්න! දෙවියන්ගේ කූඩාරම දැන් තියෙන්නේ මිනිස්සු අතරේ. ඔහු එයාලා එක්ක ජීවත් වෙනවා. එයාලා ඔහුගේ සෙනඟ වෙනවා. දෙවියනුත් එයාලා එක්කම ඉන්නවා.+ 4 ඒ වගේම දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා.+ මරණය නැත්තටම නැති වෙනවා.+ ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.+ කලින් විඳින්න වුණ හැම දුකක්ම නැති වෙලා ගිහින්.”*
5 සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා+ මෙහෙම කිව්වා. “බලන්න! මම හැම දෙයක්ම අලුත් කරනවා.”+ ඔහු මෙහෙමත් කියනවා. “මේ වචන ලියාගන්න. මොකද ඒවා ඇත්තයි, විශ්වාසවන්තයි.” 6 ඔහු මට මෙහෙමත් කිව්වා. “ඒ වචන ඉටු වෙලයි තියෙන්නේ! ඇල්ෆා සහ ඔමේගා,* ඒ කියන්නේ පටන්ගැන්ම සහ අවසානය මමයි.+ තිබහෙන් ඉන්න කෙනාට මම ජීවන වතුර උනන උල්පතෙන් නොමිලේ වතුර බොන්න දෙනවා.+ 7 ජය ගන්න කෙනාට ඒ දේවල් උරුම වෙනවා. මම එයාගේ දෙවියන් වෙනවා. එයා මගේ පුතා වෙනවා. 8 ඒත් බයගුල්ලන්වත් විශ්වාසයක් නැති අයවත්+ පිළිකුල් දේවල් කරන අපවිත්‍ර අයවත් මිනීමරුවන්වත්+ ලිංගික දුරාචාරයේ* යෙදෙන+ අයවත් භූතවාදයට සම්බන්ධ දේවල් කරන අයවත් රූපවලට නමස්කාර කරන අයවත් බොරු කියන+ අයවත් ගින්දරෙන් සහ ගෙන්දගම්වලින් දැවෙන විලට+ වීසි කරනවා. ඒකෙන් නියෝජනය වෙන්නේ දෙවෙනි මරණයයි.”+
9 අවසන් පීඩා හත පිරුණු බඳුන් හත තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. මනාලියව, ඒ කියන්නේ බැටළු පැටියාගේ භාර්යාවව+ මං ඔයාට පෙන්නන්නම්.” 10 ඉතින් ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව හරිම විශාල, උස කන්දකට අරන් ගියා. එතන ඉද්දී ශුද්ධ නුවර වන යෙරුසලම ස්වර්ගයේ දෙවියන් ඉන්න තැන ඉඳන් බැහැගෙන එනවා ඔහු මට පෙන්නුවා.+ 11 ඒක දෙවියන්ගේ තේජසින් බැබළුණා.+ වටිනා මැණිකකට තියෙනවා වගේ දීප්තියක් ඒකට තිබුණා. ඒක හරියට පළිඟුවක් වගේ බැබළෙන ජැස්පර් ගලක දීප්තිය වගේ.+ 12 ඒ නුවරට විශාල, උස පවුරකුත් දොරටු 12කුත් තිබුණා. ඒ දොරටු ළඟ දේවදූතයෝ 12දෙනෙක් හිටියා. ඒ දොරටුවල ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12හේ නම් ලියලා තිබුණා. 13 නැඟෙනහිරෙන් දොරටු තුනකුත් උතුරෙන් දොරටු තුනකුත් දකුණෙන් දොරටු තුනකුත් බස්නාහිරෙන් දොරටු තුනකුත් තිබුණා.+ 14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල් 12ක් දාලා තිබුණා. ඒවාවල බැටළු පැටියාගේ නියෝජිතයන් 12දෙනාගේ නම් 12+ ලියලා තිබුණා.
15 මාත් එක්ක කතා කරකර හිටපු කෙනාගේ අතේ මනින්න පාවිච්චි කරන රත්තරන් බට දණ්ඩක් තිබුණා. ඒකෙන් එයා ඒ නුවරයි, නුවරේ දොරටුයි, ඒකේ පවුරයි මනින්න ලෑස්ති වෙලයි හිටියේ.+ 16 ඒ නුවරට තිබුණේ හරි හතරැස් හැඩයක්. ඒකේ දිගයි, පළලයි එක සමානයි. ඔහු බට දණ්ඩෙන් නුවර මැනලා බලද්දී ඒක ස්ටේඩියා 12,000ක්* වුණා. ඒකේ දිගයි, පළලයි, උසයි එක සමානයි. 17 ඔහු ඒකේ පවුරත් මැන්නා. මිනිස්සුන්ගේ මිම්මකින් මැන්නත් දේවදූතයෙක්ගේ මිම්මකින් මැන්නත් ඒක රියන් 144ක්.* 18 ඒකේ පවුර හදලා තිබුණේ ජැස්පර් ගල්වලින්.+ පිරිසිදු රත්තරන්වලින් හදලා තිබුණ ඒ නුවර පේන්න තිබුණේ පැහැදිලි වීදුරු වගේ. 19 ඒ නුවර වටේ තිබුණ පවුරේ අත්තිවාරම් එක එක විදිහේ වටිනා මැණික්වලින් හදලා* තිබුණා. පළවෙනි අත්තිවාරම හදලා තිබුණේ ජැස්පර්වලින්. දෙවෙනි එක නිල් මැණික්වලින්. තුන්වෙනි එක කැල්සිඩ්නිවලින්. හතරවෙනි එක මරකතවලින්. 20 පස්වෙනි එක සාඩොනික්ස්වලින්. හයවෙනි එක සාඩියස්වලින්. හත්වෙනි එක ක්‍රිසොලයිට්වලින්. අටවෙනි එක බෙරිල්වලින්. නමවෙනි එක පඩියන්වලින්. දහවෙනි එක ක්‍රිසොප්‍රේස්වලින්. එකොළොස්වෙනි එක හයසින්ත්වලින්. දොළොස්වෙනි එක අමතේස්තවලින්. 21 දොරටු 12 මුතු 12ක්. හැම දොරටුවක්ම හදලා තිබුණේ එක මුතු ඇටයකින්. නුවරේ ප්‍රධාන පාර හදලා තිබුණේ පිරිසිදු රත්තරන්වලින්. ඒක පෙනුණේ විනිවිද පේන වීදුරු වගේ.
22 ඒත් මං ඒ නුවරේ දේවමාලිගාවක් දැක්කේ නැහැ. මොකද සියලු බලැති+ යෙහෝවා* දෙවියන් සහ බැටළු පැටියා තමයි ඒකේ දේවමාලිගාව. 23 ඒ නුවරට එළිය දෙන්න ඉරවත් හඳවත් ඕනෙ නැහැ. මොකද දෙවියන්ගේ තේජසින් මුළු නුවරම ආලෝකවත් වෙනවා.+ බැටළු පැටියා තමයි ඒකේ පහන.+ 24 ජාතීන් ඒ නුවරෙන් එන ආලෝකයේ ගමන් කරයි.+ පොළොවේ ඉන්න රජවරු තමන්ගේ තේජස ඒ නුවර ඇතුළට අරන් එයි. 25 එහේ දොරටු කවදාවත් වහන්නේ නැහැ. මොකද එහේ කවදාවත් රාත්‍රියක් ඇති වෙන්නේ නැහැ.+ 26 ඒ වගේම ජාතීන්ට තියෙන තේජසත් ගෞරවයත් ඒ නුවරට අරන් එයි.+ 27 ඒත් කොයිම වෙලාවකවත් පිළිකුල් දෙයක් ඒකට ඇතුල් වෙන්නේ නැහැ. පිළිකුල් දේවල් කරන කිසිම කෙනෙක්වත් වංචා කරන කිසිම කෙනෙක්වත් ඒකට ඇතුල් වෙන්නේ නැහැ.+ ඒකට ඇතුල් වෙන්නේ බැටළු පැටියාගේ ජීවන ලියවිල්ලේ නම් ලියලා තියෙන අය විතරයි.+
22 පළිඟු වගේ පැහැදිලි, ජීවන වතුර තියෙන ගංගාවකුත් ඔහු මට පෙන්නුවා.+ ඒක දෙවියන්ගෙත් බැටළු පැටියාගෙත් සිංහාසනයේ ඉඳන් ඇවිත්,+ 2 නුවරේ ප්‍රධාන පාර මැදින් ගලාගෙන ගියා. ගඟේ දෙපැත්තේම ජීවන වෘක්ෂ තිබුණා. ඒ ගස් මාසෙකට එක වතාවක් ගාණේ අවුරුද්දකට 12 වතාවක් පල දැරුවා. ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ව සුව කරන්නයි.+
3 ආයේ කවදාවත් කිසිම ශාපයක් ඒ නුවරේ තියෙන්න යන්නේ නැහැ. දෙවියන්ගෙත් බැටළු පැටියාගෙත් සිංහාසනය+ ඒ නුවරේ තියෙනවා. දෙවියන්ගේ දාසයන් ඔහුට දිගටම පරිශුද්ධ සේවයක් කරනවා. 4 එයාලා ඔහුගේ මූණ දකිනවා.+ ඔහුගේ නම එයාලාගේ නළල්වල සඳහන් කරලා තියෙනවා.+ 5 ආයේ කවදාවත් එහේ රාත්‍රියක් තියෙන්නේ නැහැ.+ එයාලට පහන් එළියවත් හිරු එළියවත් ඕනෙ වෙන්නේ නැහැ. මොකද යෙහෝවා* දෙවියන් තමයි එයාලට ආලෝකය දෙන්නේ.+ එයාලා සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.+
6 ඔහු මට මෙහෙම කිව්වා. “ඒ වචන ඇත්තයි, විශ්වාසවන්තයි.+ ඔව්, අනාගතවක්තෘවරුන්ට බලය දීපු යෙහෝවා* දෙවියන් තමයි තමන්ගේ දූතයාව එවලා, ළඟදී වෙන්න නියමිත දේවල් තමන්ගේ දාසයන්ට පෙන්නුවේ.+ 7 බලන්න! මම ඉක්මනටම එනවා.+ මේ ලියවිල්ලේ තියෙන අනාවැකියට ඇතුළත් දේවල් පිළිපදින කෙනාට සතුටු වෙන්න පුළුවන්.”+
8 ඒ හැම දේම දැක්කේ යොහන් වන මමයි. ඒ හැම දේම ඇහුණෙත් මටයි. ඒ දේවල් ඇහුවාට පස්සේ, දැක්කාට පස්සේ ඒවා මට පෙන්නපු දේවදූතයාගේ කකුල් ළඟ වැටිලා මම ඔහුට නමස්කාර කරන්න හැදුවා. 9 ඒත් ඔහු මට මෙහෙම කිව්වා. “එහෙම කරන්න එපා! පරෙස්සම් වෙන්න! ඔයායි, අනාගතවක්තෘවරුන් වන ඔයාගේ සහෝදරයනුයි, මේ ලියවිල්ලේ තියෙන දේවල් පිළිපදින අයයි වගේ මාත් නිකම්ම දාසයෙක් විතරයි. දෙවියන්ට නමස්කාර කරන්න.”+
10 ඔහු මෙහෙමත් කිව්වා. “මේ ලියවිල්ලේ තියෙන අනාවැකියට ඇතුළත් වචන මුද්‍රා කරන්න එපා. මොකද නියමිත කාලය ළඟයි. 11 අධර්මිෂ්ඨ දේවල් කරන කෙනාට දිගටම අධර්මිෂ්ඨ දේවල් කරන්න ඉඩහරින්න. පිළිකුල් දේවල් කරන කෙනාට දිගටම පිළිකුල් දේවල් කරන්න ඉඩ දෙන්න. ඒත් ධර්මිෂ්ඨ කෙනා දිගටම ධර්මිෂ්ඨ දේවල් කරන්න ඕනේ. ශුද්ධ කෙනා දිගටම එයාගේ ජීවිතේ ශුද්ධව තියාගන්න ඕනේ.
12 “‘බලන්න! මම ඉක්මනින්ම එනවා. මම ඇවිත් එක් එක් කෙනා කරපු දේවල්වලට අනුව එයාලට ආශීර්වාද හරි දඬුවම් හරි කරනවා.+ 13 ඇල්ෆා සහ ඔමේගා,*+ ඒ කියන්නේ පළවෙනියා සහ අන්තිමයාත් පටන්ගැන්ම සහ අවසානයත් මමයි. 14 තමන්ගේ ඇඳුම් හෝදලා පවිත්‍ර කරගන්න අය+ ඉන්නේ සතුටින්. මොකද එයාලට ජීවන වෘක්ෂ ළඟට යන්න අයිතිය ලැබෙනවා.+ ඒ වගේම නුවරේ දොරටුවලින් නුවරට ඇතුල් වෙන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා.+ 15 නුවරෙන් එළියේ ඉන්නේ බල්ලන්* වගේ හැසිරෙන, භූතවාදයට සම්බන්ධ දේවල් කරන, ලිංගික දුරාචාරයේ* යෙදෙන, මිනී මරන, රූපවලට නමස්කාර කරන, බොරුවට ආස කරන සහ බොරු කියන අයයි.’+
16 “‘යේසුස් වන මම ඔයාලට මේ දේවල් ගැන සාක්ෂි දරන්න මගේ දූතයාව එව්වා. මං එහෙම කළේ සභාවල අයගේ ප්‍රයෝජනයට. දාවිත්ගේ මුලත් එයාගෙන් පැවතෙන කෙනාත් මමයි.+ දීප්තිමත් පහන් තාරකාවත් මමයි.’”+
17 දෙවියන්ගේ බලය සහ මනාලිය+ දිගින් දිගටම “එන්න” කියලා ආරාධනා කරනවා. ඒක අහන කෙනාත් “එන්න” කියලා ආරාධනා කරන්න ඕනේ. තිබහෙන් ඉන්න හැම කෙනෙක්ම එන්න.+ කැමති ඕනෙම කෙනෙක් ඇවිත් ජීවනය ගෙන දෙන වතුර නොමිලේ අරන් බොන්න.+
18 “මේ ලියවිල්ලේ තියෙන අනාවැකියට ඇතුළත් වචන අහන හැමෝටම මං මේ අනතුරු ඇඟවීම දෙනවා. කෙනෙක් මේ ලියවිල්ලේ තියෙන දේවල්වලට මොනවා හරි දෙයක් එකතු කළොත්+ මේ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන පීඩාවලින්+ දෙවියන් එයාට පහර දෙයි. 19 ඒ වගේම කෙනෙක් මේ ලියවිල්ලේ තියෙන අනාවැකියේ වචනවලින් මොනවා හරි දෙයක් අයින් කළොත් මේ ලියවිල්ලේ සඳහන් වෙන ජීවන වෘක්ෂවලින්+ කන්නවත් ශුද්ධ නුවරට+ ඇතුල් වෙන්නවත් දෙවියන් එයාට ඉඩ දෙන්නේ නැහැ.
20 “මේ දේවල් ගැන සාක්ෂි දරන කෙනා ‘ඔව්, මම ඉක්මනින්ම එනවා’+ කියලා කියනවා.”
“ආමෙන්!* ස්වාමීන් වන යේසුස්, එන්න.”
21 ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව ශුද්ධ තැනැත්තන්ට හැමදාටම ලැබේවා!
හෝ, “හෙළි කිරීමක්; අනාවරණයක්.”
මූ.අ., “ඔහු.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “මරණයෙන් නැඟිට්ටවපු අයගෙන් කුලුඳුලාත්.”
හෝ, “එසේම වේවා!”
හෝ, “එසේම වේවා!”
උප. A5 බලන්න.
ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.
මූ.අ., “පාද.”
හෝ, “යවනු ලැබූ අය.”
මූ.අ., “කන් තියෙන අය ඇහුම්කන් දෙන්න.”
“පැහැදිලි කිරීමක්” බලන්න.
“පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
මූ.අ., “වකුගඩු.”
මූ.අ., “මරණාසන්නව තියෙන දේවල්.”
මූ.අ., “මගේ නමට.”
හෝ සමහරවිට, “ඔයාලා මං විඳදරාගත්ත විදිහ ආදර්ශයට ගන්නවා.”
මූ.අ., “සන්ධ්‍යා භෝජනය.”
හෝ, “වටිනා රතු මැණිකක්.”
හෝ, “සිංහාසනය ළඟ.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ.”
හෝ, “මැදත්.”
හෝ, “දහසක් වර දහසක්, දසදහසක් වර දසදහසක් හිටියා.”
හෝ, “එසේම වේවා!”
මූ.අ., “ක්වාට් එකක.” උප. B14 බලන්න.
රෝමවරු පාවිච්චි කරපු රිදී කාසියක්. ඒක සාමාන්‍යයෙන් කෙනෙක්ගේ දවසේ වැටුප. උප. B14 බලන්න.
මූ.අ., “ක්වාට් තුනක.” උප. B14 බලන්න.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
සමහරවිට මෙතන කතා කරන්නේ එළු රෝම ගැන වෙන්න පුළුවන්.
හෝ, “නැඟෙනහිර.”
හෝ, “එසේම වේවා!”
මූ.අ., “වාතයත්.”
තේරුම, “විනාශය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
තේරුම, “විනාශ කරන කෙනා.”
ඒ කියන්නේ මිලියන දෙසීයක්.
මූ.අ., “එයාලාගේ අත්වලින් හදපු දේවල්.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “සැරසිලයි.”
මූ.අ., “පාද.”
හෝ, “රහසිගතව තියාගන්න.”
හෝ, “මනින ලීයක්.”
ඒ කියන්නේ ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය තිබුණ දේවමාලිගාවේ ප්‍රධාන කොටස.
හෝ, “ගණන් කරන්න.”
හෝ, “ස්වර්ගයේ.”
හෝ, “බලාගෙන හිටියා.”
ඒ කියන්නේ යෙහෝවා දෙවියන්.
උප. A5 බලන්න.
හෝ, “නාස්ති කරලා දාන.”
ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.
හෝ, “සූර්යයා පැලඳගෙනයි.”
මූ.අ., “උදුරගෙන.”
තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”
හෝ සමහරවිට, “ඌව [ඒ කියන්නේ මකරාව] පැරැද්දුවා.”
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ කාලවල් තුනහමාරකට.
ඒ කියන්නේ මකරා.
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
හෝ සමහරවිට, “කෙනෙක්ව කඩුවෙන් මරලා දාන්න නියම කරලා තියෙනවා නම්.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ සමහරවිට, “කේන්තියක්.”
මූ.අ., “එයාලත් එක්කම යනවා.”
ඒ කියන්නේ අතිශුද්ධස්ථානයෙන්.
කි.මී. 296ක් (සැතපුම් 184ක්) විතර. ස්ටේඩියා එකක් කියන්නේ මීටර් 185ක් (අඩි 606.95ක්). උප. B14 බලන්න.
උප. A5 බලන්න.
මූ.අ., “ඔබේ හැම මාර්ගයක්ම.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.
උප. A5 බලන්න.
මූ.අ., “ඉර නැඟෙන පැත්තෙන්.”
මූ.අ., “අපවිත්‍ර භූතයන්.” ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ලකුණු.”
ග්‍රීක භාෂාවෙන් හර්මගෙදොන්. ඒ වචනය හැදිලා තියෙන්නේ “මෙගිද්දෝ කන්ද” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින්.
ග්‍රීක තලෙන්තයක බර කි.ග්‍රෑ. 20.4ක්. උප. B14 බලන්න.
“පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
හෝ සමහරවිට, “වාතයක්ම; හුස්මක්ම; අද්භූත පණිවිඩයක්ම.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ සමහරවිට, “කේන්තියක්.”
හෝ, “සංචාරක වෙළෙන්දෝ.”
හෝ, “හැම අපරාධයක්.”
උප. A5 බලන්න.
“පැහැදිලි කිරීමක්” බලන්න.
ඒ කියන්නේ බැබිලෝනිය.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “එසේම වේවා!”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
උප. A5 බලන්න.
හෝ සමහරවිට, “ලේ ඉහපු.”
මූ.අ., “පොරොවෙන් මරලා දාලා තිබුණ.”
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “එයාලව හිර කරලා තියාගන්නවා.”
මූ.අ., “කලින් තිබුණ දේවල් දැන් නැති වෙලා ගිහින්.”
ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.
“පැහැදිලි කිරීමක්” බලන්න.
කි.මී. 2,220ක් (සැතපුම් 1,379ක්) විතර. ස්ටේඩියා එකක් කියන්නේ මීටර් 185ක් (අඩි 606.95ක්). උප. B14 බලන්න.
ඒ කියන්නේ මීටර් 64ක් (අඩි 210ක්) විතර. උප. B14 බලන්න.
මූ.අ., “අලංකාර කරලා.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.
ඒ කියන්නේ දෙවියන් පිළිකුල් කරන නින්දිත දේවල් කරන අය.
“පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “එසේම වේවා!”