ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය යෝනා පොතේ සාරාංශයක් යෝනා පොතේ සාරාංශයක් 1 යෝනා යෙහෝවා දෙවියන් දුන්න පැවරුම දාලා යන්න හදයි (1-3) යෙහෝවා මහ කුණාටුවක් ඇති කරයි (4-6) කුණාටුවට හේතුව යෝනා (7-13) යෝනාව මුහුදට දායි (14-16) ලොකු මාළුවෙක් යෝනාව ගිලගනියි (17) 2 මාළුවාගේ බඩේ ඉද්දී යෝනා කරපු යාච්ඤාව (1-9) යෝනාව ගොඩබිමට වමාරයි (10) 3 යෝනා දෙවියන්ට කීකරු වෙලා නිනිවයට යයි (1-4) යෝනා කියපු පණිවිඩය අහලා නිනිවයේ මිනිස්සු පසුතැවිලි වෙයි (5-9) නිනිවය විනාශ කරන්නේ නැතුව ඉන්න දෙවියන් තීරණය කරයි (10) 4 යෝනා කේන්ති අරන් මැරෙන්න ඕනෙ කියලා කියයි (1-3) යෙහෝවා දයාව ගැන පාඩමක් යෝනාට උගන්නයි (4-11) “ඔයා මෙච්චර කේන්ති ගන්න එක හරිද?” (4) ලබු වැල පාවිච්චි කරලා උගන්නපු පාඩම (6-10)