යෝවෙල්
1 පෙතුයෙල්ගේ පුතා වුණ යෝවෙල්ට* යෙහෝවා දෙවියන් දුන්න පණිවිඩයයි මේ.
ඔබේ ජීවිත කාලයේදීවත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේදීවත්+
මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවාද?
4 මුලින්ම ආපු* පළඟැටියන් කාලා ඉතුරු කරපු දේ, වැඩුණු* පළඟැටියන් ඇවිත් කාලා දැම්මා.+
වැඩුණු පළඟැටියන් කාලා ඉතුරු කරපු දේ, පියාපත් නැති පළඟැටියන්* ඇවිත් කාලා දැම්මා.
පියාපත් නැති පළඟැටියන් කාලා ඉතුරු කරපු දේ, හැම දේම විනාශ කරන පළඟැටියන් ඇවිත් කාලා දැම්මා.+
5 බේබද්දෙනි, අවදි වෙන්න.+ හඬා වැලපෙන්න.
වයින්වලට ප්‍රිය කරන සියල්ලෙනි, කෑගහලා අඬන්න.
මොකද ආයෙත් නම් ඔබට අලුත් වයින් බොන්න ලැබෙන්නේ නැහැ.+
6 ගණන් කරන්න බැරි තරම් විශාල, බලවත් ජාතියක්+ මගේ දේශය ආක්‍රමණය කරලා.
උන්ගේ දත් සිංහයන්ගේ දත් වගේ.+ උන්ගේ හකු සිංහයන්ගේ හකු වගේ ශක්තිමත්.
7 උන් මගේ මිදිවැල වනසලා.
මගේ අත්තික්කා ගහේ කඳ විතරක් ඉතුරු වෙන්න අනිත් හැම දේම කාලා දාලා.
මිදිවැලෙත් අත්තික්කා ගහෙත් පොතු ගලවලා වීසි කරලා.
ඒවායේ අතු දැන් සුදු පාටයි.
9 යෙහෝවාගේ ගෘහයට ධාන්‍ය පූජා,+ පාන පූජා+ ගේන එක දැන් නවත්තලා.
යෙහෝවා දෙවියන්ට සේවය කරන පූජකයන් අඬඅඬ දුක් වෙනවා.
10 කෙත නැති නාස්ති වෙලා. පොළොව හඬා වැලපෙනවා.+
මොකද ධාන්‍ය කරල් විනාශ වෙලා ගිහින්. අලුත් වයින්, තෙල් හිඳිලා ගිහින්.+
11 ගොවියෝ බයෙන් වෙවුලයි. මිදිවතු වවන අය කෑගහලා අඬයි.
මොකද තිරිඟු සහ බාර්ලි අස්වැන්න විනාශ වෙලා.
කෙත්වතුවල පලදාව නැති නාස්ති වෙලා.
12 මිදිවැල වේළිලා ගිහින්. අත්තික්කා ගහ මැලවිලා.
දෙළුම්, ඇපල්, තාල ගස් ඇතුළු කෙත්වතුවල තියෙන අනිත් හැම ගහක්ම මැරිලා ගිහින්.+
සතුටින් හිටිය සෙනඟ දැන් ලැජ්ජාවට පත් වෙලා.
මගේ දෙවියන්ගේ සේවකයෙනි, ඇතුළට ඇවිත් රෑ පුරාම ගෝණි රෙදි ඇඳගෙන ඉන්න.
මොකද ඔබේ දෙවියන්ගේ ගෘහයේ දැන් ධාන්‍ය පූජාවත්+ පාන පූජාවත්+ ඔප්පු කරන්නේ නැහැ.
වැඩිමහල්ලන්ටත් දේශයේ වැසියන්ටත් එන්න කියන්න.
ඔබේ දෙවි යෙහෝවාගේ ගෘහයට+ ඒ හැමෝවම එකතු කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න.
15 යෙහෝවා දෙවියන්ගේ දවස ළඟයි.+
ඒක මොන තරම් භයානක දවසක්ද!
ඒ දවස පැමිණෙන්නේ සියලු බලැති දෙවියන් සිදු කරන මහත් විනාශයක් එක්කමයි.
16 අපි බලන් ඉද්දීම අපේ කෑම පැහැරගත්තා.
අපේ දෙවියන්ගේ ගෘහයේ සතුටින් කෑගහන අයගේ හඬ දැන් ඇහෙන්නේ නැහැ.
17 සවල යට තියෙන බීජ* කුණු වෙලා.*
ගබඩා කාමර හිස් වෙලා.
ධාන්‍ය වේළිලා ගිය නිසා අටුකොටු කඩලා දාලා.
18 සතුනුත් වේදනාවෙන් කෑගහනවා.
තණබිම් හොයාගන්න බැරුව ගව රංචු ඉබාගාතේ යනවා.
මිනිසුන්ගේ වැරදිවලට බැටළුවොත් වන්දි ගෙවනවා.
19 අනේ යෙහෝවා, උදව් ඉල්ලලා මම අඬගහන්නේ ඔබටයි.+
මොකද පාළුකරයේ තණබිම් ගින්නෙන් දැවිලා ගිහින්.
කෙත්වතුවල ගස් කොළන් ගින්නෙන් නාස්ති වෙලා.
20 වනසතුනුත් ඔබෙන් උදව් ඉල්ලනවා.
මොකද ඇළදොළ ගංගා හිඳිලා ගිහින්.
පාළුකරයේ තණබිම් ගින්නෙන් දැවිලා ගිහින්.”
2 “ජනයෙනි, සියොන්වලදී හොරණෑව පිඹින්න.+
මගේ ශුද්ධ කන්දේදී යුධ ඝෝෂාවක් නඟන්න.
බලන්න, ගණන් කරන්න බැරි තරම් විශාල, බලවත් සෙනඟක් ඉන්නවා!+
ඒ වගේ සෙනඟක් මීට කලින් කවදාවත් ඉඳලත් නැහැ,
මතු පැමිණෙන කිසිම පරම්පරාවක ආයේ ඉන්නෙත් නැහැ.
3 ඔවුන්ට ඉදිරියෙන් හැම දේම නැති නාස්ති කරන ගින්නක් ඇවිළෙයි.
ඔවුන්ට පිටුපසිනුත් සියල්ල විනාශ කරන ගින්නක් විහිදෙයි.+
ඔවුන් දේශය මැදින් යන්න කලින් ඒක ඒදන් උයන වගේ.+
ඒත් ඔවුන් ගියාට පස්සේ ඒක පාළුකරයක් වගේ.
ඒ ගින්නෙන් හැම දේම දැවිලා අළු වෙලා යනවා.
ඔවුන් යුද්ධයට පෙළ ගැහිලා ඉන්න බලවත් සේනාවක් වගේ.+
6 ඔවුන් නිසා මිනිසුන්ට හුඟක් වේදනා විඳින්න වෙයි.
හැමෝම කලබල වෙලා බයෙන් වෙවුලයි.
7 සටන්කරුවන් වගේ ඔවුන් කඩාවදියි.
යුද සෙබළුන් වගේ පවුරු උඩට නඟියි.
ඒ එක් එක් කෙනා තමන්ට නියම කරපු මාර්ගයේම ගමන් කරනවා.
ඔවුන් කවදාවත් ඒ මාර්ගයෙන් පිට යන්නේ නැහැ.
8 ඔවුන් එකිනෙකාව තල්ලු කරන්නෙත් නැහැ.
එක් එක් කෙනා තමන්ගෙම මාර්ගයේ ඉඳන් ඉදිරියටම ගමන් කරනවා.
ඔවුන්ගෙන් සමහරු ඊතල වැදිලා වැටුණත්
අනිත් අය නවතින්නේ නැතුව ඉදිරියටම යනවා.
9 ඔවුන් නුවරට කඩාවැදිලා පවුර උඩ දිව යනවා.
ගෙවල්වලට නැඟලා සොරුන් වගේ ජනෙල්වලින් ඇතුල් වෙනවා.
10 ඔවුන්ව දැකලා දේශය කැලඹෙයි. අහස දෙදරුම් කයි.
හිරුත් සඳුත් අඳුරු වෙයි.+
තාරකාවල දීප්තිය නිවිලා යයි.
තමන් කියන දේ ඉටු කරන තැනැත්තා හුඟක් බලවත්.
යෙහෝවා දෙවියන්ගේ දවස ගරුබිය ඇති කරවන දවසක්.+
ඒ මහත් දවසට මුහුණ දෙන්න පුළුවන් කාටද?”+
12 “නිරාහාරව ඉඳලා+ හඬා වැලපෙන්න.
මුළු හදවතින්ම පසුතැවිලි වෙලා මං ළඟට ආයෙත් හැරිලා එන්න.+
ඒකට තාමත් අවස්ථාව තියෙනවා” කියලා යෙහෝවා ඔබට කියනවා.
13 “ඔබේ ඇඳුම් නෙවෙයි+ හිත ඉරාගෙන+ ඔබේ දෙවි යෙහෝවා ළඟට ආයෙත් එන්න.
මොකද ඔහු අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.
ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ නොසැලෙන ආදරයකින්* පිරුණු+ දෙවි කෙනෙක්.
තමන්ගේ සෙනඟ පිටට විපතක් ගේන්න ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.*
14 සමහරවිට ඔහු හිත වෙනස් කරගෙන ඔහු ගත්ත තීරණය ගැන ආයෙත් හිතලා බලයි.*+
ඔහු ඔබට ආශීර්වාද කරයි.
එතකොට ඔබට පුළුවන් වෙයි ඔබේ දෙවි යෙහෝවාට ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කරන්න.
15 සියොන්වල හොරණෑව පිඹින්න! ජනයාට කියන්න නිරාහාරව ඉන්න කියලා.
ඔවුන්ට කියන්න ශුද්ධ එක්රැස්වීමකට එන්න කියලා.+
16 ජනයාව එකතු කරගෙන ඔවුන්ව ශුද්ධ තත්වයකට ගේන්න.+
මහලු පුරුෂයන්වත්* දරුවන්වත් කිරි බොන ළදරුවන්වත් රැස් කරන්න.+
මනාලයාට තමන්ගේ ඇතුල් කාමරයෙන් එළියට එන්න කියන්න.
මනාලියට තමන්ගේ විවාහ යහනෙන් බැහැලා එන්න කියන්න.
‘අනේ යෙහෝවා, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න.
ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ දෙන්න එපා.
ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ දෙන්න එපා.
“ඔවුන්ගේ දෙවියන් කොහෙද” කියලා සමච්චල් කරන්න ඒ ජාතීන්ට ඉඩ දෙන්න එපා.’+
19 යෙහෝවා තමන්ගේ සෙනඟට මෙහෙම උත්තර දෙයි.
‘මම ඔබට ධාන්‍ය, අලුත් වයින් සහ තෙල් දෙන්නම්.
ඔබ සම්පූර්ණයෙන්ම තෘප්තියට පත් වෙයි.+
වෙනත් ජාතීන් අතරේ නින්දා විඳින්න මම තවදුරටත් ඔබට ඉඩ දෙන්නේ නැහැ.+
20 උතුරෙන් පැමිණෙන තැනැත්තාව මම ඔබෙන් ඈතට එළවලා දානවා.
මම ඔහුව වතුර නැති, පාළු දේශයකට පන්නලා දානවා.
ඔහුට ඉදිරියෙන් යන භටයන්ව නැඟෙනහිර තියෙන මුහුද* දිහාවටත්
ඔහුට පිටුපසින් එන භටයන්ව බස්නාහිර තියෙන මුහුද* දිහාවටත් එළවලා දානවා.
21 දේශය, බය වෙන්න එපා. සතුටින් ප්‍රීති ඝෝෂා නඟන්න.
මොකද යෙහෝවා හිතාගන්න බැරි පුදුම දේවල් කරනවා.
22 කැලෑවේ ඉන්න සත්වයෙනි, බය වෙන්න එපා.
මොකද පාළුකරයේ තණබිම් සරුසාරව වැඩෙයි.+
ගස් වැල් පලවලින් බර වෙයි.+
අත්තික්කා ගහෙනුත් මිදිවැලෙනුත් ඇති තරම් පල හටගනියි.+
23 සියොන්වල වැසියෙනි, සතුටු වෙන්න.
ඔබේ දෙවි යෙහෝවා කරන්න යන දේ ගැන ප්‍රීති වෙන්න.+
මොකද ඔහු වසන්ත කාලයේදී නියම ප්‍රමාණයටම වැසි වස්සනවා.
ඔබේ දේශය පිටට වැසි ඇද හැලෙන්න සලස්වනවා.
කලින් වගේම වසන්ත කාලයේදීත් සරත් කාලයේදීත් ඔබට වැසි ලබා දෙනවා.+
24 ඔබේ කමත් ධාන්‍යවලින් පිරිලා යයි.
මිදි පාගන තැන් වයින්වලිනුත්
ඔලීව ගෙඩි පාගන තැන් තෙල්වලිනුත් පිරිලා ඉතිරිලා යයි.+
25 මම ඔබට විරුද්ධව එවපු මගේ මහත් සේනාව+
අවුරුදු ගාණක් පුරා කරපු පාඩුවට මම ඔබට වන්දි ගෙවනවා.
මුලින්ම ආපු පළඟැටියන්, වැඩුණු පළඟැටියන්,
පියාපත් නැති පළඟැටියන් සහ හැම දේම විනාශ කරන පළඟැටියන්
ඔබට කරපු පාඩුවට සරිලන අස්වැන්නක් මම ඔබට ආයෙත් ලබා දෙනවා.
26 ඒ කාලයේදී ඔබ කාලා බීලා තෘප්තිමත් වෙයි.+
ඔබ වෙනුවෙන් පුදුම දේවල් කරපු ඔබේ දෙවි යෙහෝවාගේ නමට ඔබ ප්‍රශංසා කරයි.+
මගේ සෙනඟ ආයේ කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.+
27 ඒ කාලයේදී මම ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඉන්නවා+ කියලත්
මම ඔබේ දෙවි යෙහෝවා+ කියලත් මම හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලත් ඔබ දැනගනියි.
මගේ සෙනඟ ආයේ කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.
28 ඊටපස්සේ හැම පසුබිමකටම අයිති මිනිසුන්ට මම මගේ බලය ලබා දෙනවා.*+
එතකොට ඔබේ පුතාලත් දුවලත් අනාවැකි කියයි.
ඔබ අතරේ ඉන්න මහලු පුරුෂයෝ සිහින දකියි.
තරුණයෝ දර්ශන දකියි.+
29 ඒ දවස්වලදී මම මගේ දාස දාසීන්ටත් මගේ බලය ලබා දෙනවා.
32 ඒත් යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන හැමෝවම ඔහු ගලවගන්නවා.+
යෙහෝවා කියලා තියෙන විදිහටම, විනාශයෙන් ගැලවෙන අය+ සියොන් කන්දෙත් යෙරුසලමෙත් ඉඳියි.
බේරී ජීවත් වෙන ඒ හැමෝම යෙහෝවා දෙවියන් කැඳවපු අයයි.”
3 “ඒ දවස්වලදී, යූදාවලිනුත් යෙරුසලමෙනුත් අරන් ගිය වහලුන්ව
මම නිදහස් කරලා ආයෙත් දේශයට අරන් එනවා.+
2 ඒ කාලයේදී මම සියලු ජාතීන්ව එකතු කරලා
එහෙදී මම ඔවුන්ව විනිශ්චය කරනවා.+
මොකද ඔවුන් මගේ සෙනඟත් උරුමයත් වන ඊශ්‍රායෙල්වරුන්ව
ජාතීන් අතරට පන්නලා දැම්මා.
මගේ දේශය ඔවුන් අතරේ බෙදාගත්තා.+
3 ඔවුන් දාදු දාලා මගේ සෙනඟව ඔවුන් අතරේ බෙදාගත්තා.+
ගණිකාවකගේ කුලිය ගෙවන්න ඔවුන් දරුවෙක්ව විකුණුවා.
වයින් ටිකක් බොන්න දැරියක්ව විකුණුවා.
4 තීර්, සීදොන් සහ පිලිස්තියේ හැම පළාතකම ඉන්න වැසියෙනි,
ඔබ මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි?
මොකක් හරි හේතුවක් නිසා ඔබ මගෙන් පළිගන්නද හදන්නේ?
ඔබ හදන්නේ මගෙන් පළිගන්න නම්,
මම ඉක්මනටම ඔබට ලැබිය යුතු දඬුවම ලබා දෙනවා.
ඔබ කළ දේට සුදුසු දඬුවම ප්‍රමාද නොවී ඔබ පිටට ගේනවා.+
5 මොකද ඔබ මගේ රන් රිදී කොල්ල කාලා,+
මගේ වටිනාම වස්තු ඔබේ දේවාලවලට අරන් ගියා.
6 ඔබ යූදා සහ යෙරුසලමේ වැසියන්ව ග්‍රීක ජාතිකයන්ට විකුණුවා.+
ඔබ එහෙම කළේ ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව ඈතට යවන්නයි.
7 ඒත් ඔබ ඔවුන්ව වහල්කමට යවපු තැන්වලින් මම ඔවුන්ව ආයෙත් අරන් එනවා.+
ඔබ ඔවුන්ට කරපු දේම මම ඔබටත් කරනවා.
8 මම ඔබේ පුතුන්ව සහ දූවරුන්ව යූදා දේශයේ වැසියන්ට විකුණනවා.
යූදා දේශයේ වැසියෝ ඔවුන්ව දුර ඈත තියෙන ෂෙබා දේශයේ වැසියන්ට විකුණනවා.+
ඒක ඒ විදිහටම වෙනවා කියලා යෙහෝවා වන මමම සහතික වෙනවා.
9 ජනයෙනි, ජාතීන්ට මෙහෙම දැනුම් දෙන්න.+
‘යුද්ධයට සැරසෙන්න! යුධ දක්ෂයන්ව එකතු කරගන්න!
ඉදිරියට ඇවිත් පහර දෙන්න කියලා සෙබළු හැමෝටම කියන්න!+
10 ඔබේ නගුල්වලින් කඩුත් දෑකැතිවලින් හෙල්ලත් හදාගන්න.
දුර්වල කෙනා “මම ශක්තිමත්” කියලා කියනු ලැබේවා!
11 අවට ඉන්න හැම ජාතියකටම අයිති ජනයෙනි, ඇවිත් එකිනෙකාට උදව් කරන්න.’”+
යෙහෝවා දෙවියනි, ඔබේ බලවත් සටන්කරුවන්ව එතනට අරන් එන්න.
12 “සියලු ජාතීන් අවදි වෙලා යෙහෝෂපාට්ගේ නිම්නයට පැමිණේවා!
එහෙදී මම ඉඳගෙන ඒ සියලු ජාතීන්ව විනිශ්චය කරනවා.+
13 අස්වැන්න නෙළන කාලය ඇවිත්. දෑකැත්ත අතට අරන් කපන්න.
මිදි පාගන තැන මිදිවලින් පිරිලා. ඇවිත් ඒවා පාගන්න.
වයින් පුරවන භාජන පිරිලා ඉතිරිලා ගිහින්.+
මොකද ඔවුන්ගේ දුෂ්ටකම්වලට සීමාවක් නැහැ.
14 බලන්න, තීන්දුව දෙන නිම්නයේ* විශාල සමූහයක් රැස් වෙලා!
මොකද යෙහෝවා දෙවියන්ගේ දවස ළඟටම ඇවිල්ලා.
තීන්දුව දෙන නිම්නයේදී ඒක දැකගන්න ලැබෙයි.+
15 එදාට හිරු, සඳු අඳුරු වෙයි.
තාරකාවල දීප්තිය නිවිලා යයි.
16 යෙහෝවා සියොන්වල ඉඳන් සිංහයෙක් වගේ ගර්ජනා කරයි.
යෙරුසලමේ ඉඳන් උස් හඬින් කෑගහයි.
අහසත් පොළොවත් දෙදරුම් කයි.
ඒත් තමන්ගේ සෙනඟට යෙහෝවා රැකවරණය දෙයි.+
ඔහු ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් වෙයි.
18 ඒ දවසේදී අලුත් වයින් කඳු දිගේ ගලාගෙන එයි.+
කඳු මුදුන්වලින් කිරි ඇද හැලෙයි.
යූදාවල ඇළදොළ වතුරෙන් පිරිලා ඉතිරිලා යයි.
යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් දිය උල්පතක් ගලාගෙන ඇවිත්+
ඇකේෂියා ගස් තියෙන නිම්නය පෝෂණය කරයි.
19 ඊජිප්තුව නම් පාළු දේශයක් වෙනවා.+
ඒදොම්, අත්හැරලා දාපු පාළුකරයක් වෙනවා.+
මොකද ඔවුන් යූදා දේශයේ සෙනඟට දරුණු විදිහට හිරිහැර කළා.+
එහෙදී අහිංසකයන්ගේ ලේ හැලුවා.+
20 ඒත් යූදා දේශය හැමදාටම මිනිසුන්ගෙන් පිරුණු තැනක් වෙයි.
යෙරුසලමත් හැම පරම්පරාවකදීම ජනාකීර්ණ නගරයක් වෙයි.+
21 ඔවුන් දැන් වැරදිකරුවන් වුණත්* ඒ කාලයේදී මම ඔවුන්ව නිදොස් අය විදිහට සලකනවා.+
යෙහෝවා දෙවියන් දිගටම සියොන්වල වාසය කරයි.”+
තේරුම, “යෙහෝවා තමයි දෙවියන්.”
හෝ, “පොළොවේ.”
හෝ, “පලදාව කාලා දාන.”
හෝ, “පියාපත් තියෙන.”
හෝ, “පිලවා.”
හෝ, “තරුණියක්.”
හෝ, “පපුවට ගහගන්න.”
හෝ සමහරවිට, “වියළි අත්තික්කා.”
ඒ කියන්නේ සවලෙන් පස් උස්සලා බලද්දී ඔවුන් පැළ කරපු බීජ කුණු වෙලා කියලා දකිනවා.
හෝ, “පොළොවේ.”
“පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “තීරණය ගැන දුක් වෙයි.”
හෝ, “දුක් වෙයි.”
හෝ, “වැඩිමහල්ලන්වත්.”
ඒ කියන්නේ මළ මුහුද.
ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
මූ.අ., “මගේ බලය වගුරුවනවා.”
තේරුම, “යෙහෝවා තමයි විනිශ්චයකරු.”
හෝ, “තැනිතලාවට.”
හෝ, “තැනිතලාවේ.”
හෝ, “විදේශිකයන්.”
හෝ, “ඔවුන් ලේ හලලා තිබුණත්.”