එෆීස
2 ඔබේ පව්කාර ස්වභාවය හා ඔබ කළ වැරදි නිසා කලින් ඔබ මැරී සිටියත්+ ඔබව ජීවත් කළේ දෙවිය. 2 කලක් ඔබ ඔබේ ජීවිතය ගත කළේ මේ සමාජයේ සිටින අය ජීවත් වන ආකාරයටය.+ ඔබ හසු වී සිටියේ මේ සමාජයේ සිටින මිනිසුන්ට බලපෑම් කරන තැනැත්තාගේ බලපෑමටයි.+ ඔහුගේ එම බලපෑම අප හුස්ම ගන්නා වාතය මෙන් හාත්පස පැතිර පවතී. දෙවිට අකීකරු සියලුදෙනා+ එම බලපෑමට හසු වී සිටිති.+ 3 කලක් අපිද ඔවුන් සමඟ අපගේ වැරදි ආශාවන් පිනවමින් කටයුතු කළෙමු.+ අප කළ දේවලට අපගේම ආශාවන් සහ සිතුවිලි බලපෑවේය.+ එහෙයින් අන් අය මෙන් අපිද උපන් දා පටන් දෙවිගේ උදහස ලැබීමට සුදුසු අය වූයෙමු.+ 4 නමුත් දයාවෙන් පිරී දෙවි+ අපට ඉමහත් ප්‍රේමයක් පෙන්වූ නිසා,+ 5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ 6 එහෙයින් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස අප සියලුදෙනාවම ඉහළට ඔසවා+ ස්වර්ගීය ස්ථානවල+ ක්‍රිස්තුස් සමඟ එකට සිටීමට දෙවි අපට අවස්ථාව ලබා දුන්නේය. 7 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අපට+ එලෙස දයාව පෙන්වීමෙන් තම මහත් කරුණාව ඕනෑම ධන සම්භාරයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද+ කියා දෙවි පෙන්නුම් කළේය. ඒ බව පැහැදිලි වන්නේ මතු කාලයේදීය.*+
8 විශ්වාසයක් ඇතුව සිටින ඔබ, ගැලවී ඇත්තේ එම මහත් කරුණාව නිසාය.+ නමුත් ඒ සියල්ල සිදු වන්නේ ඔබේ උත්සාහය නිසා නොවේ.+ එය දෙවි ලබා දෙන දීමනාවකි.+ 9 එම ගැලවීම ඔබේ ක්‍රියාවන් හේතුවෙන් ලැබෙන දෙයක් නොවන නිසා+ කිසි කෙනෙකුට ආඩම්බර වීමට කිසිම පදනමක් නැත.+ 10 මන්ද අපව සෑදුවේ ඔහුය.+ දෙවි අපව ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස+ සෑදුවේ+ යහපත් ක්‍රියා කිරීමට අපට හැකි වීම සඳහාය.+ අප ඒ දේවල් කළ යුතු බව දෙවි කල්තියාම තීරණය කළේය.+
11 එහෙයින් ඔබ උපතින් වෙනත් ජාතීන්ට අයත්ව සිටි බව මතක තබාගන්න.+ මිනිසුන් විසින් “චර්මච්ඡේදනය” කරනු ලැබූ අය ඔබව හැඳින්වූයේ “අචර්මච්ඡේදිත” අය ලෙසය.+ 12 ඒ කාලයේදී ඔබ ක්‍රිස්තුස් ගැන දැන සිටියේ නැත.+ එලෙසම ඔබ ඊශ්‍රායෙල් ජාතියෙන් ඈත්ව+ සිටි විදේශිකයන් වූ නිසා පොරොන්දුවට සම්බන්ධ වූ ගිවිසුම්වලට ඔබ කිසිම ආකාරයකින් සම්බන්ධ වී සිටියේ නැත.+ ඔබ මෙලොවෙහි ජීවත් වෙමින් සිටියේ බලාපොරොත්තුවක් නැතුවය.+ දෙවි ගැන දැනුමක්ද නැතුවය.+ 13 නමුත් ක්‍රිස්තුස් යේසුස් සමඟ දැන් එකට බැඳී සිටින ඔබ කලින් දෙවිගෙන් ඈත් වී සිටියත් ක්‍රිස්තුස්ගේ රුධිරය+ පදනම් කරගෙන දැන් දෙවිට ළං වී සිටින්නහුය. 14 අපට සමාදානය ගෙන දුන්නේ ක්‍රිස්තුස්ය.+ කණ්ඩායම් දෙකක් ලෙස වෙන්ව සිටි අයව+ ඔහු එක කණ්ඩායමක් බවට පත් කර+ ඇති අතර ඒ කණ්ඩායම් දෙක වෙන් කර තැබූ+ තාප්පයද+ කඩා දැමුවේය. 15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය. 16 එමෙන්ම ඔහු තම ජීවිතය වධකණුව+ මත පූජා කළ නිසා ඒ කණ්ඩායම් දෙකටම දෙවි සමඟ සමාදාන වීමට+ මඟ පෑදුණේය. ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායම් දෙක එක ජාතියක්*+ බවට පත් විය. මන්ද තම මරණයෙන් ඔහු ඔවුන් අතර සතුරුකමක් ඇති කළ දෙය නැති කළේය.+ 17 ඔහු පැමිණ ළඟ සිටින අයට මෙන්ම දුර සිටින ඔබටත්+ සමාදානය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළේය.+ 18 මන්ද ඔහු මාර්ගයෙන් අපට එනම්, කණ්ඩායම් දෙකටම+ පියාණන් වෙතට ළං වීමේ ප්‍රස්තාව ලැබේ.+ ඒ දේ සිදු වන්නේ දෙවිගේ බලය මාර්ගයෙනි.+
19 එහෙයින් දැන් ඔබ අමුත්තන්+ හෝ විදේශිකයන්+ හෝ නොවේ. ඒ වෙනුවට ඔබ ශුද්ධ තැනැත්තන්+ සමඟ එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියෝය.+ ඔබ දෙවිගේ පවුලේ සාමාජිකයෝය.+ 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+ 21 ඔහු සමඟ එකට බැඳී පවතින ඒ මුළු ගොඩනැඟිල්ලේ සියලු කොටස් එකමුතුකමින් එකිනෙකා සමඟ බැඳී පවතින නිසා+ එය යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාවක් ලෙසට ගොඩනැඟෙමින් පවතී.+ 22 ඔහු සමඟ එකට බැඳී සිටින+ ඔබව එක ගොඩනැඟිල්ලක් සේ ඉදි කරනු ලබන්නේ දෙවිට වාසය කිරීම සඳහාය. දෙවි එසේ වාසය කරන්නේ තම බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට සැලැස්වීමෙනි.+